Celebrity Gossip

මගේ අතින් වුන හැම වැරැද්දක්ම ඉවසගෙන, නෝනගෙන් මට ලැබුන ආදරේ විශිෂ්ඨයි-සුනිල් පෙරේරා ඔහුගේ ජීවිත කතාව ගැන කියූ දේ

සුනිල් පෙරේරා කියන්නේ අපේ රටේ විටින් විට කතාබහට ලක්වුන ආන්දෝලනාත්මක චරිතයක්.ගායකයෙකු, ගී පද රචකයෙකු, තනු නිර්මාණ ශිල්පියෙකු මෙන්ම ගිටාර් වාදකයෙකු ලෙසද දශක හතරකට අධික කාලයක සිට මෙරට මෙන්ම විදේශ රටවලද ජනප්‍රියත්වයට පත්ව සිටි සුනිල් පෙරේරා කණ්ඩායම් සංගීතයේ ප්‍රතාපවත් චරිතයක් විය.හැට නව වැනි උපන් දිනය සැමරීමට දින හතක් තිබියදී ජිප්සීස් නායක සුනිල් පෙරේරා ජීවන ගීතය ගයා නිම කළේය. කොවිඩ් මාරයා සමග සටන්කර ජයගත් ඔහුට දින කීපයක් තුළ යළි පරාජය භාර ගන්නට සිදු වුනා. ඔහු ගැයූ ඇතැම් ගීත සම්බන්ධයෙන් ඇතැමුන්ගේ විවේචන එල්ල වුවද උපේක්ෂාවෙන් ඒ දෙස බැලූ ඔහු සංගීත ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ සමීප මිතුරෙක් විය.

තම දේශපාලන මතයද නොබියව ප්‍රකාශ කළ සුනිල් පෙරේරා දේශපාලනඥයා උපහාසයට ලක් කරමින්ද ගීත ගයා ඇත.ගායනා කර තිබුනා. ඉතින් තම බිරිදට ආදරණීය සැමියෙක් මෙන්ම, දරුවන්ට ආදරණීය පියෙක් වුන සුනිල් පෙරේරා ගායනා කර තිබුනා. ඉතින් තම බිරිදට ආදරණීය සැමියෙක් මෙන්ම, දරුවන්ට ආදරණීය පියෙක්ද වුනා. කලකට පෙර සුනිල් පෙරේරා හා ඔහුගේ බිරිඳ ගීතා සමග පැවති සාකච්චා වැඩසටහනකදී ඔවුන් තම ආදරය සහ විවාහය ගැන මේ ආකාරයෙන් අදහස් දක්වලා තිබුනා.ජීවිතය කියන්නේ ආදරය මොකද ආදරය කියන දෙයින් තමයි ඕනෑම දෙයක් විසඳන්න පුළුවන් ජීවිතය ප්‍රශ්න ,එදිනෙදා ප්‍රශ්න,රටේ ප්‍රශ්න, මේ හැමදේම එකතු වෙලා තියෙන්නේ ආදරයත් එක්ක ඒ ආදරය ඇති වුනොත් සියලුම මිනිස්සුන්ට ගහකොළ සත්තුන්ට ඒ හැමදේටම ආදරය තියෙනවා නං

ඒ කියන්නේ ඔබ ජීවිතේ ජය ගත්ත කෙනෙක් නැත්නම් මේ කොටසත් එක්ක තරහයි අර කොටසත්  එක්ක තරහයි මේ ගොල්ලන්ගෙ ආගම නිසා තරහයි මේ ගොල්ලන්ගෙ කථා කරන භාෂාව නිසා තරහයි ඉතිං එහෙම නෙමෙයි ජීවිතය කියන්නේ මම නං කියන්නේ හැමෝටම ආදරේ කරන්නෙ ඉගෙන ගන්න ඕනේ ආදරයෙන් විතරයි ජයගන්න පුළුවන් සෑම දෙයක්ම රටේ උනත් ප්‍රශ්න විසඳන්න ඕන ආදරය හරහා තමයි මම කියන්නේ මගේ බිරිදව​ මුලින්ම මම දැක්කෙ ෂෝ එකකදී මෙයා ඇවිත් හිටියා autograft එකක් අරගෙන අත්සන් කරන්න කියලා ඒ අත්සන් කරපු එකෙන් අන්තිමට  මගුල් කසාදෙත් අත්සන් කරලා තමයි නතර වුණේ දැන් අවුරුදු තිස් නවයක්  අපි බැදලා දරුවෝ  හතරයි ඒ විතරක් නෙවෙයි මුනුබුරු මිනිබිරියෝ 4කුත් ඉන්නවා.

