Celebrity Gossip

නළුවෙක් වෙන්න කොළඹ ඇවිල්ල කාපු කට්ට දන්නේ මං විතරයි.මුලින්ම අවස්ථාව ලැබුනේ මගේ පෙනුම නිසා-ධනුෂ්ක සම්පත්

TV දෙරණ ඔස්සේ විකාශනය වන ඉස්කෝලේ ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් චරිත අතර රන්දික කියන්නේ අලුත් මුහුණක් වගේම දක්ෂතා සපිරි යෞවනයෙක්. මේ දිනවල ප්‍රේක්ෂකාගාරයේ ආකර්ශනය වගේම විශේෂයෙන් තරුණියන්ගේ ආකර්ෂණය දිනාගත් ඉස්කෝලේ නාට්‍යයේ රන්දික ලෙස රඟපාන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න නවක රංගන ශිල්පියෙක් වන ධනුෂ්ක සම්පත්. ඉතාම කෙටි කාලයක් තුළ ලොකු කුඩා කා අතරත් ආදරය, ජනප්‍රියත්වය දිනාගත් ධනුෂ්ක සම්පත්  පහුගිය දවසක පුවත්පතක් සමග එකතුවෙලා කතාබහ කරල තිබුණා .

මැණික් ව්‍යාපාරිකයෙකු වු දර්ශක නළුවෙක් වුණු ආකාරය ගැන කියලා තිබුණේ මෙහෙමයි. “මේ හීනය හැබෑ කරන්න මම අවුරුදු ගානක් කට්ට කෑවා. පාසල් කාලේ ඉඳලා කලා වැඩවලට මම හරිම කැමතියි. ඒ කාලේ ඉඳලා මට තිබුන ලොකුම හීනය තමයි නළුවෙක් වෙන එක. හැබැයි අපේ අම්මයි තාත්තයි ඒක දැක්කේ පිස්සුවක් වගේ. මම කලා වැඩ වලට සම්බන්ධ වෙනවට අම්මයි තාත්තයි කැමති වුණේම නැහැ. පුංචි පුංචි වැඩ කරලා අත්දැකීම් අරගෙන දුෂ්කරතා විඳගෙන තමයි මේ ගමන ආවේ. අවුරුදු තුනක් විතර අවස්ථාවක් ලැබෙනකම් ආසාවෙන් බලා සිටියත් මට අවස්ථාවක් ලැබුනේ නැහැ. ඔය අතරෙදි දමලා ගහලා අතහැර දාන්න හිතුවත් හිතේ තිබුන හීනයත් එක්ක කවදහරි අවස්තාවක් ලැබේවි කියලා බලාපොරොත්තුවක් තිබුණා. ඒ අතරෙදි අම්මයි තාත්තයි කිව්වා ඕවා හරියන වැඩ නෙමෙයි ව්‍යාපාර කටයුතුවලට මූලිකත්වය දෙන්න කියලා. හැබැයි මම උත්සාහය අතහැරියේ නැහැ. අද මගේ අම්මයි තාත්තයි මම රඟපානවා බලන්නේ පුදුමාකාර සතුටකින්.”

ධනුෂ්කට රංගනයට අවස්ථාව ලැබුණු ආකාරය පිළිබඳ කතා කරලා තිබුණේ මෙහෙමයි. “ඇත්තටම මුලින්ම අවස්ථාව ලැබුනේ පෙනුමට. පස්සේ තිර පරීක්ෂණයට ගිහින් මගේ හැකියාවන් පෙන්නුවම දක්ෂතාවයයි පෙනුමයි දෙකම තියෙන නිසා අවස්ථාව ලැබුණා. රන්දික කියන්නේ ඇත්තටම මගේ වාසනාවට ලැබුණු චරිතයක්. විශාල ප්‍රේක්ෂක ආදරයක්, ජනප්‍රියත්වයක් ලැබෙද්දී මට දරාගන්න බැරි තරම් සතුටක් දැනෙනවා. නළුවෙක් වෙන්න කොළඹ ඇවිල්ල කාපු කට්ට දන්නේ මං විතරයි. ජීවිතේ ප්‍රතික්ෂේප වීම් වෙනකොට අපිට ඇරෙන දොරවල් ප්‍රමාණයත් වැඩියි. ප්‍රතික්ෂේප වෙන තැන් දරාගන්න පුරුදු වුණ නිසා තමයි මට මගේ අරමුණට එන්න පුලුවන් වුනේ.”

නවකයෙක් විදිහට ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගයත් ඔහු මෙහිදී මතක් කරලා තිබුණා. “ ඒ ලැබෙන සහයෝගය ගුරුහරුකම් වචනයෙන් කියලා නිම කරන්න බැහැ. සුසිලා කෝට්ටගේ මහත්මිය, ආනන්ද අතුකෝරල තව ගොඩක් ප්‍රවීණයෝ මේ නිර්මාණයේ ඉන්නවා. ඔවුන් සමග වැඩ කරන ලැබීම ඇත්තටම භාග්‍යයක්. අපිට වැරදි අඩුපාඩු හදාගන්න ඒ ප්‍රවීණ පිරිස ගොඩක් උදව් කරනවා.”

ඉතිරි නිර්මාණ කටයුතු ගැනත් ඔහු මෙහිදී කියලා තිබුණා. “ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඊට අමතරව සිනමා නිර්මාණයකට ආරාධනා ලැබිලා තියෙනවා. චරිතය කුමක් වුණත් මට ඒ තුළ කළ හැකි දෙයක් තියෙනවා නම් මම භාරගන්නවා. හොඳ නිර්මාණ එක්ක දිගටම කලාවේ රැඳෙන්න තමයි මගේ එකම බලාපොරොත්තුව.” ඔහුගේ ප්‍රේම සම්බන්ධතා පිළිබඳවත් කියලා තිබුණා. “ප්‍රේමයක් නම් තිබුණා. ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේදීම ඇය මගේ ගමන තේරුම් නොගැනීම නිසා ඒක නතර වුණා. ඉදිරියේදී මාව තේරුම් ගන්න කෙනෙක් මුනගැහුනොත් සලකා බලනවා.” කියලයි ඔහු අවසාන වශයෙන් කියලා තිබුණේ.