Celebrity Gossip

මේ දවස් වල හැමෝම කතාවෙන නාඩගම්කාරයෝ කතාවට අලුතින් එකතු වුන නන්දනී නැන්දගේ දූ​- ඡායාරූප 15ක්

අපේ රටේ මේ වෙද්දී ඉතාමත් ජනප්‍රිය වුනු අංක එකේ ටෙලිනාට්‍යයක් කිව්වොත් හරි. වයස් සීමවක් නැතුව බාල මහළු සියළු දෙනා නරඹන ටෙලිනාට්‍යයක් තමයි මේක​.ඒ වගේම මේ වෙනතෙක් විකාශය වුන සියළුම කොටස් යූටීයුබ් ට්‍රෙන්ඩින් එන තරමටම ජනප්‍රිය වුන එකෙන්ම කියවෙන්නේ මේ කතාවට තියෙන ජනප්‍රියත්වයයි.ඉතින් පටන් ගනිපු දවස් වල ඉදන් විවිධ චරිත මේ කතාවට එකතු වුනා. ඒ අනුව මෑතකදී එකතු වුන කාගෙත් කතාබහට ලක්වෙන චරිතය තමයි නන්දනී නැන්දගේ දූ කියන්නේ. ඉතින් අද අපි මේ ඉදිරිපත් කරන්න යන්නේ මේ අලුතින් එකතු වුන චරිතයට රංගනයෙන් දායක වන සුන්දර දක්ෂ රංගන ශිල්පිනිය ගැනයි.

1.

පුංචි තිරයට අලුතින් එකතු වුන රංගන ශිල්පිනියක් වන ඇය නමින් මධාරා සෙව්වන් දි.දකුණෙන් බිහිවුන නවක රංශන ශිල්පිනියක් වන මැය ඉගෙනුම ලබලා තියෙන්නේ ගාල්ලේ රිපන් බාලිකා විද්‍යාලයෙන්. ඒවගේම ඇයගේ පවුලේ සිටින්නේ අම්මා , තාත්තා , මල්ලී සහ ඇය පමනක් බවයි පවසන්නේ. ඒවගේම ඇයගේ පියා ව්‍යාපාර කටයුතු වල නිරත වන අතර සහෝදරයා තවමත් ඉගෙනීම් කටයුතු වල නිරතවන බවයි ඇය කියා සිටියේ.ඒවගේම ඇයගේ විශේෂත්වය වන්නේ රංගනයට අමතරව ඇය පරිවාසයේ මනෝ උපදේශකවරියක් ලෙසත් සේවය කිරීමයි. 

2.

කලාවට කිසිම සම්බන්ධයක් නොමැති පවුල් පසුබිමක් තියෙන ඇය රංගන ක්ෂේත්‍රයට ආ ගමන ගැන විමසූ විට ඇය පවසා සිටියේ මේ ආකාරයෙන්,”පුංචි කාලේ ඉදන් තිබ්බ ආසාවක් තමයි රංගන ශිල්පිනියක් වෙන එක​. ඒ වෙනුවෙන් ගොඩාක් හීන දැක්කා.මම මුලින්ම රගපෑවේ කමර්ෂල් එකක​. ඊට පස්සේ මම රංගනය ගැන ඉගෙන ගන්න මහේන්ද්‍ර පෙරේරා සර්ගේ ඇක්ටින් ස්කූල් එකට ගියා. එතනදී ප්‍රදීප් රාමවික්‍රම අයියා සහ මහේන්ද්‍ර පෙරේරා සර් යටතේ මම අවුරුදු 3ක් රංගනය ගැන ඉගෙන ගත්තා.එතනදී ලැබුනු දැනුම හා මගේ දක්ෂතා එක්ක තමයි මට රගපාන්න අවස්ථාව ලැබුනේ.”

3.

ඒවගේම ඇය මුලින්ම රංගනයෙන් දායක වෙලා තියෙන්නේ ස්වර්ණවාහිනියේම විකාශය වූ කෝටිපතියෝ ටෙලිනාට්‍යයට බවයි ඇය පවසන්නේ. ඒවගේම මේ දිනවල විකාශය වන චලෝ ටෙලිනාට්‍යයෙන්ද ඇයව දැකබලාගන්න පුළුවන්. මෑතකාලයේ ජනප්‍රිය ටෙලිනාට්‍යය වන නාඩගම්කාරයෝ සදහා රංගනයෙන් දායක වීමට ලැබීම ගැන ඇය පවසන්නේ මේ ආකාරයෙන්,”ඇත්තටම නාඩගම්කාරයෝ ගැන කියනකොට මේ කතාවේ නිෂ්පාදකතුමා වන චාමර සමරවික්‍රම අයියා , අධ්‍යක්‍ෂණය කල සිවගුරුනාදන් මාමා හා සද්ධාමංගල සූරියබණ්ඩාර මාමාට  තමයි ස්තූතිවන්ත වෙන්න ඕන මට මේ අවස්ථාව දුන්නට​.චාමර අයියා තමයි මට මුලින්ම මේ වැඩේට කතා කරේ.සද්ධාමංගල මාමටත් ස්තූති වන්ත වෙන්න ඕන මාව මේ චරිතයට තෝරගත්තට”යනුවෙනුයි.

4.

ඒ වගේම නවක රංශන ශිල්පිනියක් විදියට ප්‍රවීන රංගන ශිල්පිනියන් හා ශිල්පීන් සමග කටයුතු කරන විට ඔවුන් ගෙන් ලැබෙන උදව් ගැනද ඇය මේ ආකාරයෙන් කියා සිටියා “ඇත්තටම මම රංගපාපු හැම කතාවකම හිටපු ප්‍රවීනයන්ගෙන් ලොකූ උදව්වක් ලැබුනා. එයාලට අපිට වඩා ක්ෂේත්‍රයේ අත්දැකීම් වැඩියි , දැනුම වැඩියි ඉතින් මේ කලා ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න එයාලගේ උදව් නවකයෝ වන අපිට ගොඩාක් වටිනවා” කියලා තමයි ඇය අවසාන වශයෙන් කියා සිටියේ.

ඉතින් නවක රංශන ශිල්පිනියක් ලෙස ක්‍ෂේත්‍රයට පිවිසී මධාරාට ක්‍ෂේත්‍රයේ ඉදිරියටම යන්න ලැබේවායි කියා සුභ පතන ගමන් ඇයගේ සුන්දර ඡායාරූප පෙලක් ඔබ වෙත ඉදිරිපත් කරනවා.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.