Celebrity Gossip

තනිකඩ ගැහැණියෙක්ගෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ- මේධා ජයරත්න

ජිවිතේ ගැටගහගන්න තමයි අපි කවුරුත් දඟලන්නේ. නමුත් ගැහැනියක් තනියම ජීවිතය ගැටගහගන්න දරන උත්සහයත් එක්ක ඇයගේ ජීවිතයට ඇතිවුණු බාහිර බලපෑම් සමඟ ගෙවන ජීවිතය මොන වගේද කියලා ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. ඉතින් එලෙස ජීවිතයට එන අභියෝග ජයගනිමින් එයට  මුහුණ දෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි මේධා ජයරත්න කියන්නේ. ඇයගේ ජීවිතයට එන බලපෑම් කොයිවගේද කියලා සතිඅන්ත පුවත්පතකට ඇය මෙලෙස අදහස් දක්වා තිබුණා.

මේ දිනවල ජනප්‍රිය නිළි මේධාගේ කාලය ගෙවී යන විදිය ගැන ඇය කියා තිබුණේ මේ ආකාරයටයි. “ මේ දවස්වල ඉතින් මම කාලය ගතකරන්නේ ගෙදර වැඩකටයුතුත් එක්ක තමයි. එළියට බහින්නවත් බැහැනේ. ඉතින් නිදහසේ ගෙදරට වෙලා ඉන්නවා.” ඒ වගේම පහුගිය දවස්වල ඇය සමඟ වැඩකළ ශිල්පීන් කිහිපදෙනෙක්ටම කොරෝනා ප්‍රශ්නය මතුවුණා. ඉතින් ඇය එයට මුහුණ දුන් විදිය ගැනත් කියා තිබුණා. “ මං සමඟ වැඩ කරපු ශිල්පීන් කිහිපදෙනෙක්ම අසනීප වුණා. බයක් නම් ඇති වුණේ නැහැ. අපිට දැන් කොරෝනා එක්ක ගැටෙමින් තමයි ජීවත් වෙන්න තියෙන්නේ. අද හොඳට හිටියත් හෙට මොන වගේ තත්වයක් උදා වෙයිද කියලා කියන්න බැහැ. හැමදේටම මුහුණ දෙන්න බලන් ජීවත් වෙනවා.”

ඉතින් ඒ වගේම පහුගිය දවස්වල හිරු මෙගා ස්ටාර් හරහා නටපු නැටිල්ල ගැනත් ඇය කිව්වේ මෙහෙම කතාවක්. “ හිරු මෙගා ස්ටාර් සීසන් 2 වගේම හිරු මෙගා ස්ටාර් සීසන් 3 එකෙත් මට වැඩ කිරීමට හැකිවුණා. හැබැයි සීසන් 3 වැඩසටහනේදී මගේ ලොකු වෙනසක් ප්‍රේක්ෂකයන්ට දැනුණා. ඒ වගේම මම ඒ වෙනුවෙන් මහන්සි වුණු නිසා නිර්මාණ ගොඩක් මට මඟ හැරුණා.” ඊට පස්සේ ඇය කතා කලේ ඇයට ලැබෙන නිර්මාණ ගැන. “ හිරු මෙගා ස්ටාර් එකෙන් පස්සේ මට ආරාධනා ගොඩක් ලැබුණා. මොකද මේ පහුගිය දවස්වල මාව සම්බන්ධ කර ගැනීමට ටිකක් අපහසු වුණා. මම සම්බන්ධ වුණු ටෙලිනාට්‍ය 20ක් විතර තියෙනවා විකාශනය වෙන්න.”

තනිකඩ ජීවිතයක් ගෙවන ගැහැණියක් ලෙස ඇයට බාහිරින්  එන බලපෑම් වලට මුහුණ දෙන ආකාරය ගැනත් කිව්වේ මෙහෙම කතාවක්. “ එවැනි ප්‍රශ්න වලට මුහුණ දීමේ ආත්ම ශක්තියක් මට තියෙනවා. මම ප්‍රශ්න වලින් පැනලා හැංගිලා ඉන්න කැමති දෙනෙක් නෙවෙයි. විවිධ අයගෙන් විවිධ බලපෑම් ආවා. ගැහැනියක් තනියම ඉන්නකොට මිනිස්සු බලාපොරොත්තු වෙන දේවල් ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එවැනි පුද්ගලයන්ට මම පිළිතුරු දුන්න විදිය ගැන ඒ මිනිස්සුන්ම දන්නවා.”

ඇගේ ආදරණීය සැමියා ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙක්. අතීතයේ සිදුවුණු ප්‍රශ්න එක්ක නැවතත් ඔහුගේ නිර්මාණයකට ආරාධනා කලොත් “මම මගේ පෞද්ගලික ජීවිතය නිර්මාණ සමඟ සසඳන්න යන්නේ නැහැ. ආරාධනාවක් ලැබුණොත් මම නිර්මාණය මගේ වෘත්තීය ගැන හිතලා මම සම්බන්ධ වෙනවා.” කියලයි ඇය නම් කිව්වේ.

ඇය වෘත්තීය රංගන ශිල්පිනියක්. නමුත් දැන් ඇතිවී තියෙන වාතාවරණයත් එක්ක කලාව අත්හැරලා වෙන දෙයකට යොමුවීම ගැන ඇය කිව්වේ මෙවැන්නක්. “මට ජීවත් වෙන්න සාමාන්‍ය මුදලක් තිබුනම ඇතියි. මහා පරිමාණයෙන් මං හොයන්න යන්න කැමති නැහැ. ලද දෙයින් මං සතුටු වෙලා ජීවත් වෙනවා. ඉතින් ඒ තමයි ජනප්‍රිය නිළි මේධා ජයරත්න අවසාන වශයෙන් දක්වා තිබු අදහස්.