Celebrity Gossip

අපටද ඉක්මන් සුවය ප්‍රාර්තනා කරන මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා-ගයාන් ගුණවර්ධන තැබූ සටහන​

මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන පාර දිගේ ටෙලි සිත්තම හරහා බෝහෝ ප්‍රේක්‍ෂක ආදරයට​ පත් වුන චරිතයක් තමයි ගයාන් ගුණවර්ධන කියන්නේ.ඔහු දක්ෂ ගායකයෙක් වගේම අපේ රටේ දක්ෂ නවක රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔහුගේ පියත් අපේ කාලා ශේෂ්ත්‍රයේ සිටින ඉතා දක්ෂ ගායන ශිල්පියෙක් ඔහු නමින් නුවන ගුණවර්ධනයි. ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන, ඔහුගේ බිරිඳ සහ පුත් ගයාන් ගුණවර්ධන ඇතුළු පවුලේ සියලු දෙනාටම කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී තිබේ.ඔවුන් සියලුදෙනාට සිදුකල පීසීආර් පරීක්ෂණ වලදී ඒ බව ඊයේ  තහවුරු වී ඇත.නුවන් ගුණවර්ධන මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.මේ සම්බන්ධයෙන් නුවන් ගුණවර්ධනගේ පුත් ගයාන් ගුණවර්ධනගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.ඒ සටහන මෙසේය​,

මගේ පියා වන නුවන් ගුණවර්ධන, මම සහ මාගෙ මව යන අප පවුලේ සියළු දෙනා අද දින සිදුකල PCR පරීක්ෂණ වලදී COVID 19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගන්නා ලදි. ඉතින් මේ කාලය තුළ අප හා ගැටුණු අයෙක් වේ නම් තම නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

මාගේ පියා මේ වන විට රෝහල් ගත වී ප්‍රතිකාර ලබන අතර අප ද ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව කනගාටුවෙන් දන්වමි.තවද ඔබ සියලු දෙනා මේ භයානක කාල සීමාව තුල පරෙස්සමින් සිටින මෙන් ආදරයෙන් ඉල්ලා සිටින අතර අපටද ඉක්මන් සුවය ප්‍රාර්තනා කරන මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.