Celebrity Gossip

රියදුරු රැකියාවක් කරලා තරුවක් වුණු ජෝන් සීනා ගැන ඔබ නොදන්නා කරුණු 7ක්

ජෝන් සීනා මේ නම අහලා නැති කෙනෙක් ලංකාවේ ඉන්නවනම් ඒක පුදුමයක්. ලෝකයේ ජනප්‍රියම නම් අතර ඉහලින්ම  තියෙන නමක් තමයි ජෝන් සීනා කියන්නේ. ජෝන් පීලික්ස් ඇන්තනි සීනා උපත ලැබුවේ 1977 අප්‍රේල් 23 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ මෂටුසෙට් ප්‍රාන්තයේ වෙස්ට් නිව්බරි ප්‍රදේශයේ. අඩි 6.1’’  උස මෙම හැඩි දැඩි තරුණයා Wrestling තරුවක් ලෙස ලෝකය පුරා ජනප්‍රිය වුනත් විදෙස් මාධ්‍යයේ ඔහුව හදුන්වා දෙන්නේ part time Wrestling කෙනෙක් විදියටයි.   අපි අද ඔබට කියන්න යන්නේ කවුරුත් නොඅසපු මේ ලෝකප්‍රකට රෙස්ලින් තරුව ගැන බොහෝ දෙනෙක් නොඇසූ කරුණු කිහිපයක් පිලිබදවයි. 

1.ජෝන් සීනාගේ ධනවත් කම​

ජෝන් සීනා තමයි අද WWE අයිකන් එක විදියට සැලකෙන්නේ. ඔහු තරම් දක්ෂ ඔහු තරම් උද්යෝගීමත් ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත වෙන WWE තරුවක් නොමැති තරම්. ඔහු මේ වනවිට Wrestling තරඟ 2200කට පමණ සහභාගී වෙලා තියෙනවා. ඉන් වැඩිපුර තරඟ ප්‍රමාණයක් ජයග්‍රහණය කරලා තියෙන්නේ ඔහුමයි. ඒ වගේම Wrestling ඉතිහාසයේ වැඩිම ජයග්‍රහණ අත්කරගත් පුද්ගලයා වෙන්නේද ඔහුයි.  ඒ වගේම ඔහුට ලෝකය පුරා රසිකයින් මිලියන ගණනක් ඉන්නවා. ඉන් විශාල ප්‍රේක්ෂක ප්‍රමාණයක් වාර්තා වෙන්නේ මැදපෙරදින රටවලින්. ඒ වගේම තමයි WWE සමාගම මඟින් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 8.5 ක වැටුපක් ගෙවනවා කියලත් වාර්තා වෙනවා. ඔහුගේ වත්කම සඳහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක් විදියටයි. ඉතාම සුඛෝපබෝගී ජීවිතයක් ගත කරන සීනා වර්තමානය වෙද්දී විවාහ වෙලා ඉන්නේ ශේ ශැරියන් ශාඩේ නම් ඉංජිනේරුවරිය සමඟයි.

2.රියදුරෙක් සහ මනෝවිද්‍යා උපාධිදාරීවරයෙක් ලෙස ඇරඹුණු ජෝන් සීනාගේ ජීවිතය

ඔහු ඉපදුනේ 1977 වර්ෂයේයි. ඔහුගේ මව ප්‍රංශ කැනේඩියානු මෙන්ම බ්‍රිතාන්‍ය සම්භවයක් දරන කාන්තාවක්, පියා ඉතාලි සම්භවයක් දරන්නෙක්. ජෝන් සීනාගේ  පවුල පිරිමි දරුවන් පස් දෙනෙකුගෙන් සැදුණු පවුලක්. පාසල් කිහිපයක අධ්‍යාපනය හැදෑරීමෙන් පස්සේ ඔහු මනෝවිද්‍යාව හැදෑරීම සඳහා ස්ප්‍රින්ෆිල් විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙනවා. 1999 වර්ෂයේදී ඔහු ඉන් පිටවන්නේ මනෝවිද්‍යාව පිළිබඳව උපාධිදාරීයෙක් විදියටයි. ඔහු පාසල් අවධියේ සිටම බොඩි බිල්ඩර් කෙනෙක් විදියට පුහුණු වෙලා තිබුණා. මේ කාලයේ ඔහු ඔහුටම කියලා ආදායමක් සොයාගන්න මෝටර් රථ රියදුරෙක් විදියටත් කටයුතු කරලා තිබුණා.

