Celebrity Gossip

මම කැමති විදියට අදින්න මිලාන් අවසර දීලා තියෙනවා.කොච්චර විවේචන ආවත් මට ඔහුගේ ආරක්‍ෂාව ලැබෙනවා-මාධවී ඇන්තනී

කලා ලෝකයට උරුමකම් කියන අපේ රටේ පවුල් කිහිපයක්ම තියෙනවා. පරම්පරාවෙන් පරම්පරාවට කලාව ඔවුන්ට උරුම වෙනවා කිව්වොත් නිවැරදියි.ලංකාවේ එවැනි කලා පවුල් වලට තියෙන්නේ සුවිශේෂි ස්ථානයක්.ඉතින් ඒ වගේ විශේෂ පවුලක් තමයි ඇන්තනී පවුල කියලා  කියන්නේ.ඒවගේම ජැක්සන් ඇන්තනී කියන්නේ අපේ රටේ ඉන්න අති දක්‍ෂ ප්‍රවීන රංගන ශිල්පියෙක් කිව්වොත් නිවැරදියි. ඉතින් මේ පවුලේ වැඩිමල්ම දියණිය වන්නේ මාධවී වත්සලා ඇන්තනීයි.ඉතින් මේ වෙද්දී ඇයත් දක්‍ෂ රංගන ශිල්පිනියක්, නර්ථන ශිල්පිනියක්, නිවේදිකාවක් වගේම දක්‍ෂ ගායිකාවකුත් වෙනවා.1988 වර්‍ෂයේදී උපත ලබන ඇයට දැන් වයස අවුරුදු 33ක් වෙනවා.ඇය 2010 වසරේදී යුග දිවි ආරම්භ කරනවා.

1.

නමුත් අවාසනාවට එය සාර්ථක වෙන්නේ නැහැ.ඒ විවාහයෙන් සමුගෙන ඇය නැවතත් මව් පිය සෙවණට එනවා. ඒ නිසා මට​ මගේ ජීවිතේ වටිනා වසර 10ක් විතර මගේ වටිනාම කාලය මට අහිමි වුනා කියලා මාධවී පවසනවා.ඉතින් මේ විදියට පෞද්ගලික ජීවිතයේ හැල හැප්පීම් මැද දෙවෙනි වරටත් යුග දිවියට එලඹිලා ඉතා සාර්ථක ජීවිතයක් ඇය අද වෙද්දී ගත කරනවා.තමන් ගේ ජීවිතයේ නිදහස ඉතා උපරිමයෙන් භුක්ති විදින කාන්තාවක් ලෙස ඇය දැන් ජීවිතය ගත කරනවා.ඉතින් පසුගිය දිනයක් ඇය කෙටි ඇදුමක් ඇදන් ගත් ඡායාරූප කිහිපයක්  නිසා බොහෝ දෙනා ඇය ගැන කතා කරන්න පටන් ගත්තා. ඉතින් මේ සියළු දේවල් වලට උත්තර දෙමින් මාධවී පවසන්නේ මේ වගේ කතාවක්.

2.

එක එක වන මෘගයින් මගේ හොඳ හිත නිසාම මාව ප්‍රයෝජනයට අරගෙන ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කර ගත්තා.මගේ ජීවිතේ එක තැනම නතර වෙලා තිබුනේ. ඒත් මිලාන් නිසා මගේ ජීවිතේ හොදම කාලේ නැවතත් උදා වුනා කියලා මට කියන්න පුළුවන්. මට මාව හොයලා දුන්නේ ඔහුයි.මගේ කාර්‍යබහුල ජීවිතයේ සාර්ථකත්වයට ඔහු නැතුවම බැහැ.ප්‍රේමය කියන්නේ විශ්වාසයේ ගිවිසුමක්. මට හොදට උයන්න පිහන්න පුළුවන්. මට කිසිම දවසක එයාව බඩ ගින්නේ තියන්න බැහැ.ඒ වගේම එයත් මගේ රෙදි ටික හෝදලා වේලලා නවලා තියෙන අවස්ථාත් තියෙනවා.මම එයාගේ වාහනේ එමත් හෝදලා දෙනවා.අපි එකතු වෙලා ගේදොර අස් කරනවා.ඒ වගේම තමයි මම අදින පලදින විදිය ගැන මගේ කැමැත්තට එයා ඉඩ දීලා තියෙනවා.ඉතින් වෙන අයගෙන් කොතරම් විවේවන ආවත් මට ඔහු නිසා ජීවිතයේ ලොකුම ආරක්‍ෂාව මට ලැබිලා තියෙන්නේ. ඉතින් එවැනි සැමියෙක් ලැබීම මම ජීවිතයේ ලබපු ලොකුම වාසනාවක්.කියලයි ඇය පවසා සිටියේ

3.

4.

5.

6.

7.

8.

9.

10.