knowledge

ලෝක ඉතිහාසයේ අදහාගත නොහැකි තරමේ වටිනාකම් වලින් සිදු වූ දික්කසාද ගිවිසුම් 5ක්

අපේ රටේ බොහෝ විට දික්කසාද වලින් පස්සේ වන්දි ගෙවීමක් සිද්ධ වෙනවා. අද අපි මේ ලිපියෙන් කියන්න යන්නේ මේ විදියට දික්කසාද උනාට පස්සේ අපිට හිතාගන්නවත් බැරි ගණන්  වලින් වන්දි මුදල් ගෙවූ මිනිසුන් පිළිබඳවයි. මේ ලැයිස්තුවේ සිටින සියලු දෙනාම පාහේ ලෝක ප්‍රසිද්ධ පුද්ගලයින් වන අතර අපට අදහාගත නොහැකි තරමේ වටිනාකම් වලින් කසාද වන්දි ගෙවූ ඔවුන් කවුරුන්දැයි දැන් අපි බලමු.

1. Jeff Bezos

ලෝකයේ ධනවත්ම මිනිසා ලෙස වසර ගණනාවක් තිස්සේ විරුදාවලිය ලත් සුප්‍රසිද්ධ Amazon සමාගමේ හිමිකරු වන Jeff Bezos 2019 වසරේදී සහ බිරිඳ MacKenzie Scott ගෙන් දික්කසාද වුණා. එම දික්කසාදයේදී MacKenzie  වෙත ඩොලර් බිලියන 38 ගෙවීමට Jeff Bezosට සිදු වුණා. වසර විසි හයක් පුරා දරුවන් සිව් දෙනෙක් ලබමින් ඔවුන් දෙදෙනා  ගෙවූ විවාහ ජීවිතය දෙදරා යෑමට මූලිකම හේතුව වී ඇත්තේ මාධ්‍යවේදිනියක් වන Lauren Sánchez සමග ඔහු පැවැත්වූ රහස් ප්‍රේම සම්බන්ධයයි.  

2. Alec Wildenstein

චිත්‍ර අලෙවිකරුවෙක් මෙන්ම තරඟ සඳහා යොදවන අශ්වයින්ගේ හිමිකරුවකුද වන Alec Wildenstein 1978 වසරේ සිට අවුරුදු 21ක කාලයක් විවාහ වී  සිටි Jocelyn Wildenstein ගෙන් දික්කසාද වීම සඳහා ඇය වෙත ඩොලර් බිලියන 3.8ක් ගෙවීමට සිදු වුණා. පියාගෙන් උරුම වූ  ව්‍යාපාරික රාජධානියක් තිබූ Alec ලෝකයේ විශාලතම කලාකෘති එකතුවේ හිමිකරුවා ද වූ අතර 2018 වසරේදී පැරිස් නුවරදී මිය යන විට 67 වියේ පසු වුණා.  

3. Rupert Murdoch 

ලෝක ප්‍රසිද්ධ Fox මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරයා වන Rupert Murdoch මාධ්‍ය ක්ෂේත්‍රයේ අති දැවැන්ත චරිතයක් ලෙස හඳුන්වනු ලබන අතර ඔහු නවකතාකාරියක මෙන්ම මාධ්‍යවේදිනියකද වන Anna Maria සමග 1967 දී විවාහවී වසර තිස් දෙකක් පමණ විවාහ දිවියක් ගතකර 1999දී ඇය හට ඩොලර් බිලියන 1.7 වන්දියක්ද ලබාදී ඇගෙන් දික්කසාද වුණා. ඒ වන විටත් ඔවුන් දෙදෙනාට දරුවන් 3 දෙනෙක් සිටියා.

4. Bernie Ecclestone 

Formula One මෝටර් රථ ධාවන ක්ෂේත්රයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන එංගලන්ත ජාතික Bernie Ecclestone තම දෙවැනි බිරිඳ වන ගෙන් දික්කසාද වීම සඳහා Slavica Radić ඩොලර් බිලියන 1.2 වන්දියක් ඇයට ගෙවා තිබෙනවා. මෝස්තර නිරූපිකාවක වන Slavica සහ Bernie වසර 24ක විවාහ ජීවිතය එසේ අවසන් වූයේ 2019  වසරේදිය.

5. Steve Wynn

Las Vegas නුවර රජු ලෙසින්ද විරුදාවලිය ලත් දේපළ වෙළඳාම්, ඉදිකිරීම්, කැසිනෝ සහ හෝටල් ආදී විවිධ ව්‍යාපාර ගණනාවක යෙදී සිටි මොහු Elaine Pascal සමග විවාහ වුනේ 1963 වසරේදීය. 1986 දී ඔවුන් දෙදෙනා දික්කසාද වූ නමුත් නැවත ඔවුන් දෙදෙනා 1991දී විවාහ වුණා. දරුවන් දෙදෙනෙකු ද ලබා සිටි මෙම යුවළ නැවතත් 2010දී දික්කසාද වෙනවා. එහිදී Elaineට ඩොලර් බිලියනයක වන්දියක් ගෙවීමට Steve Wynnට සිදුවුණා.