3.ඔහුටත් වාහනයේ නිදාගත්තා කාලයක් තිබුනා

ජෝන් සීනා ඔහුගේ සිහිනය සැබෑ කරගන්න ඕන නිසා මසටුසෙට් ඉදලා කැලිෆෝනියාවට ආවා. ඔහුගේ බලාපොරොත්තුව වුනේ කායවර්ධනශුරයක් බවට පත්වෙලා තමන්ගේම ගමනක් කැලිෆෝනියාවේ ඉදන් පටන් ගන්න. හැබැයි ඔහුගේ අතේ තිබිලා තියෙන්නේ ඩොලර් 500ක් විතරයි. ඔහු නිවස අත්හැරලා දාද්දි, ඔහු ලොකු අමාරුවක වැටෙන බව ඔහුගේ පියා ඔහුට කියලා තිබුනා.කොහොම වුනත් තාත්තගේ වචනේ අහන නැතුව ජෝන් සීනා කැලිෆෝනියාවට ගියා. ඔහුට හරිහමන් රස්සාවක් සොයා ගන්න බැරිවුනා. ඔහුට ලැබුණේ ජිම් එකක ස්ටෝ රූම් එක බලාගන්න. ඒකෙන් ඔහුට ගෙවලා තිබුණේ ඇමරිකානු ඩොලර් 6යි. ඔහුට නතර වෙන්න කාමරයක් සොයාගන්න වත්කමක් නැති නිසා ඔහු අතට මුදලක් ලැබෙනකම් තමන්ගේ වාහනේ රෑට නිදාගෙන තියෙනවා.

4.ජෝන් සීනාගේ Wrestling දිවිය

සීනා Wrestling වලට අවතීරණ වන්නේ 1999 වර්ෂයේදීයි. ඔහු මුලින්ම එක් වුණේ අල්ටිමේට් ප්‍රෝ Wrestling එක්ක. 2000 වර්ෂයේදී ඔහු එහි ශුරතාවය ජනග්‍රහණය කරන්නත් සමත් වුණා. මේ සමඟම WWE නිලධාරීන්ගේ අවධානය ඔහු වෙත යොමු වුණු අතරම 2001 වර්ෂයේ දී ඔහුට ඔහුයෝ වැලි Wrestling එක්ක එක්වීමටත් අවස්ථාව ලැබුණා. මේ ඔහුයෝ වැලි Wrestling සමඟ එක්වීමට අවස්ථාව ලැබීමත් එක්ක ඔහුගේ ජීවිතය ටිකෙන් ටික Wrestling වලින් ඉදිරියට යනවා. 2002 වර්ෂයේදී ඔහුට හෙරිටේජ් ශුරතවයත් දිනාගන්න හැකි වුණා. මේ අනුව 2002 වර්ෂයේදීම WWE Wrestling සමඟ එක්වීමට ජෝන් සීනාට අවස්ථාව ලැබෙනවා. 2002 වර්ෂයේදී ස්මැක්ඩවුන් රෙස්ට් එකට ගිය ඔහු මුලින්ම නිරූපණය කරන්නේ දුෂ්ටයාගේ භූමිකාවයි. 2004 වර්ෂයේ ඔහු බිග් ෂෝ පරදවමින් යුනයිටඩ් ස්ටේට්ස් ශුරතාවයත් දිනාගන්නට අවසානයේදී සමත් වුණා.එය තමයි ඔහුගේ පළමු ශුරතා ජයග්‍රහණය. කොහොම වුණත් ජෝන් සීනා යුනයිටඩ් ස්ටේට්ස් ශුරතාවය පස් වතාවකුත් WWE චැම්පියන් ශුරතාවය 13න් වතාවකුත් වර්ල්ඩ් හෙරිටේජ් ශුරතාවය 3න් වතාවකුත් ජයග්‍රහණය කළා මෙන්ම තවත් බොහෝ තරඟ ජයග්‍රහණය කරලා තිබුණා.

