Celebrity Gossip

අම්මට දුන්න දඩුවම වැඩි නේද පුතේ, ඔයා නැතිව මම දුක් වෙනවා – ලෝචනා

ලංකාවේ ප්‍රේක්ෂකයන් ගොඩක්ම ආදරේ කරන රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි කියන්නේ. ඇයගේ දඟකාරකම සහ හුරතල් පෙනුම නිසාම හැමෝම වගේ ඇයට ගොඩක් කැමතියි, තමන්ටම ආවේනික වූ රංගන හැකියාවක් සහිත ඇය, විවිද චරිත හරහා රසික ආකර්ශය දිනාගන්න සමත් වෙලා තියෙනවා.ඉතින් ඇය විවහා වී සැමියා සහා පුංචි පුතු සමගින් ජීවත්වුණේ නෙදර්ලන්තයේ.ඉතින් මේ පවතින වසංගතය එක්ක ලොචනාට එයාගේ කැදැල්ල ලගට යන්න අවස්තාව නැතිවී ගිහින් වසර දෙකක් පමණ දැන් ලෝචනා ලංකාවේ.ඉතින් ඊයේ ලොචනාගේ පුංචි පුතාගේ පස්වන උපන්දිනය තිබුනා ඒ අවස්ථාවට ලොචනාට සහබාගි වෙන්නත් බැරිවුනා,ඉතින් ඇය ඒ ගැන සංවේදීව සටහනක් ඇගේ සමාජ මාද්‍ය ගිණුමේ සටහන් කර තිබුනා.ඒ සටහනේ කියා තිබූ කතාව මෙසේය​.

මගේ සුදු පුතාට දැන් අවුරුදු 05ක්. අම්මි ළඟ නැතිව  දෙවැනි වතාවටත් ඔයා උපන්දිනේ සමරනවා.  අම්මට දුන්න දඩුවම ටිකක් වැඩි නේද පුතේ? ඔයා නැතිව මම, ආචිචි, සීයා ගොඩක් දුක් වෙනවා. ඒත් අපේ එකම සතුට පුතා අපේ ආයුෂත් අරගෙන සතුටින් ඔයාගේ අනාගතේ සාර්ථක කරගන්නවා දකින එක. කොරෝනා නිසා ජීවිත එක පාරට නැති වෙලා යන මේ කාලේ අපි ජීවිතේ අල්ලන් ඉන්න එකම හේතුව තව එක වතාවක් හරි මට පුතාව ආදරෙන් තුරුළු කරගන්න ඕනේ, මගේ අතින් කෑම හදලා කවන්න ඕනේ, මට මඟ හැරුණු ආදරේ වැඩියෙනුත් එක්ක දැනෙන්න ඕනි නිසා. මගේ පුතාට සුබම සුබ උපන් දිනයක් වේවා! යනුවෙනුයි.

ඉතින් මේ වනවිට ලෝචනා සමාජ සත්කාර සේවාවක් ආරම්භ කර අසරණ වු ජනතාවට බොහෝ සෙයින් උදව් කරන නිහතමානී රංගන ශිල්පිනියක් බවට කාගෙත් ආදරය දිනාගෙන අවසානයි. ඇයගේ පුංචි පුතාට සුභ උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම ඇය කරන කියන සියළු කටයුතු සාර්ථක වේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරමු.