Celebrity Gossip

මම හිතන්නේ නෑ මම ලමයි හදන්න ප්‍රමාද වුනා කියලා.හරිම කාලේදී නියම වේලාවේ තමයි මම දුවව හැදුවේ-චතුරිකා පීරිස්

අපේ රටේ අපි කව්රුත් ආදරේ කරන කලා යුවලක් තමයි චතුරිකා වගේම ගයාන් වික්‍රමතිලක කියලා කියන්නේ. ඉතින් මේ ආදරණීය යුවල අතරට පහුගිය කාලයේ කිරි සුවදත් අරගෙන පුංචිම පුංචිම දූ කුමරියක් ආවා කියන එකනම් මේ වෙනකොට අපි කාටත් රහසක් නෙමෙයි. මුලින් ජනප්‍රිය නළු රොෂාන් පිලපිටිය සමඟ දීර්ඝ කාලයක් තිස්සේ ඇසුරු කළ අතර එහිදී ඔවුන් වෙන් වූයේ 2014 දී ය. නැවත එම වසරේදීම ඇය ප්‍රසිද්ද නළු ගයාන් වික්‍රමතිලක සමඟ විවාහ වුණා කියන්න නොදන්නා කෙනෙක් නැහැ.

චතුරිකාගේ වයසත් සමග සමහරු කියන්නේ ඇය ලමයි හදන්න ප්‍රමාද වුනා වැඩියි කියලා කියනවා.ඒත් ඇය ඒ ගැන පවසන්නේ මේ ආකාරයෙන් , “මට හිතෙනවා මම දුවව හැදුවේ හරිම කාලයේ කියලා. ජීවිතයේ මුලින්ම දරුවෝ හදලා ඒ දේවල් එක්ක​ ආතතියට​ පත් වෙච්ච යාළුවෝ ගොඩක් මට මුණගැහිලා තියෙනවා.එහෙම පීඩනයට​ පත් වුණාම පවුල් ජීවිතය පවා එපා වෙනවා. මම හරිම කාලයේ, හොඳම අවස්ථාවේ, නිදහසේ ඉන්න ඕනේ කියලා හිතුණු කාලයේ දුවව හැදුවේ. මගේ වෘත්තිය මට්ටමෙන් මම හොඳ කාලයක් පසු කළා. මේක තමයි මම සතුටින් ගොඩක් විවේකීව ඉන්න කාලය.”යනුවෙනි

1.

ඒ වගේම ආරාධනා දුවට අම්මා හැටියට ඇයගෙන් ඉටූවිය යුතු දේවල් ගැන ඇය පැවසූයේ මේ ආකාරයෙන් , “ගොඩක් දේවල් තියෙනවා. මේ මේ දේවල් කියලා කියන්න අමාරුයි. ආරාධනා හරිම සංවේදී කෙනෙක්. ඒ සංවේදීකම එක්ක මට ටිකක් බය හිතෙනවා. මොකද එයා ඒ තරම් සංවේදී. මේ සමාජයේ අපි දකින හැම දෙයක්ම ඇත්ත නෙමෙයි ම’වාපෑ’ම් තියෙනවා, බො’රු තියනවා. මේ හැම දේකින්ම අපි ප’රිස්ස’ම් වෙන්න ඕනේ කියලා මං එයාට කියලා දෙනවා.ඒ වගේම එයාට හොඳ අධ්‍යාපනයක් ලබාදෙන්නත් ඕනේ. පොතේ පතේ අධ්‍යාපනය වගේම සමාජීය දැනුමකුත් දෙන්න ඕනේ. ඒ නිසයි මම කිව්වේ එයාගේ ජීවිතයේ හැම අවස්ථාවකදිම එයාගේ පස්සෙන්ම ඉන්නවා කියලා.”

2.

ඒ වගේම ආරාධනා දුව අනාගතයේදී කලා ක් ෂේත්‍රයට එනවට ඔවුන් දෙදෙනාගේ වැඩි කැමැත්තක් නැති බව තමයි වතුරිකා පවසන්නේ. ඒ නිසා දුව අනාගතේ දී කුමක් කරනවට කැමතිද කියා ඇය පැවසූයේ මේ ආකාරයෙන්, “අපි දෙන්නම කැමති දුව Air Craft Engineer පැත්තෙන් ඉස්සරහට යනවා නම්. නැති නම් එයා ගුවන් නියමුවරියක් වෙනවා නම් අපි කැමතියි. ඒ වගේ කාන්තාවන් ලේසියෙන් නොයන ක්ෂේත්‍රයකට එයා යොමු වෙනවා නම් කැමතියි.”ඉතින් මේ කවුරුත් ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියට හැමදාමත් මේ වගේ ආදරයෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා හඳවතින්ම ප්‍රර්ථනා කරන ගමන්ම ඇයගේ ආදරණීය කැදැල්ලේ සුන්දර ඡායාරූප පෙළක් ඔබට පහතින් නරඹන්නට පුළුවන්.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.