ආදරෙයි කියලා දෙන්නගෙන් එක්කෙනෙක්වත් කිව්වේ නැහැ. මුලින් හම්බුනා ඊට පස්සේ කතා කරා ඊට පස්සේ මාස දෙක තුනක් යනකොට විවාහ වුණා.අපේ විවාහය​ හදිසියෙම උන විවාහයක් මෙයාට එතකොට අවුරුදු 15යි මට අවුරුදු 30යි . මාව බාල අපරාධ වලට ඇල්ලුවා. ඊට පස්සේ කිව්වා බඳිනවද නැත්තං ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා මාව පොලිසියට ගෙන්නලා ඊට පස්සේ මම කිව්වා බඳිනවා කියලා. මෙයා යාලුවෙක්ගෙ .ගෙදර ගිහින් එනකොට මම මෙයාව උස්සන් ගිහිල්ලා කියලා හිතලා මේ ගෑනු ළමයා හොයල දුන්නෙ නැත්නම් මාව කොටු කරනවා කියලා කිව්වා. සාමාන්‍යයෙන් අපේ රටේ අවුරුදු පහළොවෙන් බඳින්න බැහැ ඒ කාලයේ බදින්න දුන්න එකත් ලොකු දෙයක් මොකද මේ ගොල්ලන්ගෙ තාත්තත් පොලිසිය අද කාලේ මනුස්සයෙක් විවාහ වෙද්දී පොරොන්දම් බලනව අරවා බලනවා මේවා බලනවා අපි දෙන්නා නම් කිසිම දෙයක් බැලුවේ නැහැ අපි මේ ගෙවල් හදන්න ගලක් තියන්නවත් වෙලාවක් බැලුවේ නැහැ මොකද ජෝතිෂ්‍ය කියන දේ අපි විශ්වාස කරන්නෙ නෑ.අඩුම තරමේ අපි දෙන්නා පන් සල් පල්ලි වත් යන්නේ නැහැ.

මගේ අතින් වැරදි අනන්තවත් වෙලා තියෙනවා.මම බොරු කියන්නේ නැහැ.නමුත් ඒ දේවලුත් හදාගෙන දෙවල් වලට බිරිඳගේ සහයෝගය අරගෙන බිරිඳ කොහොමත් ඒ දේවල් වලට මාත් එක්ක තරහින් ඉන්න ඇති වැරදි වෙනකොට කෙසේ වෙතත් ඒ ඔක්කොම ගැට ගහගෙන ඇය දරුවන් වෙනුවෙන් ගොඩාක් ඉවසුවා.මගේ අතින් වුන සමහර වැරදි ගොඩාක් බරපතල ඒවා. සැමියෙක්ගේ අතින් බිරිදට නොවිය යුතු වැරදි ඒවා.නමුත් මගේ බිරිඳ ඒ දේවල් ඉවසගෙන දරාගෙන ඉතින් මොකද මේ ආදරය නිසා….මේ ප්‍රශ්න සේරම වුණේ එය ඒ අවුරුදු විසි පහකට විතර උඩදී ඊට පස්සේ සේරම හදාගෙන බොහොම ආදරයෙන් ඉන්නවා

