Celebrity Gossip

මම ලියන්නේ මගේ ජීවන අත්දැකීම්.මගේ නාට්‍යය තුනම තමයි ලංකාවේ අංක එකට ආවේ-සමන් එදිරිමුණි

සමන් එදිරිමුණි කියලා කියන්නේ ලංකාවේ තිරපිටපත් රචකයෙකු ලෙස අපේ රටේ ජනප්‍රියත්වයට පත් සුවිශේෂ චරිතයක්. මේ දිනවල ලංකාවේ ප්‍රධාන රූපවාහිනී නාලිකාවක් වන දෙරණ නාලිකාවේ විකාශනය කෙරෙන දෙවෙනි ඉනිම, සංගීතේ, ඉස්කෝලේ යන ජනප්‍රිය ටෙලිනාට්‍ය තුනේම තිර පිටපත් රචකයා වන්නේද එදිරිමුණි  මහතායි.එපමණක් නොවෙයි සිදූ ටෙලි නිර්මාණයෙන් ආරම්භ කල ඔහුගේ ටෙලිනාට්‍ය පිටපත් නිර්මාණ චාරිකාව වර්තමානය වනවිට අපේ රටේ ජනප්‍රියම ටෙලිනාට්‍ය රැසක් බිහිකිරීම දක්වා විහිදී ගොස් තිබෙනවා.කොහොමහරි ඉතින් ඔහු රචනා කරන ටෙලි නිර්මාණ යම් පිරිසක් ආසාවෙන් නරඹද්දී තවත් සමහරක් සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල කර තිබෙනවා. ඒ ඔහු රචනා කරන ටෙලි නිර්මාණ බොහෝමයක් දිර්ඝ කාලයක් විකාශනය කෙරෙන බවටයි. කොහොම නමුත් ඔහු මෑතකදී පුවත්පත් සාකච්ඡාවක් සමගින් එකතුවී ඔහුගේ මෙගා ටෙලිනාට්‍ය ගමන පිළිබඳව කියලා තිබුනේ මෙන්න මේ විදිහේ කතාවකුයි,

මම සිදූ ලියද්දි සමීක්ෂණ වාර්තාවල අංක එකට ආවා දෙවෙනි ඉනිම, සංගීතේ, ඉස්කෝලේ යන ටෙලි නිර්මාණ තුනත් විවිධ අවස්ථාවල අංක එකට ආවා. ඉතින් මන් මෙතෙක් ලියපු සෑම ටෙලිනාට්‍යයක්ම අංක එකට ඇවිත් තිබෙනවා. පිට රටවල ගත්තොත් එක මෙගා නාට්‍යයක් හතර දෙනෙක් විතර ලියනවා. මෙහෙ මම තුනම තනියම ලියනවා.මේක මගේ පොඩි කාලේ ඉදන් විනෝදාංශය” කියලයි. අපේ කතා තුන ගත්තොත් නම් මේක ටීම් වර්ක් එකක්. මම ලියන කතාව හරියට සාරංග මෙන්ඩිස් අධ්‍යක්‍ෂණය නොකළොත්, චාමිකා මෙන්ඩිස් හරියට නිෂ්පාදන දායකත්වය නොදුන්නොත්, චරිත් කොතලාවල රේඛීය නිෂ්පාදනය නොකළොත් , ලක්සිරි වික්‍රමගේ මහතා හරි ගුරු හරු කම් නොදුන්නොත් වැඬේ සාර්ථක නැහැ. මේ පස් දෙනාගෙන් එක්කෙනෙක් හරි හැලුණොත් මේ නිර්මාණය මීට වඩා වෙනස්.

මෙතන තීරණාත්මක කෙනා කවුද කියලා බැලුවොත් අපට අවිවාදයෙන්ම කියන්න වෙනවා පිටපත් රචකයාට තමයි වැඩි බර එන්නේ. මූලිකවම වස්තු විෂය තමයි පිටපත් රචකයා ලවා රචනා කර ගන්නේ. ලක්සිරි මහතා මට කියපු දේ හරියට කළ නිසා තමයි මේ නිර්මාණය මේ තරම් සාර්ථක වුණේ. පිටපත තමයි නිර්මාණයක අඩිතාලම. ඒ අඩිතාලම හරියට තිබුණොත් තමයි ඕනෑම දක්‍ෂයකුට වැඩ කිරීමට හැකි වන්නේ. දෙබස් ටික හරියට ලියලා නැත්නම් නළුවාට දෙබස් අතින් දාලා කියන්න බැහැ. ඕනෑම නිර්මාණයක් ගත්තොත් තිර පිටපත අතිශයින්ම වැදගත්. අපේ නිර්මාණ ඇතුළේ අපේ තියෙන ටීම් වර්ක් එක කිසිම නිර්මාණයක මම දැකලා නැහැ. අපේ වැඩේ අපි හැමෝම සමාන බරක් කරට අරන් ඉන්නේ.

