Celebrity Gossip

සුරඟන කිරිල්ලිය – කිෂානි අලංකි

අපේ ගායන ලෝකයට කාලයෙන් කාලේට එක එක රිද්ම වල ගීත එකතු වෙනවා. කොහොම වුණත් ඒ රැල්ල තියෙන්නේ කෙටි කාලයයි. තව ගීතයක් වගේම වෙනත් ගායකයෙක් වෙනස් තාලයේ ගීතයක් ගායන කරපුවහම කලින් ගායකයා වගේම ඔවුන්ගේ ගීතත් පරණ වෙනවා. හැබැයි ඉතින් ඒ විදියට කවදාවත් පරණ වෙන්නේ නැති ගීතත් අපේ කලා ලෝකයේ තියෙනවා. අන්න ඒ වගේ හැමෝගෙම ආදරය දිනාගත් ගීතයක් තමයි ඉන්ෆාස් සහ දේවශ්‍රී ගායන කළ සුංගන කිරිල්ලියේ ගීතය. ඉතින් අද අපි ඔබ වෙත ගෙන එන්න සුදානම් වන්නේ සුංගන කිරිල්ලියේ ගීතයට රංගනයෙන් දායක වුණු ජනප්‍රිය නිළි කිෂානි අලංකිගේ වගතුග සමඟින් ඇගේ සොඳුරු ජායාරූප එකතුවක්.

සුංගන කිරිල්ලියේ ගීතයට වගේම මේ ගීතය රූප රචනා කළ සුන්දර තරුණියටත් ප්‍රේක්ෂක ආදරය දිනාගන්න පුළුවන් වුණා. ඉතින් මේ හැමෝගෙම ආදරය දිනාගත්ත රංගන ශිල්පිනිය තමයි කිෂානි අලංකි කියන්නේ. ඇය කොළඹ ජාත්‍යන්තර පාසලේ මූලික අධ්‍යාපනය හදාරා ඇති අතර නීතිය පිලිබඳ උපාධියක්ද හදාරා තියෙනවා. ඇයට වයස අවුරුදු 15 දී ඩේලි මිර(ර්) හි ජායාරූප ශිල්පියෙක් විසින් තමයි ඇයව සොයාගෙන තියෙන්නේ. ඉතින් ඊට පස්සේ නිරූපිකාවක් විදියට හැමෝගෙම ආදරය දිනාගෙන හිටපු ඇය සුරඟන කිරිල්ලියේ ගීතයත් එක්ක රංගනයට පිවිසෙනවා.

ඉන් පස්සේ ඇය සන්ලයිට් වෙළෙඳ දැන්වීම හරහා ගොඩක් ප්‍රසිද්ධියට පත් වෙනවා. ඊට පස්සේ විවිධ කලා නිර්මාණ හරහා වගේම විවිධ නිරූපණ කටයුතු හරහාත් ඇය ගොඩක් ජනප්‍රිය වුණා. කොහොම වූනත් ඇය දැන් නම් කලා ලෝකයේ වැඩිය දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේ වෙනකොට හැමෝටම අමතක වෙලා ඉන්න කිෂානි අලංකි දැන් ගෙවන සුන්දර ජීවිතේ ජායාරූප එකතුවක් මීළඟට අපි ඔබ වෙත අරගෙන එනවා.