Celebrity Gossip

සංජීවනී සැමියාගේ උපන් දිනය වෙනුවෙන් සමාජ මාධ්‍යයේ තැබූ ආදරණීය සටහන​

සංජීවනී වීරසිංහ කියලා කියන්නේ අපේ රටේ ඉන්න ඉතාමත්ම දක්ෂ ගායන ශිල්පිනියක්. ඒ විතරක් නෙවෙයි ඇය දක්ෂ රංගන ශිල්පිනියක් විදියටත් කටයුතු කරනවා. සංගීත ක්ෂේත්‍රය තුල ඇගේ මියුරු කටහඬටම ආවේනික වුණු අනන්‍යතාවයක් ගොඩනඟා ගැනීමට ඇය සමත් වෙලා තියෙනවා. ඉතින් අපි අද සුදානම් වන්නේ මේ ප්‍රවීණ කලා ශිල්පිනියගේ වගතුග සමඟින් ඇගේ සුන්දර කැදැල්ලේ ජායාරූප එකතුවක් ඔබ වෙත ගෙන එන්නටයි.

ප්‍රවීණ කලා ශිල්පිනී සංජීවනී වීරසිංහ තමන්ගේ හොඳ නම රැකගනිමින් ගෞරවනීය ලෙස ඇය තම කලා ගමන යනවා. සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි එක්ක එකතු වෙලා ඉන්න සංජීවනී වීරසිංහ හට ද විවිධ රටවල සංචාරය කරන්න වාසනාව උදා වෙනවා. ඉතින් මේ දිනවල රූපවාහිනියෙන් දකින්නට නොමැති වුණත් ඇය සමාජ මාධ්‍ය ජාලා වල නම් ක්‍රියාකාරී චරිතයක්.මේ වනවිට ඇය විවාහ දිවියට එළඹිලා ආදරණීය සැමියා සහ දරුවන් දෙදෙනා සමඟ ඉතාමත්ම ආදර්ශමත් ජීවිතයක් තමයි ගත කරන්නේ. ඒ විතරක් නෙවෙයි මීට දින කිහිපයකට කලින් සංජීවනී වීරසිංහගේ ආදරණීය සැමියාගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ තරම් කාලයක් තමන්ව හොඳින් බලාගත්ත තමන්ගේ දරුවන්ට හොඳ ආදර්ශමත් පියෙක් වුණු තමන්ට හොඳ සැමියෙක් වුණු ඔහුට ඇය විශේෂ ආකාරයෙන් තමයි සුභ පැතුම් එක් කරලා තිබුණේ.

“අවැසි ඔබට පතන්නට සුභ උපන්දිනයක් හදවතින්ම. මගේ සැමියා වුණු නිසා පමණක් නෙවෙයි. විලාසිතාවක් ලෙසටත් නෙවෙයි. හැම වසරකදීම කරන නිසාත් නෙවෙයි. ඔබ මවෙත මගේ පවුල වෙත ලබාදුන් පොරොන්දු ඉටු කළ ආදරවන්තයෙක්. සැමියෙක් සහ මාහට හොඳ මිතුරෙක් වුණු නිසා එදා මෙදා ජිවිතයේ මා මුහුණ දුන් අභියෝගවලින් මා රැකගන්නට පළිහක් වූ නිසා. එදා මා බාරගත් දිනට වඩා අද මා හට උතුරා යන ආදරයක් ආරක්ෂාවක් ලබාදෙන නිසා. මගේ කුසින් ඔබේ ලෙයින් උපන් දරු දෙදෙනාට මිහිමත ඉන්නා හොඳම පියා වුණු නිසා.

වසර 23කට පෙර කිසිඳු අඩුපාඩුවක් නොකොට දශමයක අනාදරයක්වත් නොකොට මා රකිනා මගේ සෙවණැල්ල වීමට මගේ දෙමව්පියන්ට දුන් පොරොන්දුව ඔවුන් බලාපොරොත්තු වුණාටත් වඩා ඉහලින් ඔබ ඉටු කළ නිසා. ඒ හැමදේටම වඩා ඔබ ගැන මෙසේ සටහනක් තබන්නට සුදුසු වන සේ අපේ යුග දිවිය ඔබේ භූමිකාව අති ගෞරවනීය කළ නිසා. හිනැහෙනවා ඇති මගේ පියා ඉන්නා තැනක ඉඳ ආඩම්බරයෙන් පවසනවා ඇති දෙළොව සිටිනා ඔහුගේ සගයන්ට ඔහු වගේම ආදරයෙන් ඔහුගේ පොඩි දුව රකිනා ඔබ ගැන.දකිනවා ඇති ඔහු ඇහිපිල්ලමක සඟවා ගත් ඔහුගේ පොඩි දුවව ඇගේ දරුවන්ව සුවෙන් සැපෙන් සැනසීමෙන් තබන්නට ඔබ දරනා වෑයම. ඒ පිනම ඇති ඔබට කියන කරන දේ සාර්ථක වෙන්න. පෙරුම් පුරා ලබාගත්තු ඔබ වන් සැමියෙකුගේ උපන්දිනයක පතමි මම පැතුමක් ඔබ වෙනුවෙන් නොව පතිනියක වන්නට පෙරුම් පුරන සියලු දියණියන් වෙනුවෙන්. දිනා ඇත මා අද ජීවිතයම.

මගේ දියුණුවට අත්තටු දෙන මගේ මුවගට සිනහවක් දෙන්නට බොහෝ දේ කැප කරන මගෙන් වන අඩුපාඩු ඉවසන මටත් වඩා මාව විශ්වාස කරන අපේ සනුහරයටම අඩු නැතුව යුතුකම් ඉටුකරන අපේ දරුවන්ට පියෙක් පමණක් නොව හොඳ මිතුරෙක්ද වන ඔහුගේ ආදරණීය සෙවනින් අපි හැමදෙන රකින සදාධරනීය සැමියෙක් ලද නිසා. ජිවිතේ අභියෝග දරා ගන්නට ජය ගන්නට දෑසේ කඳුළු වෙනුවට මුවගේ සිනහා තවරන්නට. විවාහය ආදරය යන උත්තරීතර වචන වලින් ගරුත්වයක් එක් කළ හැකි වන්නට. ලැබගන්න පියෙකු බඳු යුතුකම් ඉටුකරන සැමියෙක්. සැමියා යන වචනයේ වගකීම වටහාගත් සැමියෙක්. පෑලදොරින් පලා නොයන ආදරයක්. දින දින සිරුර වයස්ගත වන විට තව තවත් උරන වන සෙනෙහසක්. අන් අඟනුන් පහස නොසොයන විශ්වාසවන්තයෙක්. රළුපරළු ජීවන ගමනට අත්වැලක් සපයන්නට අල්ලාගත් අත කිසිදා අත් නොහරින ආදරෙන් පිරුණු සිත කවදාවත් මඟ නොහරින මහත්මා ගති ඇත්තෙක්. මගේ හදේ උපරිම ආදර ගෞරවය සහ කෘතඥ පුර්වක ආශීර්වාදය මෙලෙසින්..ආදරණීය සුසන්ත ඔබට සුව සහ සුභ උපන්දිනයක්…”කියලයි මේ ප්‍රවීණ කලා ශිල්පිනිය සඳහන් කරලා තිබුණේ. ඉතින් ඒ සමඟම සංජීවනී වීරසිංහ ආදරණීය කලා ශිල්පිනියගේ සොඳුරු කැදැල්ලේ ජායාරූප එකතුවක් මීළඟට අප ඔබ වෙත ගෙන එන්නට සුදානම්.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.