Celebrity Gossip

ජනප්‍රිය රංගන ශිල්පි රොෂාන් රණවන පුංචි පුතා සමඟින් ගෙවන සුන්දර ජීවිතයේ ඡායාරූප එකතුවක්

රොෂාන් රණවන කියලා කියන්නේ දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක් වගේම ජනප්‍රිය නිරූපන ශිල්පියෙකි. කාලයක් පෙම්වතාගේ චරිතය තුළින්ම සිනමාපටවල දකින්නට ලැබුණු ඔහු ලංකාවේ තරුණියන්ගේ ආදරය දිනා ගැනීමට සමත් වුණා.1981 වසරේ මාර්තු මස 23වන දින උපන් රොෂාන්ට දැන් වයස අවුරුදු 40ක් වනවා නමුත් තවමත් රොෂාන් අවුරුදු 20සේ කොල්ලෙක් වගේ. ඒ වගේම රොෂාන් විසින් රංගනයෙන් දායක වුන සියලුම සිනමාපට ලංකාවේ හමොගේම ආදරේ දිනාගත්තා ‘හිරිපොද වැස්ස’ ‘ආසයි මම පියාබන්න’ ‘සුවඳ දැනුනා ජීවිතේ’ කියන සිනමාපය විශේෂයි.රොෂාන් මේ ක් ෂේත්‍රයට ආපු ආකාරය ගැන පවසන්නේ මේ ආකාරයෙන් , “2004 වසරේදී හිරි පොද වැස්ස චිත්‍රපටයෙන් තමයි මම මේ ක්ෂේත්‍රයට එන්නේ. මගේ පළමු චිත්‍රපටයෙන්ම මම ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින්ම ජනප්‍රියත්වයට පත් වුණා. මම කවදාවත් හිතුවේ නෑ මගේ පළමුවන රංගනයෙන්ම මට ඒ තරම් ආදරයක් හිමි වෙයි කියලා. මම හිතන්නේ ඒක මගේ දෛවය තමයි. 2006 වර්ෂයේ දී තමයි හිරි පොද වැස්ස චිත්‍රපටය තිර ගත වුණේ. 2007 වසරේදී නැගී එන හොදම නළුවාට හිමි ජනාධිපති සම්මානය පවා මට ලැබෙනවා. මම හිතන්නේ ඒ සම්මානය මගේ ජීවිතයේ ලොකු සංධිස්ථානයක් වුණා. මට මේ ක්ෂේත්‍රයේ ඉදිරියට එන්න මම හොද අඩිතාලමක් දමා ගත්තා කියලා මම හිතනවා.”යනුවෙනි.රොෂාන් පසුගිය කාලයෙනම් වැඩිය කකලා නිර්මාණ හරහා දකින්න ලැබුනේ නෑ. මේදිනවල රටේ පවතින තත්වය නිසා නිර්මාණ වලට දායක වෙන්න ලැබුනේ නෑ කියලයි රොෂාන් කියන්නේ කොහොම වුනත් රොෂාන් සමාජ ජාලාවලනම් ගොඩක් ක්‍රියාශීලී චරිතයක්. ඉතින් තරුණියන්ගේ ආදරේ නොඅඩුව ලැබෙන මේ රංගන ශිල්පියා මේ වනවිට විවාහකයි ඔහු විවාහ වෙලා ඉන්නේ කුශ්ලානි ප්‍රනාන්දු සමග. ඒ වගේම දැන් මේ අය දෙමාපියන්, ඉතින් හැමෝම ගොඩක් ආදරේ කරන රොෂාන්ගේ සුන්දර කැදැල්ල ඡායාරූප කිහිපය්ක් තමයි මේ

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.