Celebrity Gossip

පළමු ප්‍රසංගයෙන් පසු ශාරුක්ගේ බිරිඳ, ගෞරි ඛාන්ගෙන් යොහානිට ලැබුනූ අපූරු ඇරයුම​

ශ්‍රී ලාංකික සංගීතය , ශ්‍රී ලාංකික රසිකත්වය වගේම යොහානිගේ මුළු ජීවිතයම වෙනස් කළේ මැණිකේ මගේ හිතේ ගීතයයි. කෝටි 13කට අධික රසික සංඛ්‍යාවක් මේ ගීතයට වශී කරගන්න ඇය වාසනාවන්ත වී තිබෙනවා. ඉතින් අපි අද ඔබට ඉදිරිපත් කරන්න යන්නේ  ඇය මේ වාසනාවේ හිනිපෙත්තේහි කිරුළු පැළදු අභිමානවත් දවසෙහි වගතුග පිළිබඳවයි.පෙරේදා දින ඉන්දියාවේ ගුරුග්‍රෑම් නගරයේදී පැවැත් වුණු යොහානි ද සිල්වාගේ සංගීත සංදර්ශනය අති සාර්ථක ලෙස නිමා වුණු බව තමයි ඉන්දීය මාධ්‍ය තුළින් වාර්තා වන්නේ. ඉතින් මේ සංගීත ප්‍රසංගයට බොලිවුඩ් තරු වගේම ඉන්දීය සිනමාවේ දැවැන්තයින් සංගීත ශිල්පීන් වගේම විද්වතුන් විශාල පිරිසක් සහභාගී වුණා. දැනටමත් ඉන්දීය සංගීත ක්ෂේත්‍රයේ අති දැවැන්තයෙක් වන ඒයා අභිමාන් රහුමාන්ගේ ගීතයක් පරදවමින් යුටියුබ් නාළිකාවක ඉහළ ස්ථානයකට යොහානි ද සිල්වාගේ ‘මැණිකේ මගේ හිතේ ගීතය’ පැමිණ තිබෙනවා.

ඉතින් අපේ රටේ බොහොමයක් කලා ශිල්පීන් විසින් ඇයගේ හැකියාව වගේම ඇය ලැබූ මේ සාර්ථකත්වය පිළිබඳව ප්‍රශංසනීයව කතා නොකළත් ඒ පිලිබඳ පොස්ට් පල කරන්නට තවමත් ප්‍රමාද වුණත් ඉන්දීය රසිකයින් වගේම ඉන්දීය තරු නම් ඇයව පිළිගෙන තියෙන්නේ හදවතින්මයි.විශාල සමාගම් ඇය වෙනුවෙන් දැනටමත් ඉදිරියට පැමිණ තිබෙනවා. ඉතින් අපේ ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරන බොලිවුඩ් තරුවක් තමයි ශාරුක් ඛාන් කියන්නේ. ඉතින් මේ ප්‍රසංගයට ශාරුක් ඛාන් වගේම ඔහුගේ ආදරණීය බිරිඳ වන ගෞරි ඛාන්නුත් සහභාගී වෙලා තියෙනවා. ඉතින් ශාරුක්ගේ බිරිඳ ගෞරි ඛාන් යොහානි ගැන අදහස් දක්වමින් පළ කරලා තිබුණේ මෙහෙම.

“ශ්‍රී ලංකාව කියන්නේ හරිම සුන්දර රටක්. එහි සුන්දරත්වය වගේම එහි වෙසෙන මිනිසුන්ගේ හදවතත් හරිම සුන්දරයි. ඉතින් මේ පුංචි මලක් වගේ ඉන්න ගැහැණු ළමයා අපේ මුළු භාරතයම තමාගේ වසඟයට පත් කරගෙන අවසන්. ඉතින් මම ඇයට හදවතින්ම සුභපතනවා.” ඉතින් මේ විදියට යොහානි පිලිබඳ හරිම සතුටින් වගේම ආඩම්බරයෙන් කතා කරපු ගෞරි ඛාන් යොහානි ද සිල්වාට තමන්ගේ මන්දිරයට පැමිණෙන ලෙසත් ආරාධනා කර තිබෙනවා කියලයි නවතම වාර්තා තුළින් දැනගන්නට ලැබෙන්නේ. මේ විදියට බොලිවුඩ් තරු පවා පුදුමයට පත් කරමින් ඔවුන්ගේ හදවත දිනාගත්ත අපේ ලාංකීය තාරකාව යොහානිට අපි හැමෝම හදවතින්ම සුභපැතුම් එක් කරමු.