Celebrity Gossip

වැඩියෙන්ම ප්‍රතිචාර එන්නේ කෙල්ලොන්ගෙන් තමයි – කෙල්ලොන්ව වශී කරගත් රදීෂ් කියන කතාව​

දෙරණ රූපවාහිනි නාලිකාව ඔස්සේ විකාශනය වන “දෙවෙනි ඉනිම” ටෙලි නාට්‍ය කියලා කියන්නේ ප්‍රේක්ෂකයන් ඉතාමත් ආදරයෙන් නරඹන මෙගා ටෙලි නාට්‍යයක් කියලා කිව්වොත් නිවැරදියි. මේ ටෙලිනාට්‍යයේ රදීශ් ගේ  චරිතයට රංගන දායකත්වය  ලබාදෙන ඉෂාර​ මධුෂාන් කියලා කියන්නේ බොහෝ දෙනෙක්ගේ ආදරයට වගේම කතාබහට ලක්වෙන දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක්. ඔහු පසුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට එකතු වෙලා මෙන්න මේ විදියට කතාබහ කරලා  තිබුණා.

ඔහු රංගනයට පිවිසි ආකාරය පිළිබඳව මේ ආකාරයට සඳහන් කරලා තිබුනා. “මම 2018 වර්ෂයේ දී ITN අවුරුදු කුමරා තරගයෙන් තුන් වන ස්ථානය හිමිකරගන්නවා. ඊට පස්සේ 2019 වසරේ දී හිරු අවුරුදු කුමරා ලෙස ජයග්‍රහණය හිමිකරගන්නවා.  ඊටත් පස්සෙ රාවණා season 3 එකේ සාම්පති කියන චරිතයට රඟපාන්න අවස්ථාව මට හිමි වෙනවා. ඔය අතරේ මට දෙරණ ආයතනයේ උප සභාපතිතුමා දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ රදීෂ් ගේ චරිතයට ඇරැයුම් කරනවා. ඉතින් ඒ අනුව තමයි රසික රසිකාවියන් මාව අඳුරගන්නේ. මම මේ වෙද්දි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යුත් හා විදුලි ඉංජිනේරු වරයෙක් විදියට උපාධිය සම්පූර්ණ කරලයි ඉන්නෙ. තාම  වෘත්තිය ඉංජිනේරුවරයෙක් හැටියට රැකියාව පටන් ගත්තේ නැහැ. ඔය අතරේ තමයි මට රඟපාන්න අවස්ථාව හිමිවෙන්නේ.”

1.

රදීෂ් ගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර පිළිබඳව ඔහු දක්වලා තිබුණේ මෙවැනි අදහසක්. “ටෙලිනාට්‍යයේ මම රඟපාපු කොටස් විකාශනය වෙන්න ගත්ත මුල් සතියේ වගේ මට හිතාගන්නවත් බැරි තරම් ප්‍රතිචාරයන් ලැබෙන්න පටන් ගත්තා. වැඩිම ප්‍රතිචාරයන් හිමිවන්නේ නම් තරුණියන්ගෙන් තමයි.. මගේ facebook සහ Instagram followers ල වේගයෙන් වැඩි වෙන්න පටන් ගත්තා. සමාජයේ කටයුතු කරද්දී ගොඩක් දෙනා දැන් මාව හඳුනගෙන ඉන්නවා.”

ඉංජිනේරු වෘත්තීය ද රංගනය ද තෝරා ගැනීමට බලාපොරොත්තු වන්නේ කියලා අහපු ප්‍රශ්නයට ඔහු දීලා තිබුණේ මෙවැනි පිළිතුරක්.  “මම තවම රංගනයට ආධුනිකයෙක්. ඒ වගේම තමයි රංගනයට ද වැඩිපුර කැමති ඉංජිනේරු ක්ෂේත්‍රයට ද වැඩිපුර කැමති කියලා මට තවම කියන්න බැහැ. මම මේ වන විටත් ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසිලායි ඉන්නේ. මම මගේ වැඩිමල් සොයුරා සමඟ වාහන අලෙවි ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. අනාගතයේ දී රංගනය වගේම මගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න නිදහස තියෙන ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්නත් බලාපොරොත්තු වෙනවා.”

2.

ඉෂාර ආදර ජීවිතයේ පිළිබඳව මේ විදියට කියලා තිබුණා. “මම තවම කාටවත් ආදරය කරන්නේ නැහැ.  මම හිතනවා තවම ඒකට කල් තියෙනවා කියලා. ආදරය කියන්නේ සුන්දර දෙයක්. කවද හරි මට ආදරේ කරන සුන්දර යුවතියකට මමත් ආදරය කරාවි. ආදරය කරන්න එයා යෙදෙන වෘත්තිය මම බලන්නේ නැහැ.  එයා මට ආදරේ කරනවද එයා මට ගැළපෙනවාද කියන එක විතරයි මට වැදගත් වෙන්නේ.” කියලයි ඉෂාර අවසානයේ පවසලා තිබුනෙ.ඉතින් කෙල්ලන් වශී කරගෙන ඉන්න ඉෂාරගේ කඩවසම් ඡායාරූප කිහිපයක් අපි ඔබ වෙත ඉදිරිපත් කරනවා.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.