Celebrity Gossip

එළිමහන් ප්‍රසංග වලට නැතුවම බැරි හදවතේ ගායකයා චාමර වීරසිංහගේ සොඳුරු කැදැල්ලේ ජායාරූප එකතුවක්

හදවතේ ගායකයා ලෙස ප්‍රේක්ෂක ආදරයේ වරම් ලැබූ චාමර වීරසිංහගේ ආදරණීය බිරිඳ, පුතා සහ දුව සමඟ දැන් ගෙවන ජීවිතය ඉතාමත් සුන්දරයි. ඒ වගේම හරිම ලස්සනයි. ලාංකික බොහෝ පිරිසකගේ හදවතේ ගායකයා ලෙස අදටත් ඉහලින්ම සිටින ගායකයෙක් තමයි ඔහු. ඉතින් අපි අද චාමර වීරසිංහ නම් වූ නිහතමානී සොඳුරු ගායකයාගේ තොරතුරු සමඟින් ඔහුගේ ආදරණීය කැදැල්ලේ ජායාරූප එකතුවක් ඔබ වෙත ගෙන එන්නට සුදානම් වෙනවා.

එදා වගේම අදටත් ජනප්‍රියත්වය එක ලෙස රැකගෙන ආපු නිහතමානී චරිතයක් විදියට ඔහුව හඳුන්වන්න පුළුවන්. චාමර වීරසිංහ කියලා කියන්නේ එළිමහන් ප්‍රසංග වලට නැතුවම බැරි ගායකයෙක්. ඊට හේතුව තමයි ඔහුගේ හඬ. ඔහුගේ ඒ ගැඹුරු හඩට ප්‍රේක්ෂකයෝ ගොඩක් ආදරය කරන නිසයි. ඔහු නැති ප්‍රසංගයක් නොමැති තරම්. ඒ තරමටම බාල මහලු කාගේත් සිත් ඇඳබැඳ ගන්නට ඔහු සමත් වෙලා තියෙනවා. ඒ වගේම ජනතාවගේ ගායකයා ලෙස සම්මානය ද ඔහු කිහිප වතාවක්ම එක දිගට වසර ගණනාවකටම වසරේ හොඳම ගායකයාට හිමි සම්මානය ද හිමිකර ගන්න ඔහු සමත් වුණා. ඔහුගේ හුඟක්ම ජනප්‍රිය වුණු ගීත විදියට ඔය සුසුම් පවන්, සඳට සඳ එළියක්, අඩි සීයේ පාර ගාව, රෝස තොල්පෙති ඒ වගේම ඇතුගල් වෙහෙර නම් කරන්න පුළුවන්. ඔහු මේ තරම් ජනප්‍රිය වෙන්න හේතුවක් විදියට ඔහුගේ නිහතමානීකම වගේම ඔහුගේ ගැඹුරු හඬත් රසික සිත්වලට කාවැදුණු නිසයි. ඔබට මතක ඇති මීට වසර කිහිපයකට පෙර ඔහු පර්පල් රේන්ජ් කණ්ඩායමේ ගායකයෙකු ලෙසත් වැඩකරලා තිබුනා. ඒ වගේම පළමු විවාහයට සමු දුන් ඔහුට එක් දියණියක් සිටිනවා. නැවතත් ඔහු ප්‍රසංගි නමැති රූමත් තරුණිය සමඟ විවාහයට පා තබනවා. මේ වනවිට ඇයත් ආදරණීය මවක්. ඒ වගේම ලස්සනම ලස්සන හුරතල් චුටි පුතෙකුත් ඔවුන් දෙදෙනාට ඉන්නවා. ඒ වගේම ප්‍රථම විවාහයේ ආදරණීය දියණිය තම සොඳුරු කැදැල්ලේම ජීවත් වන බවයි චාමර වීරසිංහ නම් කියන්නේ. ඉතින් රටක් ආදරය කරන හදවතේ ගායකයා චාමර වීරසිංහගේ සොඳුරු කැදැල්ලේ ජායාරූප එකතුවක් මීළඟට ඔබ වෙත ගෙන එන්නට අප සුදානම්.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.