Celebrity Gossip

පාර්ලිමේන්තු ගියපු කලාකරුවෝ අනිත් කලාකරුවෝ වෙනුවෙන් කතා කලේ නෑ.මම පාර්ලිමේන්තුවේ හිටියා නම් ඕක කරනවා-දුලීකා මාරපන

අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් තමයි දුලීකා මාරපන කියලා කියන්නේ.රංගන ජිවිතයට එහා ගියොත් උතුම් මනුස්සකමක් ඇය තුල තියෙනවා.ඒ නිසාමයි මෙරට ඉන්න බොහෝ පිරිසක් ඇයට හදවතින්ම ආදරේ කරන්නේ. ආදරණීය චරිතයක් වන දුලීකා මරපන 1975 නොවැම්බර් 15 වෙනිදා තමයි මෙලොව එලිය දැකලා තියෙන්නේ. ඇයගේ රංගන ජීවිතිය ආරම්භ කර තිබෙන්නේ 1997 ඒ කියන්නේ වේදීකා නාට්‍ය හරහා ඒ අතරින් ස්වර්ණමාලී, කටු යහන, සෙවැනලි සහ මිනිස්සු, උපන්දා මරණ යන වේදීකා නාට්‍ය හරහා ඇය පිවිසුනා.රංගන ජීවිතයේදී හොදම නිළියට​ හිමි සුමති සම්මාන, රයිගම් ටෙලි සම්මාන හා SLIM නීල්සන් සම්මාන ආදී සම්මාන බොහෝමයකින් ඇය පිදුම් ලබා තිබෙනවා. ඉතින් මේ දක්ෂ රංගන ශිල්පිනිය මේ වෙනකොට සුන්දර විවාහ ජිවිතයක් ගත කරනවා.ඒ අපේ රටේ කලාවට ලැදි හැමෝම දන්නා කෙනෙක් වන සුජිවයි.ඉතින් ඇය ඇයගේ අලුත්ම තොරතුරු ගැන තොරතුරු කියා සිටියේ මේ ආකාරයෙන්

‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යයේ අයිරාංගනීගේ චරිතයට ධනුෂ්ක මට කතා කළෙත් මේක තවත් වත්තක කතාවක් කියලා දැනුවත් කරලා. මේ වත්තේ කතාව තුළ වුණත් වෙනසක් කරමු කියන දේ අපි කතා කරගත්තා. අයිරාංගනී කියන්නේ දමිළ සම්භවයක් තුළ ජීවත් වෙන කෙනෙක්. ඇය දැඩි ගතිගුණ තියෙන හොඳ පෞරුෂයක් තියෙන කාන්තාවක්. ඒ වගේම නම්බුකාර විදිහට දරුවන් උස් මහත් කරගෙන මේ සමාජයේ ජීවත් වෙන තවත් අම්මා කෙනෙක් ඇය. වෙනසක් එක්ක කරපු අයිරාංගනීගේ චරිතයට ගොඩක් අය ආදරේ කළා. ‘දිවිතුරා’ නාට්‍යයේ දීපිකා විදිහටත් ප්‍රේක්ෂකයන්ට මාව මේ දවස්වල මුණගැහෙනවා. සුජීවගේ බිරිය ලෙස මම රඟපාන්නේ පළමු වතාවට. ඒ චරිතයටත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.

 පෝක් වීදියේ මාධනී කියන්නේ ඇස් අන්ධ කාන්තාවක්. මට මුලින්ම මේ නාට්‍යයේ ආරාධනා ලැබුණේ ත්‍රීවිල් පදවන කාන්තාවකගේ චරිතයක් කරන්න. මම සායක්කාරට යෝජනා කළා මම කැමතියි පිටපතේ තිබුණ ආබාධිත දරුවගේ අම්මගේ චරිතය කරන්න කියලා. උපතින්ම ඇස් අන්ධ අම්මා කෙනෙක්ගේ චරිතයක් පිටපතට ගේමු කියන යෝජනාව මම කළා. මුලින් සායක්කාර ඒකට කැමති වුණේ නෑ. නමුත් මේ චරිතය ෆේල් නොවී ප්‍රේක්ෂකයන් අතරට යන චරිතයක් බවට පත් කරනවා කිව්වම සායක්කාර ඒ චරිතය ලියන්න පටන් ගත්තා.

