Celebrity Gossip

ගැබ් ගෙන ඇති බවට පැතිරී යන කටකතාවට උත්තර දෙමින් සමිතා කියපු සැර කතාව​

අතුල අධිකාරී හා සමිතා මුදුන්කොටුව​ කිව්වම අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන නමක් තැබූ අඹු සැමි යුවලක් කියලා හැමෝම දන්නවා.නමුත් පසුකාලීනව​ ඔවුන් දෙදෙනා විවාහයෙන් වෙන්ව වෙන වෙනම තම ඉදිරි අනාගතය ගත කිරීමට තීරණය කර තිබුනා.ඉතින් සමිතා මුදුන්කොටුව​ කියන්නේ ආදරණීය ගීත බොහෝමයක් ගැයූ දක්‍ෂ ගායිකාවක්.ඒ වගේම බොහෝ දෙනෙක් සමිතාගේ ගීත වලට ආදරය කරනවා.ඒ වගේම ඇය මේ දිනවල දෙරණ ඩ්‍රීම් ස්ටාර්හි විනිසුරුවරියක්ලෙසත් කටයුතු කරනවා.

නමුත් සමිතාගේ දෙවෙනි විවාහය එක්ක සමිතා ගැන නැවතත් කතා කරන්න පටන් ගත්තා.ඒවගේම පසුගිය දිනවල සමිතාට ප්‍රශ්න ගොඩකට මුහුන දෙන්න සිදු වී තිබුනා. ඉතින් මේ සියළු ප්‍රශ්න සමඟ ඇය ගැන පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ කටකතා පැතිර යමින් තිබුනා. ඒ සමිතා තම ලාබාල පෙම්වතාගෙන් ගැබ් ගෙන ඇති බව සදහන් කරමින්.හැම කතාවක්ම හමුවේ නිහඩව සිටි සමිතා මේ කතාවටනම් නිහඩව සිටියේ නැහැ.ඒ කතාවට සමිතා සැර උත්තරයක් දීලා තිබුනා. පුතා ශේන් මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න කියලා කිව්ව නිසාම ඇය සමාජ මාධ්‍යයට වීඩියෝවක් නිකුත් කරලා තිබුනා. එහිදී ඇය කියා සිටියේ මේ වගේ දෙයක්.

“බොරු කියන්න එපා.මට රත්තරන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා මට තවත් දරුවෝ එපා. එයාල එක්ක මම  සතුටින් ඉන්න විදිහ හැමෝම දන්නවා. ඉතින් බොරු කතා හදන්න එපා මට හිතාගන්න බැහැ මේ වගේ කතා හදන්නේ කියලා. මට ඉන්නේ ශේන් කවි විතරයි. බොරු කතා හදන්න එපා.හැමෝම සතුටින් ඉන්න. දෙයක් කියන්න කලින් හොදට හොයලා බලන්න” යනුවෙනුයි ඇය එහිදී කියා සිටියේ. ඉතින් සමාජයේ මිනිසුන් කුමක් කිව්වත් ඉතාමත් සාර්ථක ආකාරයෙන් තම ජීවිතය ගත කරන සමිතා මුදුන්කොටුව මහත්මියට හා පවුලේ සියළු දෙනාට සතුටින් ජීවිතය ගත කරන්න හැකි වේවායි කියා අපි ප්‍රාර්ථනා කරනවා