Celebrity Gossip

පළමු වෙනි විවාහ සංවත්සරයදා දිනක්ෂි,සාරංග වෙනුවෙන් තැබූ ආදරණීය සටහන​

දිනක්ෂි සහ සාරංග​ කියන්නේ කලා ලෝකයේ ඉන්න දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක්. ඒ වගේම තමයි මේ දවස්වල කාගේත් කතාබහට ලක් වෙන ඉතාම ආදරණීය සුන්දර යුවලක්.  ඉතින් මේ යුවළ ලඟදි තමයි විවාහ දිවියට එළඹුණේ. හරියටම අදට අවුරුද්දක් වෙද්දි පුංචි දරු පැටියෙකුගේ සුරතල් බලන්න මඟ බලමින් ඉන්න මේ ආදරණීය යුවල අද දින ඔවුන්ගේ ප්‍රථම විවාහ සංවත්සරය සමරනවා. ඉතිං මේ  ආදරණිය යුවලට ඔවුන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් සුබ පැතුම් එකතු කරන ගමන් අපි කියන්න යන්නේ දිනක්ෂි සිය ආදරණිය සැමියා වන සාරංගට​ විවාහ සංවත්සරය වෙනුවෙන් ඇයගේ face book ගිණුමේ තැබූ අපූරු සටහනක් පිළිබඳවයි. ඇය ලස්සන කවියක් ලියලා තියෙනවා ආදරණිය සැමියා වෙනුවෙන්. මේ දිග හැරෙන්නේ එම කවියයි. 

1.

“විලක නෙලුම් මට කුමටද ඔබ හිනැහේ නම්…
නෙතක කැලුම් විඳ සැතපෙමි ඔබ සෙවණේ මම්…
යනුවෙන් තමයි ඇය​ ලස්සන සෙනෙහෙබර සටහන තබා තිබෙන්නේ.

ඉතින් මේ ආදරණීය යුවලට වගේම ඔවුන්ගේ එන්න ඉන්න ආදරණීය පුංචි පැංචාටත් නිදුක්, නිරෝගී සම්පත්තිය ලැබෙන්න කියලා හදවතින්ම​ ප්‍රාර්ථනා කරන ගමන් ජීවිතයේ හැමදාම මියෙනා තුරාවට​ මේ වගේ ආදරයෙන්, සතුටින් එකට ඉන්න ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ සූදානම් වෙන්නේ ඔවුන්ගේ පුංචි කැදැල්ලේ ලස්සන ඡායාරූප පෙළක් ඔබ වෙත​ ගෙන එන්නයි.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.