පාඨකයන්ට මේක අද වෙනස් විදියට දැනෙන්න පුළුවන්. යූ ටියුබ් හෝ ෆේස් බුක් මේ ලෝකේ නැති නම් නව කතා ලියලා මට ලැබුණු ආදරයක් තියෙනවනේ. ඒ ආදරය දෙගුණ තෙගුණ වෙලා ලැබෙනවා. අර මා පැවසූ මාධ්‍ය දෙක නැත්නම්. ඒ කාලේ නව කතා කියවන රසිකයන්ට තමන්ගේ ප්‍රතිචාරය පළ කරන්න මාධ්‍යයක් තිබුණේ නැහැ. ලියුමක් එවීම සහ දුරකතනයෙන් තමයි ප්‍රතිචාර දක්වන්න තිබුණේ. හැබැයි ඒ අය කවදාවත් දොස් කියලා නැහැ. යම් පරිශ්‍රමයක් දරලා මට ප්‍රතිචාර දක්වන්නේ මට පුදුම විදියට ආදරය කරන කෙනෙක්. සමාජ මාධ්‍යයේ දී මේක හාත්පසින්ම වෙනස්. සමාජ මාධ්‍යයේ තිබෙනවා සැඟවුණු කමක්. ගොඩක් අය චණ්ඩි වෙන්නේ සැඟවුණාමනේ. ගරිල්ලා ප්‍රහාර තමයි හොඳටම කරන්න පුළුවන්. 

මගේ මූණ ඉස්සරහට ඇවිල්ල කවුරුත් බනින්නෙ නැහැ. මගේ සමහර නවකතා පාඨකයෝ මට ඇත්තටම බනිනවා දැන් ටෙලිනාට්‍ය ලියන්නෙ නවකතා ලියපු සමන් නෙවෙයි කියලා. ඔව් ඒක ඇත්ත මොකද මම ලියපු සුළග සහ ඔබ නවකතාව අවුරුදු 10ක් තිස්සේ ලියලත් ශුද්ධ ලාබය විදියට ලක්ෂ 7යි මම ගත්තෙ.” කියලයි. ඉතින් ඔහු කියන්නෙ ප්‍රේක්ෂකයාට වින්දනය සපයමින් මෙහෙම දුක් විදින්න ඕනේ නැහැ කියලයි.රහස් කීපයක් තිබෙනවා. පිටපත සම්බන්ධයෙන් ගත්තොත් මම ලියන්නේ මගේ ජීවන අත්දැකීම්. ඒවා නැවත මම ප්‍රති නිර්මාණය කරනවා. මම මිනිසුන්ව අධ්‍යනය කරනවා. කවුරු මොන ටෙලි නාට්‍ය අලුතෙන් ගෙනාවත් අපේ එක අබිබවා නොයන්න සැලසුම් තිබෙනවා. ඒවා රහස්

ඔහු මෙලෙස ටෙලිනාට්‍ය ලියන්නෙ ජීවන වෘත්තියක් විදියට බවයි පවසන්නෙ. ඔහු කියන විදියට දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ශිල්පීන් අවුරුදු හතරක ඉදල ස්ථීර ආදායමක් ගන්නවලු. ඒ වගේම බහුතර නළු නිලියෝ දැන් පොඩි වැඩවලට කැමති නැති බවයි එදිරිමුණි කියන්නෙ. පොඩි වැඩවලටත් ඔවුන් ලොකු මුදලක් ඉල්ලනවලු. ඉතින් අවසාන වශයෙන් ඔහු කියන්නේ කවුරුත් කාගෙවත් ඇග බැදලා නැති බවයි. මෙගා නාට්‍යවලට අකමැති අයට කැමති නම් ප්‍රාසාංගික ඒවායේ පමණක් රගපෑ හැකි බවයි ඔහු තවදුරටත් කියල තිබුණේ.