Celebrity Gossip

විවාහ සංවත්සරය සහ පුතුගේ උපන් දිනය වෙනුවෙන් නාමල් රාජපක්‍ෂ සතුටු සිතින් සමාජ මාධ්‍යයේ තැබූ සටහන​

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුතු තමයි නාමල් රාජපක්ෂ කියන්නේ, සිය පියාගේ අඩිපාරේ යමින් ඔහුත් දේශපාලනයට යොමු වෙනවා. නාමල් රාජපක්ෂ කියන්නේ වත්මන් පාර්ලිමේන්තුවේ තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යතුමා. ඔහුගේ අතිනත ගන්නේ ලිමිනි වීරසිංහ මෙනවියයි. ලිමිනි වීරහිංහ කියන්නේ ලංකාවේ අංක එකේ කෝටි පතියෙක් එහෙමත් නැත්නම් මෙරට සංචාරක ක්‍ෂේත්‍රය තුළ පෙරමුණේ වැජඹෙන ව්‍යාපාරිකයෙක් වන තිලක් වීරසිංහ මහතාගේ දියණියයි.ඉතින් ඒ වගේම තමයි එතුමන්ගේ ආදරණීය බිරිඳ ලිම්ලි රාජපක්ෂ මැතිනිය වගේම පුංචි කේසර පුතු පැටියා ගැනත් මේ වනවිට නොදන්නා කෙනෙක් නැහැ.නාමල් රාජපක්‍ෂගේ සහ ලිමිනිගේ විවාහ සංවත්සරය වගේම පුංචි කේසර පුතුගේ උපන් දිනය එකම දිනයක තමයි යෙදිලා තිය්න්නේ. ඒ වෙනුවෙන් සතුට ප්‍රකාශ කරමින්  නාමල් රාජපක්‍ෂ මහතා තම සමාජ මාධ්‍ය හිණුමේ ආදරනීය සටහනක් තබා තිබුනා. එය මෙසේය​.

ලිමිණිගෙත් මගෙත් විවාහ සංවත්සරය හා අපේ පුතු කේසරගේ ජන්ම දිනය යන මාගේ ජීවිතයේ ප්‍රීතිමත්ම අවස්ථා දෙකක් එකම දිනයක යෙදී තිබිම ගැන මා අතිශය සතුටට පත්වනවා. මාගේ ආදරණීය බිරිඳ ලිමිණි, ඔබට සුබම සුබ විවාහ සංවත්සරයක් වේවායි ප්‍රාර්ථනා කරනවා !!! ජිවිතය පුරාවටම ශක්තියක් වෙමින් ලිමිණි , ඔබෙන් ලැබෙන හැම සහයෝගයකටම ස්තුතියි. අපේ ගෙදර ආදරය, සෙනෙහස වැඩි කරපු ආදරණීය කේසර පුතුට සුබම සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරනවා !!! මගෙත් ලිමිණිගෙත් ජීවිතවලට අසිමීත සතුටක් රැගෙන පැමිණියාට පුතේ , ඔබට ස්තුතියි යනුවෙනුයි. ඉතින් ඔවුන් දෙදෙනාගේ විවාහ සංවත්සරය සදහා සුභ පැතුම් එක් කරන ගමන් පුංචි පුතාටත් සුභ උපන් දිනයක් වේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා.