Celebrity Gossip

අම්මටයි, නංගිටයි කොවිඩ් පොසිටිව් වුනා.දැන් ගෙදරටත් මාස්ක් දානවා-ජනප්‍රිය නිළි කාවින්ද්‍යා දුල්ෂානි කියන කතාව

කාවින්ද්‍යා දුල්ෂානි කියන්නේ තවමත් තරුණ වයසේ පසුවන කාගේත් ආදරය දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දිනවල තුරුණු ටෙලිනාට්‍ය හරහා ඇයව දැකගන්නට පුළුවන්. ඉතින් කොහොම වුනත් ඇයටත් මේ දිනවල ගෙදරට වෙලා ඉන්න තමයි  වෙලා තියෙන්නේ . ඒකට හේතුව වගේම ගෙදරටම වෙලා කාලය ගත කරන විදිය ගැන සහ තවත් විස්තර කාවින්ද්‍යා පුවත්පතකට කියලා තිබුණේ මේ විදියටයි .

ඇය රංගනයට වගේම නිවේදනයටත් දස්කම් පෙන්වන තරුණියක්. ඉතින් මේ දෙක අතරින් ඇය වැඩියෙන්ම කැමැත්තක් දක්වන දෙය ගැන ඇය කිව්වේ මෙහෙම කතාවක්. “ මට මේ වැඩසටහන  කරන්න අවස්ථාව ලැබුනේ රඟපෑම නිසායි. කොහොමටත් රඟපෑමට ආස නිසා තමයි රඟපෑම තෝරාගත්තේ . නිවේදනය කියන්නෙත් රඟපෑම වගේම හදාරමින් ඉදිරියට යන්න ඕන ගමනක් . නිවේදනයට ලැබෙන ප්‍රතිචාරත් හොදයි .”

කාවින්ද්‍යාට ගෙදරටම වෙලා නිරෝධායනය වෙන්න වෙලා . ඒ තොරතුරු ගැන ඇය කියා තිබුණේ මේ ආකාරයටයි. “ ඔව් ඇත්තටම මටත් නිරෝධායනය වෙන්න සිද්ධ වුණා . ඒකට හේතුව අම්මටයි, නංගිටයි කොවිඩ් පොසිටිව් වෙච්ච නිසයි . ඒ නිසා ගෙදර හැමෝටම නිරෝධායනය වෙන්න සිද්ධ වුණා. දෙවෙනි නංගිට අවුරුදු 14 යි . එයා  පාසල් අධ්‍යාපනය ලබනවා . එයා ගෙදරින් පිට කොහෙවත් යන්නේ නෑ. අපේ අම්මා  කිව්වේ අම්මගෙන් නංගිට බෝ වෙන්න ඇති කියලයි. මේ දිනවල අම්මයි , නංගියි දෙන්නම රෝහල් ගත කරලා ඉන්නේ. අපේ අම්මට හැදෙන්න ඇත්තේ අම්මා වැඩ කරන ඔෆිස් එකෙන් වෙන්න ඇති. ඉතින් වැඩි හොදට අම්මවයි නංගිවයි රෝහල් ගත කළා. කොවිඩ් පොසිටිව් වුනාට නංගිටයි , අම්මටයි ප්‍රශ්නයක් නැහැ. දැන් සුවය ලබමින් ඉන්නේ.”

ඉතින් ඊට පස්සේ ගෙදර සාමාජිකයන්ගේ විස්තර ගැනත් මේ විදියට ගෙදර ඉන්නකොට කාවින්ද්‍යාට හිතෙන විදිය ගැනත් ඇය කියා තිබුණා. “ ලොකු නංගි විවාහ වෙලා. එයා වෙනම ඉන්නේ. ගෙදර ඉන්නේ චුටි නංගියි , ආච්චියි , අම්මයි , තාත්තයි , මමයි. කොහොමත් අහස් මාළිගා ඉවර වුණාම කාලයක් ගෙදරටම වෙලා ඉන්න ඕනෑ කියලයි මගේ අදහස වුණේ. ඒ අතරේදී සජීවී වැඩසටහනට යන්න බැරිවීම ගැන නම් පොඩි දුකක් තියෙනවා. ඒ වුණත් මේ වෙලාවේ එළියට යන එක නම් හොඳ දෙයක් නෙවෙයි. අපිට පොසිටිව් වුණේ නැහැ කියලා හිතලා කවුරුත් එළියට යන්න හොඳ නැහැ. මේ සෞඛ්‍ය නීතිරීති වලට අපි ගරු කරන්න ඕනෑ.”

මේ වසංගත සමයේදී කාවින්ද්‍යා අතින් වූ අතපසුවීම් ගැනත් ඇය කතා කරලා තිබුණා. “ මට හිතෙන විදියට පොඩි අතපසුවීමක්වත් මගේ අතින් වුනේ නැහැ . එදිනෙදා කලයුතු සෞඛ්‍ය ක්‍රම වෙනදටත් වඩා හොදින් පිළිපදිනවා. ගෙදර අය කියලා හිතාගෙන ‘මාස්ක්’ නොදා ඉන්නේ නැහැ. අපි පරිස්සම් වෙනවා කියන්නේ මුළු සමාජයක් පරිස්සම් කරනවා කියන එකයි. සමහරු එන්නත්කරණයටත් බයයි. එක අනිවාර්යෙන්ම කල යුතු දෙයක්.ඒ වගේම තරුණියක් විදියට ආදරය – විවාහය පිලිබඳ කාවින්ද්‍යා හිතන්න විදිය ගැන ඇය කියා තිබුණේ මෙවන් අදහසක්. “දෙදෙනෙක් අතර ඉතා හොද අවබෝධයක් තිබිය යුතු දෙයක්. මොකද ජීවිත කාලයටම තමයි කෙනෙක් තෝරා ගන්නේ. එතකොට ඒ දෙදෙනා අතර ඉතා හොද බැදීමක් තිබිය යුතුමයි කියලයි මම හිතන්නේ. ඒ ගැලපීම වුනොත් විවාහය කිරීම සුදුසුයි.”

මේ දිනවල කාටත් වැඩිපුර පාළුව තනිකම වගේ දේවල් දැනෙනවා. ඒ නිසා සින්දු අහනවා කියන එක මේ දවස්වල හැමෝම වගේ කරන දෙයක්. ඉතින් ඒ නිසා මේ දවස්වල කාවින්ද්‍යා වැඩිපුරම අහන සිංදු විදියට ඇය නම් කරලා තිබුණේ “සන්තුෂ් – අශාන්ති එක්ක චිත්‍රපටයක ගැයූ ‘මොහොතින් මොහොතට’ ගීතය සහ මේ දිනවල හිට් වෙලා තියෙන ‘මැණිකේ මගේ හිතේ’ ගීතය අහනවා.” කියලයි ඇය අවසාන වශයෙන් කියා තිබුණේ.