Celebrity Gossip

දෙවෙනි වරටත් යුග දිවියට ගිය මාධවී වත්සලාගේ සොඳුරු කැදැල්ල -ඡායාරූප 20ක්

කලා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ජනප්‍රිය පවුලක් තමයි ඇන්තනී පවුල. මේ කලා පවුලේ හැමෝම වගේ රංගනශිල්පීන් ශිල්පිනියන්. ඉතින් මේ ඇන්තනී පවුලේ හැමෝම ආදරේ කරන චරිතයක් තමයි මාධවී වත්සලා ඇන්තනී කියන්නේ. කලා නිර්මාණ හරහා වගේම ගීත ගායනය හරහාත් මාධවී ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම පසුගිය කාලයේ උපන්දින සාදයක් නිසාත් මාධවී පිලිබඳ හැමෝම කතාවෙන්න පටන් ගත්තා. ඉතින් මේ විදියට හැමෝම අතර ප්‍රසිද්ද චරිතයක් වුන මාධවී උපත ලබන්නේ 1988 වර්‍ෂයේ අගෝස්තු 06 වනදා. ඒ වගේම මාධවීට මේ වෙනකොට වයස අවුරුදු 33ක් වෙනවා. මාධවී මුලින්ම විවාහ වෙන්නේ ආලෝක ලියනගේ සමග. ඒ 2010 වර්‍ෂයෙදී. නමුත් ඒ විවාහය සාර්ථක වෙන්නේ නෑ. මාධවී සහ ආලෝක 2016 වර්‍ෂයෙදී පුද්ගලික හේතු කිහිපයක් මත වෙන් වෙන්න තීරණය කරනවා. ඉන්පසු ඇය 2019 වසරේදී මිලාන් ධනංජය සිල්වා සමග විවාහ වෙනවා.

කොහොම වුනත් මේ වෙනකොට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න මාධවී විවාහ ජීවිතය ගැන කියන්නේ මේ වගේ කතාවක් “ඇත්තම කියනවනම් තනිකඩ ජීවිතේට වඩා විවාහ ජීවිතේ රහක් තියෙනවා. ඒ වගේම අභියෝගාත්මක බවකුත් තියෙනවා. මමයි මිලානුයි ඉන්නේ ගොඩක් සතුටින්. යුවලක් විදියට මේ ජීවිතේට මුහුණ දෙන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්නවා. මිලාන් මම වෙනුවෙන් ගොඩක් ලොකු කැප කිරීම් කරලා තියෙනවා. දැන් එයා අපේ මුළු ගෙදරටම ලොකු පුතා වෙලා. විවාහ ජීවිතයකට වැඩිපුරම බලපාන්නේ තේරුම් ගැනීම. මිලාන් ගොඩක් හොඳින් මාව තේරුම් අරන් ඉන්නවා. මමත් එහෙමයි ” කියලයි ඇය කියන්නේ.  ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න මාධවීගේ ආදරණීය කැදැල්ලට සුබපැතුම් එක් කරන ගමන් සුන්දර පින්තූර එකතුවක් නරඹමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.