අපිට රඟපාන්න පුළුවන් විදිහේ චරිතයක් එනකල් බලාගෙන හිටියොත් අපේ හැකියාව එළියට ගන්න වෙන්නේ නෑ. මේ චරිතය කළාට පස්සේ අන්ධ විද්‍යාලයෙන් පවා මට කතා කළා. ඇස් අන්ධ ළමයි මට කතා කරලා එයාලට අහන්න ලැබෙන දෙයින් මම එයාලව කොච්චර අධ්‍යයනය කරලා රඟපානවද කියලා දැනෙනවා කියලා මට කිව්වා. එයාලව මම නියෝජනය කිරීම ගැන සතුටත් ප්‍රකාශ කළා. ඒ ඉදිරිපත් කිරීම අතිශයින්ම සාර්ථක වුණා. ඉතා සතුටට පත්විය හැකි ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා.

කලාකරුවන්ට වෘත්තීමය භාවයක් හදන්න කියලා අපි කට කැඩෙනකල් කිව්වා. එක ආණ්ඩුවක්වත් ඒක කරලා දෙන්නේ නෑ. මොකද කලාකරුවන්ට වෘත්තීමය භාවයක් හදලා දුන්නට ඒ අයට කොමිස් ලැබෙන්නේ නෑනේ. මම පාර්ලිමේන්තුවේ හිටියා නම් මම ඕක කරලා ඉවරයි. අපේ රටේ කලාකරුවෝ කී දෙනෙක් එතෙක් මෙතෙක් පාර්ලිමේන්තුවේ හිටියද? තාමත් ඉන්නවා. ඒ කවුරුවත් පුටු රත්කර කර ඉඳලා වරප්‍රසාද ගන්නවා මිසක් කලාකරුවෝ වෙනුවෙන් කතා කළේ නෑ. කලාකරුවන්ට වෘත්තීමය භාවයක් හැදුවා නම් ඔවුන්ව තුට්ටු දෙකක් දීලා වේදිකාවලට නග්ගන්න දේශපාලකයන්ට අවස්ථාව ලැබෙන්නේ නෑ. මම මේ කතා කරන්නේ මං වෙනුවෙන් නෙවෙයි, පරම්පරා ගාණක් වෙනුවෙන් මේ කතා කරන්නේ.

මම මේ කතා කරන දෙයින් එක පුද්ගලයෙක් හරි අවදි වුණොත් ඇති. එක්තරා අවස්ථාවක අපේ රටේ ඉහළ පුටුවක ඉන්න කෙනෙක් මගෙන් ඇහුවා මට මොනවද ඕනේ කියලා. කලාකරුවන්ට වෘත්තීමය මට්ටමක් ඇති කරන්න ඕනේ කිව්වම ඔහු හිනාවුණා. මම මහන්සියෙන් හම්බ කරන කෙනෙක්. මගේ මව්පියෝ මට ඉතුරු කරපු දෙයක් තියෙනවා. මට කට පියාගෙන සැපට ජීවත් වෙන්න පුළුවන්. නමුත් මම නිකන් බලාගෙන ඉඳලා මැරිලා යන්න සූදානම් නෑ. අද දවසේ සටන් කරලා දෙයක් ලබා නොගත්තොත් අපි කට පියන් හිටියොත් ක්ෂේත්‍රයට අලුතින් එන කෙල්ලෝ කොල්ලෝ ටික අපිට කවදා හරි සාප කරයි. මම කතා කරද්දි සමහරු හිතන්නේ දේශපාලන වාසි ගන්න දේශපාලනයට එන්න කතා කරනවා කියලා. මෙහෙම ගිහින් එක තැනකදී හැරවුමක් වෙයිද දන්නේ නෑ. අනෙක් අය ක්ෂේත්‍රය වෙනුවෙන් යමක් නොකරද්දී අපිම සටන් කරලා හරි මේ දේ හදාගන්න ඕනේ කියන තැනට එයිද දන්නේ නෑ. කොහොම වුණත් කරන්න පුළුවන්කම තියෙන පිරිස කලාකරුවන්ට වෘත්තීමය තත්ත්වයක් ගොඩනගන්න උත්සාහ නොකරන එකයි දුක.කියලයි ඇය අවසාන වශයෙන් කියා සිටියේ.