Celebrity Gossip

මේකිට පිස්සු.කොල්ලෙක් වගේ-යොහානිගෙ පැටිකිරිය කියවලා අද ලැජ්ජ නැතුව ගුණ ගයන කුහකයෝ

අද වෙද්දි ඇයගේ නමින් රැල්ලක් හැදිලා තියෙනවා. බලන බලන හැම තැනම ඇයගේ ඡායාරූප. ඇය ගැන පෝස්ට් හැදිලා. ඒ වෙන කවුරුත් නෙමේ යොහානි. කාලයක් හැමෝම කිව්වා මේකිට පිස්සු. කොල්ලෙක් වගේ. කෙල්ලෙක් නෙවෙයි වගේ. එක එක  ඒවා. ඉතිං අද වෙද්දි ලංකාවෙ නෙවෙයි ඉන්දියාවෙත් කතා කරන්න තරම් යොහානි ලංකාවේ නාමය රැගෙන ගොස් හමාරයි. ඒ වගේම තමයි යොහානි කියන්නේ අපේ රටේ තිස් වසරකට පසුව නිමා වුන මානුෂීය මෙහෙයුමේ 55වන සේනාංකයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා මහතාගේ ආදරණීය දියණියයි. ඒකත් අපි ආඩම්බරයෙන් මතක් කරන්නට ඕන.

1.

ඉතින් අද වෙද්දි යොහානිව අන්තර්ජාලය තුළ නොදන්නා කෙනෙක් නොමැති තරම්. ලංකාවේ වගේම ඉන්දියාවෙත් අද වෙද්දි යොහානි ඇයගේ අණසක පතුරුවලා ඉවරයි. හැමෝම ඇයව හඳුනා ගත්තේ Drill Teamලගෙ ‘දෙවියන්ගේ  බාරේ Rap Cover’ එකෙන් පස්සෙ. ඊට පස්සේ Mashup හරහා ඇය ගොඩක් ජනප්‍රිය වුණා. ඒවගේම ලංකාවේ ජනප්‍රියම ගායක යුවළක් වන භාතිය හා සංතුෂ් සමග ‘සිරිසඟබෝධි ගීතය’ ගායනා කිරීමෙන් පස්සේ ඇය ලංකාවේ හැමෝම අතර ජනප්‍රිය වුණා. ඇය මෑතකදී ගායනා කළ ‘මැනිකේ මගේ හිතේ ගීතය’ views මිලියන 50ත් පසු කරලා. වැඩිම නැරඹුම් වාර තියෙන්නෙත් ඉන්දියාවේ. ඒ වගේම තමයි youtube subscribersල  මිලියනයත් පසු කරලා හමාරයි.

2.

මේ වන කොට ඇයට ලක්ෂ 12 කට අධික subscribersල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඇයට ඇද කුද​ කියපු අය බොහෝමයි. ඇයගේ ගමනට බාධා එල්ල වුනු වාර අනන්තයි. නමුත් අද වෙද්දි ඇය ඒ සියල්ල නොතකමින් හිතාගන්න බැරි දුරක් ඇවිල්ලා. හිතින් ඇයට තව යන්නට බොහෝ දුර තියෙනවා. අපේ ලංකාවේ නම ලෝකයට ගෙන යන මේ සොඳුරු කලාකාරිනියට අපි සැවොම හදවතින්ම සුබ පතමු.ඉතින් ඔබත් යොහානිට ආදරය කරන රසිකයෙක් රසිකාවියක් නම් අපි ඔබ වෙනුවෙන් ඇයගේ සොඳුරු ඡායාරූප පෙළක් මේ විදියට ගෙන එන්න සූදානම් කරලා තියනවා.

3.

4.

5.

6.

7.

8.

9.

10.