Celebrity Gossip

ජනප්‍රියත්වය කියන දේ කාලෙකදී නැති වෙලා ගියත් ඉගෙන ගත්තු දෙයක් කවදාවත් නැති වෙන්නෙ නැහැ-දෙවෙනි ඉනිමේ රදීෂ් කියන කතාව

මේ දිනවල දෙරණ රූපවාහිනී නාළිකාවේ විකාශයවන දෙවැනි ඉනිම ටෙලිනාට්‍ය සම්බන්ධ වුණ අලුත්ම චරිතය තමයි රදීශ් කියන්නේ. ඔහුගේ සැබෑ නම තමයි ඉෂාර මදුෂාන්. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් සිය අධ්‍යාපන කටයුතු හැදෑරු ඔහු ඉංජිනේරුවරයෙක් වගේම දක්ෂ ගුරුවරයෙක්. වෘත්තීය ජීවිතයටත් කලා කටයුතුවලටත් එකසේ ඇලුම් කරන ඉෂාර ඔහුගේ ජීවිතේ අලුත්ම විස්තර ගැන ප්‍රසිද්ධ පුවත්පතක් හා එක්වෙමින් අදහස් බෙදාගෙන තිබුණේ මේ විදියටයි.

මේ දිනවල තරුණියන්ගේ හිත් වසඟයට අරන් ඉන්න ඉෂාර මේ දවස්වල ජීවිතය ගැන කිව්වේ මේ විදියටයි. “ ජීවිතය හොඳයි. අභියෝගවලට මුහුණ දෙමින් සරලව ගෙවන්න උතසාහ කරනවා.” ඉෂාර කියනවාට වඩා රදීෂ් කියලා තමයි ඔහුව ගොඩක් අය දන්නේ. ඉතින් වැඩිය කැමති  රදීෂ් කියනවටද ඉෂාර කියනවටද කියා ඇහුවම ඔහු කිව්වේ මෙහෙම කතාවක්. “ රදීෂ් කිවුවත් ඉෂාර කිවුවත් වෙනසක් නෑ. ඒ චරිත දෙකම එක හා සමානයි. හැමෝම ගොඩක් වෙලාවට මට කතා කරන්නේ රදීෂ් කියලයි. ඒ ගැන මට සතුටුයි.”

ඔහු මෙතෙක් දුර ආ කලා ගමන ගැනත් කතා කළා. “ මම විශ්වවිද්‍යාලයේ යන කාලයේදී 2018 ITN අවුරුදු කුමරා තේරීමේ තරඟයට සහභාගී වුනා. එයින් මම තුන්වැනි ස්ථානය ලබා ගත්තා. 2019 දී මම හිරු අවුරුදු කුමරා බවට වුනා. ඉන්පසුව සංදේශ බණ්ඩාරගේ ගීතමය රූප රචනා දෙකකට සම්බන්ධ වුණා. ‘යන්නම් ඔබ ගාවින්’ හා ‘අමතන්න’ කියන ගීත. ඒ ගීත youtube trending වුණා. ඊට පස්සේ රවණා සීසන් 03  එකට සම්බන්ධ වුණා. ඒත් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රූගත කිරීම් නතර කරන්න සිද්ධ වුණා. ඊට පස්සේ දෙරණ උපසභාපති ලක්සිරි වික්‍රමගේ මහතා හඳුනාගැනීමෙන් පසුව මට දෙවෙනි ඉනිමේ රදීෂ් ගේ චරිතය ලැබුණා.”

ඔහු රංගන ශිල්පියෙක් වගේම ගුරුවරයෙක්. ඉතින් මේ ජනප්‍රියත්වය ගැන ඔහුට දැනෙන විදිය ගැනත් ඔහු දක්වා තිබුනේ මෙවන් අදහසක්. “ජනප්‍රියත්වය කියනදේ අපිට කාලෙකදී ලැබෙන්න පුළුවන් කාලෙකදී නැතිවෙන්න පුළුවන්. ඒත් අපි යම් දෙයක් ඉගෙන ගත්තා නම් එහි පරතෙරක් හොයාගෙන යනවා නම් අන්න ඒ ඉගෙන ගත්ත දේ කවදාවත් නැතිවෙන්නේ නැහැ.”

ඒ වගේම මේ  කඩවසම් රංගන ශිල්පියාගේ පවුලේ විස්තරත් සමඟම ඔහුගේ අනාගත බලාපොරොත්තු ගැනත් කිව්වේ මෙවැන්නක්. “ මීට අවුරුදු 3කට කලින් මගේ තාත්තා නැති වුණා. අම්මයි, තාත්තයි අපිට හොඳට උගන්නලා හොඳ තැනකට ගෙන්න ගොඩක් මහන්සි වුණා. මට අයියලා දෙන්නයි අක්කයි ඉන්නවා. ලොකු අයියා එක්ක අවුරුදු 10කට කලින් Hope car කියලා ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒක බලාගන්නේ ඔහුයි. දෙවෙනි අයියත් ඉංජිනේරුවෙක්. දැනට ඕස්ට්‍රේලියාවේ ආචාර්ය උපාධිය හදාරමින් ඉන්නවා. අක්කා ගුරුවරියක්. රංගනයට වගේම මගේ ව්‍යාපාර කටයුතු සහ ගුරු වෘත්තියටත් සාධාරණයක් කරමින් ඉඳිරියට යන්න.” කියලයි ඔහු අවසාන වශයෙන් කියා තිබුණේ.