බිරිද ගොඩාක් කැපකිරීම් කරා.ගෙදර හැම දෙයක්ම කෙරෙන්නේ දරුවන්ට විතරක් නෙමෙයි දරුවන්ගේ දරුවන්ටත් සෑම දෙයක්ම කෙරෙන්නේ බිරිඳගේ අතින් ගුණ යහපත් දේවල් කරන්න ඕනෙ මෙයා විශ්වාස කරන්නෙත් ඒක.සංස්කෘතිය ආගම කියල දෙයක් මම විශ්වාස කරන්නේ නැහැ. සංස්කෘතිය කියන එක අමුතුවෙන් ඉගෙනගන්න දෙයක් නැහැ සංස්කෘතිය කියන එක හදවතට දැනෙනවා සංස්කෘතිය කියන දේ මම විශ්වාස කරන්නේ බිරිඳට ආදරෙන් එන්න බිරිඳ ආදරෙන් ඉදි මොකද බිරිඳට ආදරෙන් ඉන්නේ නැත්තං එහෙම ආදරෙන් ඉන්නෙ නැතුව නොසන්ඩාලකම් කලොත් සැමියා කෙරෙහි කෙරෙහි අප්පිරියාවක් තමා කෙරෙහි ඇතිවෙන්න පුළුවන් ඒ තරහ ඇති උනහම සමහර විට ඒ වාසනා ගුණය නැති වී යනවා….විවාහයටත් වාසනා ගුණය නැති වෙනවා මම කියන්නේ ඒ වාසනා ගුණය ඇතිකරගන්න ඕන…අදටත් මට බිරිදගෙන් දරුවන් ගෙන් වාසනා ගුණය මට ලැබෙනවා.තමන් ගුණ යහපත් දෙයක් කරොත් ඒක තමන් ට අපි දෙන්නම විශ්වාස කරන්නේ ඒ දේ විතරයි. පල්ලි පන්සල් නෙවෙයි.

සුනිල් පෙරේරාගෙන් ආපු ප්‍රශ්නත් එක්ක පවුල් ජීවිතය බැලන්ස් කර ගත් ආකාරය ගැන හුගේ බිරිද පැවසූයේ මේ ආකාරයෙන්, සුනිල්ගේ දේශපාලනය ගැන ආගම සම්බන්ධ දේවල් ගැන සමාජයේ ඉන්න මිනිස්සු පොඩ්ඩක් බලන්න ඒ වැරදි විදිහට.සමහරක් විට මේ සුනිල් හදවතේ තියෙන් ඇත්තම දේ කියන්නේ. ඒවට මිනිස්සු ගොඩාක් බනිනවා..මමත් යූටියුබ් යූ ටියුබ් වල කමෙන්ට් බලනවා සුනිල්ට ගොඩක් දොස් කියලා තියෙනවා ..දැන් නං කියන්න ඇත්තටම අපිට ඒ වගේ දේවල් අවශ්‍ය නැහැ 

අද වෙනකම් කිසිම ව්‍යාපාරයක් මම කරලා නැහැ. බෑන් ඩ් එක හරහායි මියුසික් වීඩියෝ හරහායි තමයි මම හම් බ කලේ.මේ අවුරුදු පනස් එකටම මට තාම කිසි කරදරයක් වෙලා නැහැ.අපිට බැනලා තියෙනවද ඒත් කවුරු මොනවා කිව්වත් මම සැලෙන්නේ නැහැ මම මේ ගමන යනවා .මම ඒ දේවල් වලට ප්‍රතිචාර දක්වන්න යන්නෙත් නැහැ.මම වෙන්නැති ලංකාවේ ජංගම දුරකතනයක් පාවිච්චි කරන්න නැති එකම ගායකයා.තව අය නළු නිළියෝ ඉන්නවද නැද්ද දන්නේ නැහැ නමුත් මම මේ වෙනකම් ෆෝන් එකක් පාවිච්චි කරලා නැහැ.

තාත්තා තමයි මට සෑම ශකිතියක්ම දුන්නේ. තාත්තට පස්සේ මගේ දෙවෙනි තාත්තා වගේ මගේ ලඟින් මගේ හැමදේටම ශක්තියක් වුනේ මගේ බිරිද​. මගේ වාසනාව මට ගෙනල්ල දුන්නෙ මම හිතන්නේ මගේ බිරිඳ වාසනාව තියෙනවා නං නරකක් වෙන්නේ නැහැ.බිරිදගෙන් වාසනා ගුණය ලැබුන නිසා තමයි මට හරි ගියේ කියලයි මට හිතෙන්නේ.මමමෙයාගේ අම්මල තාත්තල දන්නේ නැහැ.ෆිල්ම් එකක් බලන්න යන්නෙත් දෙමළ චිත්‍රපටි ඒ යද්දිත් මෙයා යුනිෆෝම් එකෙන් මම තමයි මෙයාට ඇඳුම් ගෙනියන්නෙ තේරුම වෙලා මෙහෙම වෙලා කසාද බැඳලා තාමත් අපි ආදරෙන් ඉන්නවා

