Celebrity Gossip

රංගන ශිල්පිනී ලෝචනා ඉමාෂි සිදු කළ උතුම් ක්‍රියාව

ලෝචනා ඉමාෂිව අපි දන්නේ රංගන ශිල්පිනියක් විදියට. හැබැයි දැන් ඇය සමාජ සත්කාර කටයුතුත් සිදු කරනවා. ඒ ඇය විසින් නිර්මාණය කරනු ලැබූ පදනමක් හරහා. කොවිඩ් නිසා ලංකාවට කොටු වුනු ඇයගේ සැමියා සහ දරු පැටියා ඉන්නේ විදෙස්ගත වෙලා. ඉතින් ඇය මේ කරපු උතුම් සත්කාරය ගැන බොහෝ දෙනා  ප්‍රශංසා කරලා තිබුණා. එහි ඡායාරූප සමඟ ඇය මෙවැනි කතාවක් කියලා තිබුණා.

1.

පරීත්‍යාගශීලීව ඉදිරියට යායුතු බව තීරණය කරමින් මා විසින් ආරම්භ කරන ලද Child Care by Lochana පදනම මඟින් දෙවන පරිත්‍යාගශීලී වැඩසටහන ඊයේ දිනයේ දී සූරියවැව ඊයේ ප්‍රදේශයේ දිළිදු පවුලක් සඳහා ආධාර ලබාදුණි. මෙම පවුලේ කුඩා දරුවන් තිදෙනෙකුගෙන් සමන්විත වන අතර කුඩාම දරුවා මාස කිහිපයක් වන අතර අනෙකුත් ගැහැණු දරුවන් දෙදෙනා 4 වන වසරේ ඉගෙනුම ලබයි. මාස 3ක් වයසැති කුඩා දරුවාගෙන් පසු මව අංශභාග තත්ත්වයට පත්ව ඇති අතර පියා විරැකියාවෙන් දරුවන්ව නිවසේ සිට රැකබලා ගැනීම සිදු කරන ලබනවා. මෙම උතුම් කාර්‍ය සඳහා පූජ්‍යය සිරි රතන ස්වාමීන්වහන්සේ සහ මාගේ දෙමව්පියන්ගේ අනුශාසනා සහ උපකාර ලැබුණි.

ඉදිරියේදීද මෙවන් ආකාරයේ පරිත්‍යාග සිදු කිරීමට මා සූදානමින් සිටින අතර උදව් උපකාර කිරීමට කැමති ඔබ හට ද්‍රව්‍යම ආකාරයෙන් සහභාගී විය හැක. මේ සඳහා මාගේ ෆෙස්බුක් ගිණුම හරහා ඔබට සම්බන්ධ විය හැක.ඉතින් ඇගේ මේ කාර්යයට සුබ පැතුම් එක් කරන ගමන් මේ සූදානම් වන්නේ ඇයගේ සුන්දර ඡායාරූප පෙලක් ඔබ වෙත ගෙන ඒමටයි.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.