Celebrity Gossip

සිහින ගෙනෙන කුමාරියේ ටෙලිකතාවෙන් මම ඉවත්වෙනවා.ඔබ හදවතේ මතකයන් ඉතිරි කර යන්නට අවසරයි-ශලනි තාරකා

ශලනි තාරකා කියන්නේ අපේ රටේ සිටින දක්‍ෂ  සම්මානලාභී රංගන ශිල්පිනියක්. සිරස කුමරිය හරහා කලාවට පැමිණි ශලනි පසුගිය වසරේදී රයිගම් ටෙලි සම්මාන උළෙලේදී හොඳම නිළිය සහ ජනප්‍රියම නිළිය යන සම්මාන ද්විත්වයම දිනාගන්නවා.ශලනි ටෙලි තිරයේදී වැඩියෙන්ම දකින්නට පෙම්වතියගේ චරිතයෙන් වූවත් ඇය වෙනස් වෙනස් චරිතවලින්ද සිය රංගන දක්ෂතාවයන් පෙන්වා තිබෙනවා.මේ නිසා ඇයව බොහෝ දෙනා හඳුනාගන්නේ රංගන ශිල්පිනියක් ලෙසින්. නමුත් ශලනි අධ්‍යක්ෂවරියක් ලෙසින් නුදුරේදීම ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙනවා කියලත් ඇය පිලිබදව පසුගිය කාලයේ දෙනගන්න ලැබුනා.

සිහින ගෙනෙන කුමාරියේ “සත්සරණී” වගේම චලෝ ටෙලිනාට්‍යයෙන්, කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යය වලද ඇය පසුගිය දිනවලදී දැක ගන්න හැකි වුආ. නමුත් ශලනි තාරකා කොරෝනා ආසාදිතයෙක් වූ පසු එ සියළු දෙයින්ම ඈත් වී සිටින්න ඇයට සිදු වුනා. ඒ වගේම ඇය අධ්‍යක්‍ෂකවරුන්ටත් රූගත කිරීම නවත්වන ලෙස ඉල්ලා සිටියා. කෙසේ හෝ ඇය රංගනයෙන් අයින් වෙන්න සූදානම් වෙන බවට ඉඟියක් ඇය ලබා දී තිබුනා. ඒ ඊයේ දිනයේදී ඇයගේ සමාජ මාධ්‍යය ගිණුමේ සටහනක් තබමින් ඒ සටහන මෙසේය​.

මාගේ පෞද්ගලික කාරණයක් හේතුවෙන් “සිහින ගෙනෙන කුමාරියේ” දිර්ඝ ටෙලිකතා මාලාවෙන් ඉවත් වුන බව එම ටෙලි නාට්‍යයට ආදරය කරන ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් මෙලෙස සටහන් කරමි.අවුරුද්දක් සහ මාස 8ක කාලයක් තුල “සත්සරණී” යන චරිතයට නොවෙනස්ව ආදරය කරමින් වැඩිම ප්‍රෙක්ෂක නැරඹුම් ඇගයීම් ලැයිස්තුවේ පෙරමුනේ අප ඔසවා තැබු ඔබට මාගේ ස්තූතිය පුද කරමි.එමෙන්න මා එම චරිතයට තෝරාගත් ආයතන ප්‍රධානි විරාජ් වැලිවත්ත මහතාටත් අධ්‍යයක්ෂක නිවන්ත ප්‍රසාර මහතාටත් කැමරාව හැසිරවු සුරේෂ් ධම්මික වේෂනිරෑපන ශිල්පීන් කසුන් අයියා  ජනක අයියා ඇතුල් සමස්ථ කාර්‍ය්ය මණ්ඩලයටත් ස්තූතියි.

මා සමග රංගනයෙන් දායක වූ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, මිහිර සිරිතිලක, ධර්මප්‍රිය ඩයස්, ගිහාන් ප්‍රනාන්දු, දමයන්ති ෆොන්සේකා, පබෝදා සන්දීපනි, අජිත් වීරසිංහ ගයනි ගිසන්තිකා ඇතුලු ප්‍රවීන රංගන ශිල්පීන්ටද,සදෙව්,සකුනි,සවිදු,සනුලි,සංදීප්,සනුක,පුංචි සංසුවී මගේ ආදරණීය දරුවන් 7 දෙනාටද මේ කාලවකවානුවේ දුන්නාවු සහයෝගයට අනේකවාරයක් ස්තූතියි.ඒවාගේම බාල මහලු වයස් බේදයකින් තොරව සත්සරණිව ආදරයෙන් වැලදගත් ඔබසැමටත් ගොඩාක් ස්තූතියි.ඉතින් ඔබ හදවතේ මතකයන් ඉතිරි කර යන්නට අවසරයි 
මම සත්සරණි
-ශලනි තාරකා-