ඒ වගේම සුනිල් පෙරේරා ගැන් බිරිද පවසා තිබුනේ මේ ආකාරයෙන් , සුනිල් අයියා නිසා හිත බිඳිච්ච වාර තියනවා හැබැයි මෙහෙමයි මම ගොඩක් ඉවසල වැඩ කරන කෙනෙක් දැනුත් එහෙම තමා ගොඩක් දේවල් වලට මම කලබල වෙන කෙනෙක් නෙවෙයි…ඒ දේවල් දැන් කතා කරන්න ඕනේ නැහැ…මෙයා දැන් සීයා කෙනෙක් අපිට ඒ දේවල් වලින් වරදක් සිද්ධ වුණේ නැහැ.වෙන්න තිබ්බ දේවල් සිද්ධ වුණා මම දරුවෝ හදාගෙන හිටියා පවුල කඩාගන්නෙ නැතුව ඒ නිසා මම ආස නැහැ කාටවත් දොස් කියන්න .අපි දෙන්නගෙම ආදරේ හැමදාම වැඩි වුනා. අපි දෙන්නා ආගම කියලා අදහන්නේ ආදරය තමයි.

 1990 විතර gypsies band එකෙන් ප්‍රාර්ථනාවක් කරනවා ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා කියලා දැන් අවුරුදු තිහක් විතර ගත වෙලා තියෙනවා ඒ ගැනත් ඔහු අදහස් පැවසූයේ මේ ආකාරයෙ න්වෛරය වැඩි වෙලා තියෙන්නේ වෛරය ප්‍රතිශතයක් හැටියට ගත්තහම.මිනිස්සු මිනිස්සුත් එක්ක තරහයි..සමහරක් මිනිස්සු හිතාගෙන ඉන්නේ එක පිරිසකට විතරක් මේ රට අයිතියි කියලා.සිංහල බෞද්ධයෙක් හැර වෙන කෙනෙක් මේ රටේ ජනාධිපති වෙනවට, අගමැති වෙනවට කැමතිද අපේ රටේ ගොඩාක් මිනිස්සු නෑනේ.කවුරුත් කැමති නැහැ..කවුරු කාට වෛර කෙරුවත් අපි අපේ හැමෝටම ආදරේ කරනවා….මගේ පුතාගේ විවාහයේ මුස්ලිම් විදියට වෙන්න ඕනේ කිව්වා මම ඒකටත් සහභාගි වුණා,මගේ දුවගේ විවාහයේ බෞද්ධ විදිහට සිද්ධ වුණා…සුද්දන්ව පන්නා දැමීමෙ දිනය​ සමරනවා පෙබරවාරි 4 වෙනිදා අවුරුද්දට එක දවසක් ඉතිරි දින 364 ම කල්පනා කරන්වා සුද්දන් ගේ රටකට කොහොම්ද පැනගන්නේ කියලා.

අපේ රට හදන්න කියන එක මම කියන්නේ මේ මිනිස්සු ඔක්කොම ඒකරාශී කරන්න.ඒක කරන්න බැහැ මොකද වෛරය උඩදුවලා තියෙන්නේ.හරකව නිදහස් කරනවා පින් බලාගෙන දමිළ මිනිහත් එක්ක හරිම තරහයි…මුස්ලිම් මිනිහත් එක්ක පට්ට තරහා යි …අපේ රට හැමෝගෙම රට කියන එක මේ ජන නායකයින්ට තේරෙන්න ඕන​.ජාතික ගීය එක භාෂාවකින් විතරක් නෙවෙයි භාෂා දෙක තුනකින් කියන්න පුළුවන් අපේ රටේ මිනිස්සු ඒක රාශී කරන්න පුළුවන් නම්. නමුත් බැහැ ඒ දේ කවදාවත් කරන්න​.

