Celebrity Gossip

wwwwwo මේ වගේ over එකක් කවදා හරි දවසක දාන්නෙත් අපේ කොල්ලෙක්මයි- මාලිංග තැබූ සංවේදි සටහන​

1983 වසරේ අගෝස්තු 28 වැනිදා ගාල්ල රත්ගමදී උපත ලැබූ සෙපරමාදු ලසිත් මාලිංග, තිරණාගම විද්‍යාතිලක විද්‍යාලයෙන්, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයෙන් සහ ගාල්ල මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබේ. 21 හැවිරිදි වියේදී එනම් 2004 වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මාලිංග ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත්තේය. 2006 වසරේදී එංගලන්තයට එරෙහිව මාලිංග විස්සයි විස්ස ක්‍රිකට් පිටියට පිවිසිණි. ඔහුටම ආවේණික වූ කවපෙත්තක් විසි කරන්නා වැනි ආකාරයක (Round arm) පන්දු යැවීමේ ඉරියව්වක් සහ කොණ්ඩා විලාසිතාවකින් සැරසුණු මාලිංග ලොව බිහිවූ අග්‍රගණ්‍යයේ යෝකර් පන්දු යවන්නෙකු ලෙසින්ද හැඳින්වේ.

2007 ලෝක කුසලානයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවා ගනිමින් එවන් දස්කමක් සිදුකළ ලොව පළමුවැනි ක්‍රීඩකයා බවට පත් වන්නටද මාලිංග සමත් විය.එක්දින පිටියේ වැඩිම කඩුලු ත්‍රිත්ව සංඛ්‍යාවක් (3ක්) දවා ගත් පන්දු යවන්නා ලෙසින් වාර්තා පොත් අතරට එක්ව සිටින මාලිංග විස්සයි විස්ස පිටියේදී ද කඩුලු ත්‍රිත්ව 2ක් ලබා විස්සයි විස්ස පිටියේද වැඩිම කඩුලු ත්‍රිත්ව ලාභියා වී සිටී.තවද එක්දින සහ විස්සයි විස්ස යන තරග රටා දෙකෙහිදීම පිට පිට පන්දු 4කදි කඩුලු 4ක් බැගින් ලැබූ එකම ක්‍රීඩකයාද මාලිංග වේ.

විස්සයි විස්ස තරග 84කදී කඩුලු 107ක් දවාලමින් විස්සයි විස්ස පිටියේ වැඩිම කඩුලු ලාභියාද වන මාලිංග, තරග 122කදී කඩුලු 170ක් දවාලමින් ඉන්දීය පී්‍රමියර් ලීගයේ වැඩිම කඩුලු ලාභියා වන්නේද මාලිංගය.ක්‍රිකට් පිටියේ ‘යෝකර් රජු’ ලෙසින් විරුදාවලි ලත් ශ්‍රී ලංකාවට විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය ගෙනා හිටපු නායක ලසිත් මාලිංග සිය ක්‍රිකට් දිවියෙන් සමු ගැනීම නිවේදනය කළේය.මීට ඉහතදී ටෙස්ට් සහ එක්දින පිටියෙන් සමුගෙන සිටි මාලිංග සිය විස්සයි විස්ස ක්‍රිකට් පිටියෙන් සමුගැනීමේ නිවේදනය ඊයේ (14 වැනිදා) ප්‍රකාශයට පත් කළේය.ඒ බව සදහන් කළමින් ඔහු තම සමාජ මාධ්‍යය ගිණුමේ මෙසේය​.

“වසර 17 ක් පුරාවට ජාතික සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළින් මම ලබාගත් දැනුම, අත්දැකීම් තවදුරටත් මට ක්‍රිකට් පිටියක්  තුල අවශ්‍යය වෙන එකක් නෑ..මොකද..මගේ ක්‍රිකට් ජීවිතයේ ඉතිරි වුන අවසන් පුරුක,T20 ක්‍රිකට් වලටත් සමුදීමට මම අද තීරණය කළා.ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න, ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න මහන්සිවෙන අපේ නවක ක්‍රීඩකයන්ට වගේම ක්‍රිකට් වලට ආදරය කරන ඔයාලා එක්ක මම හැමදාමත් ඉන්නවා.තෙරුවන් සරණයි!w w w w w o   මේ වගේ over එකක් කවදා හරි දවසක දාන්නෙත් අපේම කොල්ලෙක් තමයි “යනුවෙනුයි. ඉතින් ලාංකීය ක්‍රිකට් ඉතාහාසයේ බිහිවූ අති දක්‍ෂ පන් දු යවන්නෙකු වූ ලසිත් මාලිංගගේ අනාගතයට අපිත් සුභ ප්‍රාර්ථනා එක් කරනවා.