Celebrity Gossip

මම ගොඩක් වෙලාවට කියන දේ මූණට කියන කෙනෙක් මගේ පෙම්වතාට උනත් එච්චරයි-ඩිෂ්නි රාජපක්ෂ

ලාංකේය කළා ලෝකයේ ඉන්න දිදුලන තාරකාවියක් තමයි ඩිෂ්නි රාජපක්ෂ කියන්නේ. ඇයගේ සුන්දරත්වය සහ දඟකාරකම නිසාම හැමෝම ඇයට ගොඩක් ආදරෙයි. පසුගිය කාලයේ ලංකාවේ විකාශනය වුන ‘සත්‍යා’ ටෙලිනාට්‍ය හරහා ඇය ප්‍රේක්ෂක ආදරේ වැඩිපුර දිනාගන්න සමත්වුනා. කොහම වුනත් මේ දිනවල රටේ පවතින ගැටළු නිසා ඇය නිදහසේ ඉන්නවලු. ඒ වගේම මේ දවස්වල ඇයගේ දවස් ගෙවෙන ආකාරය පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”මේ දවස්වල වැඩ මුකුත් බාරගත්තේ නෑ. මොකද රටේ තත්වේ දැන් එන්න එන්න නරක අතට යන්නේ. අපි කාටවත් වැරදි කියන්නේ නැතිව අපි ප්‍රවේසම් වෙන්න ඕන. මොකද ඒ වගකීම තියෙන්නේ අපේ අතේ. මම කුරුනෑගල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක් පවත්වාගෙන යනවා ඒ වගේම මම ඒ පාසලේ ගුරුවරියක විදියටත් වැඩ කළා. නමුත් මේ ප්‍රශ්න නිසා මම ඒ සේරම තාවකාලිකව නතර කලරා තියෙන්නේ. හැබැයි ඔන්ලයින් පන්ති කරගෙන යනවා.” කියලයි.

1.

රංගන ජීවිතයකට ලැබෙනවනම් ලැබෙම ලොකුම අවස්ථාව තමයි විවිධ චරිත තුළ ජීවත් වීමට ලැබෙන එක. මන් හිතනවා මට ඒ වාසනාව ලැබුණ කියලා. මම කරපු ගොඩක් චරිත එකිනෙකට වෙනස්. මම බටහිර පෙනුමක් වගේ වුනාට ඔනම චරිතයක් කරන්න මට හැකියාව තියෙනවා. ඒ බව ගොඩක් පේන ඇති සත්කාරං ටෙලිනාට්‍යෙය් කොමලි සහ ගමේ නැටුම් ගුරුන්නාන්සේගේ නංගි කියන චරිත දෙකෙන්.වේදිකාවට මම ගොඩක් කැමතියි වගේම ඉංග්‍රීසි මාධ්‍ය හරහා නිර්මාණය වෙන වේදිකානාට්‍ය වලට සම්බන්ධ වෙන්න ගොඩක් කැමැත්තකින් ඉන්නවා. අපි හරියට දෙයක් කළොත් ඉබේම ඒ සදහා ප්‍රතිපලාත් ලැබෙනව. ඒවගේම ඉදිරියෙදි සම්මානයක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. මේ ඔක්කොටෙම වඩා මට වැදගත් වෙන්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාරය තමයි.

2.

ඩිශ්නි කියන්නේ ගොඩක් සුන්දර යුවතියක්, ඉතින් ඇයට මේ වනවිට ආදර යෝජනා ගලාගෙන එනවලු. ඉතින් ඇය ආදරේ පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”මෙහෙමයි මම ආදරේ නිසා ඕන තරම් විඳවලා තියෙනවා. ආදරේ කරද්දී සතුට වගේම දුක, කඳුළු, සේරම ලැබෙනවා නේ. මටත් ඒ දේවල් හිමිවෙලා තියෙනවා. ඒ වෙලාවේ මට දැනුන හැගීම් මම මගේ රංගනයට යොදාගත්තා. මම ගොඩක් වෙලාවට කියන දේ මූණට කියන කෙනෙක් මගේ පෙම්වතාට උනත් එච්චරයි ”ඩිස්නිට අනම් මනම් කියලා අපිට ගුටි කන්න තමා වෙන්නේ” කියලත් මගේ යාළුවො ගොඩක් කියනවා. මගේ දැන් පෙම්වතා මාව ගොඩක් තේරුම් අරන් ඉන්නේ. මම පොඩිකාලේ ඉඳලම හීන දැක්කේ රංගන ශිල්පිනියක් වෙන්න. එයා ඒ හීනේ සාර්ථක කරගන්න ගොඩක් උදවු වෙනවා” කියලයි

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.