Celebrity Gossip

රෑ ඇඳගෙන හිටපු ඇඳුම් පිටින්ම දරුවත් අරගෙන මං පාන්දර 4.30ට විතර ගෙදරින් ආවේ-නිල්මිනි කියූ සංවේදී කතාව​

අපේ රටේ ඉතා ජනප්‍රිය චරිත අතර හැමෝම හඳුනන චරිතයක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියන්නේ. අද කාලේ නම් ඕනේ තරම් නළු නිලියෝ හිටියක් මිට වසර කිහිපයකට පෙර නළු නිලියෝ කිවම ගොඩක් හිටියේ නෑ. අපේ හිතට දැනෙන තරමේ අය ඒ අතර හිටියේ ටික දෙනයි. ඒ නළු නිලියන් අතරේ අපේ හිතට දැනුන චරිතයක් විදියට තමයි කලාව වෙනුවෙන් කැපවීමක් කල ඇය ගැන අපි හඳුනන්නේ. කසේ නමුත් අද වෙද්දී ඇය කලාවෙන් නම් ටිකක් ඈත් වෙලා තමයි ඉන්නේ. ඇය දැන් ආදරණිය දියණියකට අම්මා කෙනෙක්.සිනමා පට රැසකට තම රංගන දායකත්වය ලබා දෙන මේ රංගන ශිල්පිනිය ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් වශයෙන් තමයි බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්නේ.ඇය රඟපෑ  ලේ කිරි කඳුළු සිනමාපටය බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා.

නිල්මිණි තෙන්නකෝන්  විවාහ වෙන්නේ ක්‍ෂේත්‍රයේ ජනප්‍රියම ගායකයෙක් වන මධුමාධව අරවින්දත් එක්ක. මේ වෙද්දි නම් ඔවුන් දෙදෙනා වෙන් වෙලා කියලා ගොඩක් දෙනෙක් දන්නවා. ඉතින් මධුමාධව මේ වෙද්දි අලුත් ජීවිතයක් පටන් අරගෙන නමුත් නිල්මිණී තාමත් තනියම තමන්ගේ ආදරණීය දියණියත් හදාගෙන ජීවත් වෙනවා.දිනක් නිල්මිණි තෙන්නකෝන් මහත්මිය තමන්ගේ ජීවිතයේ දරුවා සමඟ තනිවුණු මොහොත සිහි කරමින් මේ ආකාරයෙන් කියා සිටියා

දවසක් දා මහ පාන්දර 4.30 ට තමයි ඇය තමන්ගෙ ආදරණීය දියණිය ඇරගෙන ගෙයින් එළියට බහින්නේ.මේ ආකාරයේ හදිසි  තීරණයක් ඇය ගන්නේ නිරන්තරයෙන්ම මහ පාන්දර පවා ඔවුන් අතර ඇති වූ අඩදබර නිසාවෙන්. ඇය අවුරුදු දෙකයි මාස දෙකක් වයසැති තමන්ගෙ ආදරණීය දුවත් අරගෙන මහපාරට​ ඇවිත් තියෙන්නේ රෑ ඇදගෙන හිටපු ඇඳුම් පිටින්ම කියලයි ඇය කියන්නේ.ඇය කෙළින්ම දරුවත් අරගෙන යන්නේ තමන්ගේ ආදරණීය අම්මා ගාවට. මධුමාධවගේ කසාද ජීවිතයෙන් වෙන් වෙන ඇය එතැන් සිට​ තනි ජීවිතයකට හුරු වෙන්න පටන් ගන්නවා.

දරුවෙක් තනිවම හදාගන්නා නිල්මිනිට මාසිකව  දරුවා වෙනුවෙන් රුපියල් පන්දහක් ගෙවන්න කියලා මධුමාධවට  නියෝග නියෝග කරලා තිබුනත් නිල්මිනි එය ප්‍රතික්‍ෂේප කරලා තියෙනවා. ඒ ගැන ඇය කියන්නේ මේ අකාරයෙන්,”මම මගේ මගේ දරුවා රුපියල් පන්දාහකට විකුනන්නෙ නැහැ. කියන්න ලැජ්ජයි. මේ වෙනකම් කිසිම කෙනෙක් කිසිම සතයක්  මගේ දරුවාට දීලත් නෑ මම ගන්නෙත් නැහැ.

කෙසේ නමුත් දුක්ඛිත ජීවිතයක් ඔස්සේ හදාවඩාගත් තමන්ගේ ආදරණීය දියණිය මේ වෙද්දි ලොකු මහත් වෙලා කියලා එයා ආඩම්බරයෙන් සඳහන් කරනවා. මේ ආදරණීය දියණිය ස්වේතා මන්දාකිණි.නිල්මිණි සහ ඇයගේ ආදරණීය දියණිය ජීවිතයට ඉතාමත් සමීපය  මිතුරියන් ලෙස කාලය ගත කරන නිසා පුංචි හෝ වෙන්වීමක් හෝ ඇයට දරාගන්න බැහැ කියලයි ඇය කියන්නේ. ඒ වගේම නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සඳහන් කරන්නේ ස්වේතා කියන්නේ ඇයට කිසි දෙයකින් කරදරයක් කරන දුවක් නෙවෙයි කියලයි.ඇය අවසාන වශයෙන් කියා සිටියේ