Celebrity Gossip

ජනාධිපතිතුමනි මනුෂ්‍යත්වයේ නාමයෙන් එතුමාව නිදහස් කරන්න​.පවු සිරගෙදරක ඉන්න ඕන කෙනෙක් නෙවෙයි ඒ -පියුමිගේ ඉල්ලීම​

පියුමි හංසමාලි කියලා කියන්නේ අපේ රටේ නිතරම කතා බහට ලක්වෙන නිතරම ගොසිප් මවන විනෝදයෙන් ජීවිතය ගත කරන නිරූපන ශිල්පිනියක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම පියුමි හන්සමාලි කියලා කියන්නේ වෘත්තියෙන් නිරූපණ ශිල්පිනියක් මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක් වුනත් මේ වනවිට ආදරණීය මවක්ද වනවා. 

වර්තමානයේ කා අතරන් කතා බහට ලක්වෙන චරිතයක්. පසුගිය කාලයේත් ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකට එකතු වෙලා පියුමි විසින් කියපු කතා ගැනත් සමාජ මාධ්‍ය වල ගොඩක් කතාබහ වුනා. එහිදීත් ඇය කියා සිටියේ ඇය තමයි ලංකාවේ ඉන්න ප්‍රසිද්ධම කාන්තාව කියලයි. ඒ ඇය මොකක් හරි දෙයක් කරොත් සමාජමාධ්‍යයේ එය ඉතා වේගයෙන් පැතීරි යන නිසාය​.

ඉතින් දැන් අපි මේ කියන්න යන්නේ පියුමි සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ජනාධිපති වරයාගෙන් කල ඉල්ලීමක් පිලිබදවයි.  ඒ තමයි ඇයගේ ලඟම සිටි හිතවතෙකු වන රන්ජන් රාමනායක මහතා ගැන. ගොඩක් කාලයකඉදලා රන්ජන් සහ පියුමි ගැනත් අපේ රටේ ගොඩක්ම කතාබහ වුනා. යම් යම් හැඩ පට සහ තවත් විවිදාකාර හේතු නිසා මේ දෙදෙනා ගැන නිරන්තරයෙන් පුවත් අසන්නට ලැබුනා. ඒ වගේම පියුමි සහ රන්ජන් කියන්නේ ලඟින්ම ආශ්‍රය කරන දෙදෙනෙක්.ඉතින් ඒනිසාම තමයි පියුමි රන් ජන් වෙනුවෙන් හඩ අවධි කරන්න පටන් අරන් තියෙන්නේ .ඉතින් ඇය තම ෆේස්බුක් ගිණුමේ තැබූසටහන මෙසේය​.

“Mr ගෝඨාභය රාජපක්ෂ අති ගරු අපේ ජනාධිපති තුමනි, ඔබට පිංසිද්ද වෙයි මනුෂ්‍යත්වයේ නාමයෙන් එතුමාව නිදහස් කරන්න. පවු අද සි, ර ගෙදරක ඉන්න ඔනෙ කෙනෙක් නොවේ එතුමන්. ඇරත් ඔහු අස, නිපයෙන් සිටින්නේ. මෙ අවස්තාවෙ ලෝකය දිහා බැලුවම මිනිසුන් හෙටක් නැති අදක අප ජිවත් වන්නේ. ඉතිං තිරනය ඔබ සතුයි ජනාදිපතිතුමනි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හැන්ඩ්සම් දුමින්ද සිල්වා මැතිතුමාට ජනාදිපති සමාව දෙන්න පුලුවන් නම්.රංජන් මැතිතුමාට සමාව නොදිමට හේතුවක්”? එලෙසින් ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් පියුමිගේ සටහන අවසන් කරලා තිබුනා.