Celebrity Gossip

කුන්ඩලීනී ශක්තියෙන් ගඟට මුට්ටි දමා කොරෝනා සුව කිරීමේ නිර්මාතෘ වෛද්‍ය ඒලියන්ත වයිට්ටත් කොරෝනා

වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාට හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට කොරෝනා වෛරසය ආසාදන වී ඇති බව වාර්තාවේ. ඒ මහතා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව ද සඳහන් වේ.කොරෝනා ආරම්භක අවධියේ දී ඔහු කියා සිටියේ තමන් සතු කුණ්ඩලීනී ශක්තියෙන් ශ්‍රී ලංකාවේ කොරෝනා පාළනය සදහා තමන් කටයුතු කල බවයි.

රට පුරා ව්‍යාප්ත වෙමින් ඇති කොරෝනා වෛරසයෙන් රට බේරා ගැනීම සඳහා වෛද්‍ය එලියන්ත වයිට් මහතා විසින් විශ්ව ශක්තියෙන් බල ගැන්වූ පැන් කල හතරක් ගංගාවන් වෙත මුදා හැරූ සිද්ධියක් පසුගිය වසරේ ජනප්‍රිය විය​. ඒ අනුව ඒලියන්ත වයිට් මහතා විසින් ඉන් එක් පැන් කළයක් කොද්දූව ප්‍රදේශයෙන් මාදු ගගටද, සංචාරක අමාත්‍ය ප්‍රසාන්න රණතුංග මහතා විසින් එක් පැන් කළයක් ගම්පහ ප්‍රදේශයෙන් කැලණි ගගටද, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් එක් පැන් කළයක් රත්නපුරේදී කළු ගගටද, උදය ගම්මන්පිල මහතා විසින් එක් පැන් කළයක් කොළඹදී කැළණී ගගටද මුදා මුදා හැර ඇත​.එමෙන්ම ඉන්දියාවේ ද කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා තමන් මැදිහත් වූ බවද ඔහු සඳහන් කළේ යැයි එකල මාධ්‍ය වාර්තා කර තිබිණි.