Celebrity Gossip

මගේ අක්කා පවා මගෙන් ඇහුවා රස්තියාදුකාරයෙක් එක්ක විවාහ වෙලා ජීවීතේ විනාස කර ගන්නද හදන්නේ කියලා-කුසුම් රේණු

කුසුම් රේණු කියලා කියන්නේ අපේ රටේ ඉන්න  සම්මානලාභී දක්‍ෂ රංගන ශිල්පිනියක්. ඒවගේම ඇය ලාංකේය කළා ලෝකයේ ඉන්න රංගධරයින් අතර සුවිශේෂි රංගන ශිල්පියෙක් වන ශ්‍රියන්ත මෙන්ඩිස් ගේ ආදරණීය බිරිදද වෙනවා.ඉතින් කුසුම් රේණු කියන දක්‍ෂ රංගන ශිල්පිනිය ගැන හඳුන්වා දීමට අමුතුවෙන් විස්තර අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද වසර ගණනාවක ඉදන් අපේ රටේ සිටි දක්‍ෂ රංගන් ශිල්පිනියක් වී හමාර නිසා. සැබෑ ජීවිතයේදී ආදරණීය මවක් වගේම රංගන ජීවීතයේදී ආදරණීය මවක් වූ අවස්ථා බොහෝමයක් තියෙනවා ඇයට​.

වේදිකාවෙන් රංගන ජීවිතය ආරම් භ කලත් අවසානයේ දී රිදී තිරය වගේම සිනමාවද ජය ගන්න ඇයට හැකිවුනා. රංගනයේ තියෙන දක්‍ෂතාවය නිසාම ගණන් කල නොහැකි තරම් සම්මාන දිනාගැනීමටද ඇයට හැකි වුනා.ඉතින් ආදරණීය බිරිදක් , මවක් වගේම මිත්තණියක් ලෙස තම ජීවිතය ගත කරන කුසුම් රේණු පසුගිය කාලයක් පැවති මාධ්‍ය සාකච්ඡාවකට සම් බන් ධ වෙමින් තම විවාහ ජීවිතය ගැන වගේම රංගන ජීවිතය ගැන අදහස් ප්‍රකාශ කරලා තිබුනේ.එහිදී ඇය සදහන් කල තොරතුරු මෙසේය​.

මම ඉස්කෝලේ යන කාලේ හරිම දඟ ළමයෙක් .ඉස්සර පාසල් ඇරිල එන්නෙ හරියට වැඩට ගිහින් වගේ හයා මාරට විතර ගෙදර එනවා.පාරෙ තියන ගල් වලට කකුලෙන් ගහ ගහ, මඩේ බැහැලා ඔන්න ඔහොම තමයි ගෙදර එන්නේ. ඒ ඇවිත් සපත්තු දෙක ගලවලා පැත්තකින් තියෙනවා ඊට පස්සෙ  ඉතින් ආයේ මතකත් නැහැ.සපත්තු දෙක ගැන මතක් වෙන්නෙ උදේට ආයෙ ඉස්කෝලෙ යනකොට.ඉතින් සපත්තු හෝදන්න කම්මැලිකමට මම කරන්නේ අම්මට හොරෙන් පවුඩර් ටිකක් කොල කෑල්ලකට  ඔතාගෙන යනවා.ඊට පස්සේ හිමින් සැරේ මඩ තැවරිච්ච සපත්තු දෙකේ ගාගන්නවා.හැබැයි මොන දේ කලත් අධ්‍යාපනය අතින් දක්‍ෂයි. ඒවගේම දහය වසර විත වෙද්දී මට තනියම මගේ ඇදුම් මහගන්නත් පුළුවන්. ඒ අතින් හැකියාව තිබුනා මට​.”

1984 දී හොදම නිළියට හිමි යොවුන් රංගන ශිල්පිනිය සම්මානය මට හම් බ වෙනවා. ඒ හිම කුණාටු කියන නාට්‍යය වෙනුවෙන්.ඒ කාලය අතරතුර තමයි මගේ ජීවිතේ ලොකු පෙරළියක් වෙන්නේ .ශ්‍රියන්තට ආදරෙයි කියන්නේ, මම රැකියාවට මුලින්ම යන්නේ, ඒ වගේම මේ සම්මානය ලැබෙන්නේ වගේ මගේ ජීවිතේ ගොඩාක් දේවල් මේ කාලෙදී වුනා.ශ්‍රියන්ත  එක්ක මං  යාලු වෙලා ඉන්න කාලේ එයා ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පියෙක්.මට මතකයි ඒ දවස්වල එයා ‘සූරසේන’ කියන චරිතයට ඉතාම සාධාරණයක් ඉටු කරමින් දක්ෂ ලෙස රඟ පෑවා.

ඉතින් රසිකයෝ එයාව හැඳින් වූයේ සුරසේන කියන නමින්.ඉතින් දවසක් මම මගේ ජොබ් එකෙන් කෙටි නිවාඩුවක් දාලා ශ්‍රියන්තව හම්බ වෙන්න යනවා.එතකොට අපි දෙන්නව ගමේ මනුස්සයෙක් දැකලා අපේ තාත්තට ගිහින් කියලා අන්න දුව බස් හෝල්ට් එකේ සූරසේනත් එක්ක ඉන්නවා කියලා.ඉතිං ඒ චරිතයත් එක්ක මිනිස්සු ඒ කාලේ ශ්‍රියන්තව චාරයක් නැති මනුස්සයෙක් ගානට දාල තමයි කතා කලේ.මගේ අක්කා පවා මට කිව්වා රස්තියාදුකාරයෙක් එක්ක විවාහ වෙලා ජීවිතය නැති කරගන්න ද හදන්නේ කියලා.ඒ තරම් ශ්‍රියන්ත ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ට කළා.

 මම මගේ පවුල් ජිවිතයට ආදර්ශමත් බිරිඳක් සහ මවක් විදිහට කටයුතු කරනවා.මම කැමති නෑ කිසිම කෙනෙක් අඩුම ගානේ සතෙක්වත් මම නිසා මානසිකව පීඩා විඳිනවට.මට හොඳ ඉවසීමක් තියෙනවා.මං හිතන්නේ ගැහැනියක් විදිහට අපි අදහන ධර්මය අනුව  අපි ප්‍රගුණ කරන්න ඕනේ මේ ඉවසීම කියන දේ.අපේ ජීවිත වලට මොනතරම් ප්‍රශ්න ආවත් මගේ ඉවසීමේ නිසා ඒ හැමදේම විසඳගන්න සහ දරාගන්න මට පුළුවන් වුණාගැහැනියක් වුනාම තියෙන්න ඕනෙ ඉවසීම කියන එක කියලයි මම හිතන්නේ” කියලයි ඇය කියා සිටියේ.