5.නළුවෙක් වගේම දක්ෂ ගායකයෙක්

ඉතින් මේ අපූරු තරුව රෙස්ලින් ක්‍රීඩකයෙක් විතරක්ම නෙවෙයි නළුවෙක් වගේම දක්ෂ ගායකයෙක් ලෙසත් අපිට මුහුව හඳුන්වන්න පුළුවන්. ඇමරිකාව විසින් නිෂ්පාදනය කරපු the marine චිත්‍රපටය සඳහා රංගන දායකත්වය ලබා දෙන්නේ මේ අපූරු පුද්ගලයායි. මේ  පුද්ගලයා මේ වෙද්දි ඔහුගේම ගීත රචිත ඇල්බමයක් නිකුත් කරනවා එය you cant see me යනුවෙන් නම් කරන්නත් ඔහු තීරණය කරනවා. ඉතින් මේ ඇල්බම්  ඇමරිකාවේ ශ්‍රේණිගත කිරීම් වල පහළොස් වැනි ස්ථානය දිනා ගැනීමට තරම් ජනතාව අතර ප්‍රසිද්ධ වෙනවා. ඒ වගේම මේ වන විට ඔහු ඇමරිකාවේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් රැසක් ම නිවේදනයෙන් හැඩ කරන නිවේදකයෙක් වශයෙන් කටයුතු කරනවා.

6.සමාජ සත්කාර කරන මානුෂීය මිනිසෙක් 

සිනා ගැන කතා කරද්දී ඔහු  නිරන්තරයෙන්ම මානුෂීය ගුණාංගයන් ගෙන් යුත් අපූරු පුද්ගලයෙක් කියලා බොහෝ දෙනෙක් දන්නවා. එයට මූලිකම හේතුව ඔහු දරුවන් වෙනුවෙන් කරන්නා වූ අසීමිත සමාජ සත්කාර සේවයක් නිසා. ඒ වගේම අනාථ නිවාස වල සිටින දරුවන් ආබාධිත දරුවන්ට නිරන්තරයෙන්ම ඔහු ආධාර උපකාර කරනවා. මේ දරුවන් දිරිමත් කිරීම උදෙසා ඔහු විසින්ම රචිත ග්‍රන්ථ මාලාවද මේ වෙද්දි නිකුත් කරලා තියෙනවා.

7.ජෝන් සීනා ගේ මෝටර් රථය එකතුව 

බොහෝ විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ජෝන් සීනා ට වටිනා වාහන එකතුවක් තියෙනවා කියලයි. අන්තර්ජාලය සඳහන් වන තොරතුරුවලට අනුව ඔහුට මෝටර් රථ 20 ක එකතුවක් තියෙනවා කියලා ආරංචියි. ඉතින් මේ වාහන එකතුව තුල ඔහු වෙනුවෙන්ම නිර්මාණය කරපු වාහන කිහිපයක් ද ඇතුළත් කියලා වාර්තා වල සඳහන්. ඉතින් මේ අපූරු පුද්ගලයා ඔහුගේ මෝටර් රථ එකතුව තමන්ගේ රසිකයන්ටත් බලාගන්න පුලුවන් වෙන ආකාරයෙන් ප්‍රදර්ශනය කරලා තියෙනව.