Celebrity Gossip

ගෙදරටම වෙලා හිටපු කාලේ මම ආප්ප හදන්න ඉගෙන ගත්තා-නෙත්මි රොෂෙල්

නෙත්මි රොෂෙල් කිව්වට සමහර අයට නම් එක පාරටම ඔළුවට කවුද කියලා වැටහෙන්නේ නැ. නමුත් දෙවන ඉනිමේ අක්ෂා කිව්වම අපි හැමෝම හොඳට හඳුනනවා. . දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය තුළින් රංගන ජීවිතය ආරම්භ කරමින් බොහොමයක් ප්‍රේක්ෂක ජනතාවගේ ආදරය දිනාගත්තු මේ රංගන ශිල්පිනිය අද මේ වන විට ලෝකයක් හදුනන චාරිතයක් බවට පත් වෙලා. රංගනයට එකතුවෙලා ඉතාමත් කෙටි කාලයක් තුළදී රංගන ජීවිතයේ ජයගත්තු ඇය බොහෝ දේ ඉගෙන ගනිමින් දක්ෂ ලෙස රංගනය තුළ නිරත වන දක්ෂ රංගන ශිල්පිනියක් වෙලා අවසන්.

දැවෙනි ඉනිමේ රගපාන්න ලැබීම ගැන ඇය පවසන්නේ මේ ආකාරයේ අදහසක් “දෙවැනි ඉනිම මගේ රංගන දිවියේ පළමු ඉනිම වගේම හැරවුම් ලක්ෂය කිව්වොත් හරි. මගේ ජීවිතය වෙනස් කළේ දෙවැනි ඉනිමයි. අද මේ විදියට සිනමාවට පවා එන්න ලැබුණෙ ඒ නිසයි. හැබැයි දෙවැනි ඉනිමෙන් මම ආවේ නපුරු චරිතයක් විදියටයි. ඔන්න දැන් ඒ නපුරු චරිතය වෙනස් වෙන්න පටන්ගෙන. ඒත් අද මට මිනිස්සු බොහෝම ආදරය කරන්න පටන්ගෙන. හිතාගන්න බැරි තරමට ලැබෙන ප්‍රතිචාර ඉහළයි. ‘ආක්ෂා’ එදා හරි ආත්මාර්ථකාමී විදියට කටයුතු කළ කෙනෙක්. අද එයා සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයක්. දැන් එයා හොඳ විනීත – අහිංසක ගැහැණු ළමයෙක්.”

1.

ඇයගේ පධාන අරමුණ ගැන ඇය අදහස් ප්‍රකාශ කර තිබුනේ මේ ආකාරයෙන් “මගේ එකම අරමුණ ‘ප්‍රීතිමත්’ ජීවිතයක් ගත කිරීමයි. වෙන මොනවා තිබුණත් ලස්සන පවුල් ජීවිතයක් නැත්නම් වැඩක් නැහැ. ඒ නිසා ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න ආසයි. ඒ සතුටින් යන ගමන සාර්ථක වෙන්නෙ උපාධිය ලබා ගැනීම, රංගන කටයුතු හරියට කිරීම සහ මගේ ජීවිතයේ බැඳී ඇති අනෙක් සියලු දේ එක්කයි”ඒ වගේම ඇයගෙ පෙම්වතා ගැන් ඇසූ විත ඇය ඒ ගැන පවසා තිබුනේ මේ ආකාරයෙන්,”මගේ වයසත් එක්ක එහෙම අහනවා ඇති. ආදරණීය යෝජනා නම් ලැබෙනවා. ආදරය නිසා අඬන්න, ළතැවෙන්න, පසුතැවෙන්න මම ආසා නැහැ. ඒ නිසා ආදරයට මම ක’ළබ’ල නැහැ. තවම වයස 22 යිනේ. මට මම වෙනුවෙන් මවලා තියෙන කෙනා ජීවිතයේ හරිම වෙලාවට මට ලැබේවි”.

2.

පසුගිය මාස කිහිපය තුල කොරෝනා නිසා නිවසටම වී සිටීමට සිදු වූ බවයි ඇය පවසන්නේ. ඒ නිසා ඇය ගොඩාක් කෑම වර් ග හදන්න ඉගෙන ගත්තු ඔබ කිව්වා. ඒ අතරින් හදපු ස්පෂල් කෑම වර්ගය ගැන ඇය පැවසූයේ මේ ආකාරයෙන්,”ආප්ප හැදුවා. ඊට පෙර මම ආප්ප හදලා තිබුණෙ නැහැ. අපෙ අම්මත් ආප්ප හදන්න එච්චරටම පදම දැනගෙන හිටියෙ නැහැ. ඉතින් මම එයාලට ආප්ප හදලා දුන්නා.”ඉතින් කොල්ලෝ ගොඩාක් ආදරය කරන නෙත්මි ගේ සුන් දර ඡායාරූප එකතුවක් අපි ඔබ වෙත ගෙන එනවා.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.