සල්ලි අවශ්‍යයි ජීවත් වෙන්න.මම කියන්නේ එහෙම නැතුව වුණාම තමයි ගෙදර එක ගොඩක් ප්‍රශ්න ඇතිවෙන්නේ.ඉස්සර කියනවා වගේ දේවල් නැතුව මම නම් කියන්නේ අද කාලෙ හැටියට නම් සල්ලි අනිවාර්යෙන් අවශ්‍යයි.අඩු ගානේ තමාට තියෙන එදිනෙදා දේවල් ටික ගෙවා ගන්න දරුවන්ට​ කන්න බොන්න දේවල් ටික හොයාගන්න ගෙදරට​ අවශ්‍ය දේවල් ටික තමාට කරගන්න පුළුවන් නම් එතන ලොකු ශක්තියක්…මුදල් කියන දේ අනිවාර්යයෙන්ම අවශ්‍යයි.විශ්ව ශක්තිය.ඒ ආශිර්වාදය හැම අතින්ම ලැබෙන කොට හරිම සුන්දරයි

අපි දෙන්නට ගොඩාක් ප්‍රශ්න​ ඇවිල්ලා තියෙනවා ගොඩක් දේවල් නම් එච්චර ගනන් ගන්න ඕනේ දේවල් නෙවෙයි.බාධක කියලා විශේෂ දේකට වුනේ ඉතින් මම බිරිදගේ හිත කඩපු එක තමයි..ඒ දෙවල් මම හිතන්නේ විවාහයට බොහෝ සේ බලපානවා…ඒක තමයි මගේ ජීවිතේ විශේෂයෙන් ම දරුණුවටම බලපාපුඅපරාධයක් වුනේ.ඒක කරලා වැඩි කල් මට ඉන්න වුනේ නැහැ මගේ පපුවේ අමාරුව හැදිලා ඇමරිකාවේ ඔපරේෂන් එකකටත් ගියා. ඒක් තමයි කියන්නේ තමා වැරදි කර්ද්දී ඒක තමන්ට බලපානවා.මම කියන්නේ හැමදේම ආදරෙන් විතරයි දින්න පුළුවන් මේ රටේත් නායකයෝ මේ දේ තේරුම් ගත්තු දවසට සියළු ජන කොටස් සමානයි කියලා තේරුම් ගත්තු දවසට මේ රටටත් ඒ ශක්තිය වාසනාව ලැබේවි.

මේ ලෝකේ තියෙන සෑම දෙයක්ම නැති වෙනවා.ඒක බුද්ධාගමෙත් කියන දෙයක් කිසි දෙයක් ස්ථීර නැහැ.ඉතින් ජිප්සීස්ලත් ඒ විදියටම කාලයකදී නැතිවෙලා යනවා.මේ ලෝකේ කිසිම දෙයක් සදාකාලිකව තියෙන්නේ නැහැ.මට දැන් 69ක් වෙනවා මේ අවුරුද්දේ ලබන අවුරුද්දේ 70යි. ඉතින් 70න් පස්සේ ජීවිතයේ ලොකුවට බලාපොරොත්තු තියාගන්න බැහැනේ.මගෙන් පස්සේ සමහරවිට ජිප්සීස්ලා නවතීවි.මගෙනුයි පියල්ගෙනුයි පස්සේ මගේ දරුවෝ කවදාවත් මගේ දේවල් වලට අඩිය තියලා ඒ දේවල් කරගෙන් යන්න දගලන්නේ නැහැ.එයාලගේ දේවල් එයාලා කරනවා. මගේ පුතාලනම් මගේ සින් දු කියලා ජීවත් වෙන්න දගලන්නේ නැහැ.එයාලටත් වාසනා ගුණය තිබ්බොත් එයාලගෙම දෙයක් කරගන්න පුළුවන් වෙයි.

අපි දෙන්නට පින් පව් හැමදේම හොද විදියට වුනා. ඒ අතින් කරදරනම් අපි දෙන්නට වුනේ නැහැ.මගේ අතින් තමයි හැම වැරැද්දක්ම වුනේ.නෝනා අතින් නම් වැරදි වුනේ නැහැ.ඉතින් මේ දේවල් විද දරාගෙන ඉවසගෙන මගේ නෝනගෙන් මට ලැබුන ආදරය​, සියළු දෙනාටම ලැබුන ආදරය අති විශිෂ්ඨයි කියලයී ඔහු මෙහිදී අවසාන වශයෙන් කියලා තිබුනේ.