latest articles local news

සුවදායක නිවාඩුවක් ගත කරන්න ලොව හොඳම දූපත් 25 අතරට ශ්‍රී ලංකාවත් තේරී පත් වෙයි

ලොව නිදහසේ සුවදායක නිවාඩුවක් ගත කරන්න හොඳම ප්‍රසිද්ධම දූපත් 25 අතරට ශ්‍රී ලංකාව ද තේරී ඇති බව වාර්තා වෙනවා. ලෝ ප්‍රකට ට්‍රැවල් ලෙෂර් ස්ඟරාව තේරූ හොඳම දූපත් 25 අතරට මෙලෙස ශ්‍රී ලංකාව තේරී ඇත​.මෙම ලැයිස්තුවේ ශ්‍රී ලංකාව 24 වැනි ස්ථානයට තේරී ඇති අතර ශ්‍රී ලංකාව සම සීෂෙල්ස් රාජ්‍යයද 24 වැනි ස්ථානයට පත්ව ඇත​. දෙරටම ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 88කි.ලොව පුරා ඇති කොව්ඩ් 19 සංචරණවලින් බොහොමයක් ලිහිල් කීරීමෙන් පසු එම ජන්ද​ විමසීම පැවැත්වූ බවද අදාල සඟරාව සදහන් කර ඇත​.මෙම ලැයිස්තුවේ මුල් තැනට පත්ව ඇත්තේ ග්‍රීසියට අයත් දූපතක් වන මිලෝස් දූපතයි. ඒ දූපතට හිමිව තිබූ ලකුණු සංඛ්‍යාව 95කි.

මෙහිදී ප්‍රධාන සහ හොඳම නගර​, දූපත්, සුඛෝපභෝගී නෞකා, සම් බාහන මධ්‍යස්ථාන​, ගුවන් ගමන් හා සේවා,මුහුදු වෙරළ​, ස්වභාවික ස්ථාන​, නැරැඹිය හැකි ස්ථාන​, මිත්‍රශිලී බව​, ආහාර යනාදී කරුණු රැසක් කෙරෙහි මෙම සමීක්‍ෂණයේදී අවධානය යොමු කර ඇත​.පෘතුගාලයට අයත් ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩයින්ස්, මැඩෙයිරා,ඉන් දියාවේ අන් දමන් දූපත්, ඉතාලියේ සිසිලි, තායිලන් තයේ කෝ සමුයි, ඉන් දුනීසියාවට අයත් බාලි, හවායි දූපත්, ගලපාගෝස් දූපත් යනාදී දූපත් 25ක්ම මෙම ලැයිස්තුවේ අන්තර්ගත වු අනිත් දූපත්‍ ය​.