Celebrity Gossip

මට ඉදිරියේදිත් අවශ්‍ය අංක එකේ ප්‍රහසන නළුවෙක් වෙන්න පමණයි-දෙනුවන් සේනාධි

දෙනුවන් සේනාධි කියන්නේ කලා ක්‍ෂේත්‍රයේ ඉන්න දක්‍ෂ ප්‍රහසන නළුවෙක්. ඔහුව මේ දිනවල සැවොම හදුනන්නේ මයික් නමිනුයි. හාස්‍ය රංගනයට ඔහු කොතෙක් සාධාරණයක් ඉටු කරනවාද කිවහොත් ඔහුව දුටුවත් වරුවක් සිනාසීමට පුළුවන්. තවත් ආලවට්ටම් අවශ්‍ය නැත. මේ වන විටත් ඔහුගේ මුහුණ ඔබට මැවී පෙනුණු නිසැකය. ඉතින් ඔහු පසුගිය දවසක පුවත්පත් සාකච්චාවකට එකතු වෙලා මේ විදියට කතාබහ කරලා තිබුනා.

ඔහු මෙතෙක් ආ කලා ගමන තුළ මේ විදියට කියලා තිබුනා. “මං කලා ක්‍ෂේත්‍රයට පිවිසිලා වසර 15කට ආසන්නයි. මගේ ගමන ආරම්භ කළේ ක්‍ෂේත්‍රයේ පහළම තැනිනුයි. ඒ වගේම ක්‍ෂේත්‍රයෙත් දැවැන්ත අත්වැල් එකී ගමනෙදි මට හමු වුණා. චිත්‍රපට, නාට්‍ය බොහොමයකට රංගනයෙන් දායක වීමටත් අවස්ථාව ලැබුණා. දෙරණ ආයතනයේන් වැඩසටහන් මෙහෙයවන්නකු ලෙස ගොඩනැඟෙන්නටත් මට අවස්ථාව උදා උදාකර දුන්නා. මේ වන විට මගේ හැකියාව ක්ෂේත්‍රයේ සෑම පැතිකඩකටම පැතිරී හමාරයි. ඒ නිසා මගේ ගමන තුළ මං තෘප්තිමත්.”

බොහෝ දෙනෙක් තමන් ප්‍රහසන රංගන ශිල්පියෙක් ලෙස හදුන්වා දීමට මැළිකමක් දැක්වූවත් ඔහු ප්‍රහසන රංගන ශිල්පියෙක් ලෙස සමාජගත වෙන්න ඇති කැමැත්ත ගැන කියලා තිබුනේ මෙහෙමයි. “මං කැමතිම ප්‍රහසන නළුවෙක් වෙන්න. එයට හේතුව මං ප්‍රහසන නළුවෙක් වීම. ලෝකයේ අංක එකේ නළුවා ලෙස හදුන්වන්නේ චාලි චැප්ලින් මහත්මයව. Mr. Been ලෝකයම ආදරය කරන චරිතයක්. ලංකාව තුළත් ප්‍රහසන නළුවෙක්ට ලොකු සමාජ වටිනාකමක් නිර්මාණය වෙලා තියෙනවා. මෙතෙක් බිහි වූ ප්‍රහසන රංගන ශිල්පීන්ගේ අඩි පාරේ යන්න මටත් අවස්ථාව ලැබිලා තියෙනවා. රංගනය තුළ මට අයිති කොටසක් තියෙනවා නම් එය ප්‍රහසනයයි. මං ඒ ක්ෂේත්‍රය තුළ ජනප්‍රියයි. ඒ නිසා එය කිසිසේත්ම ගැටලුකාරී තත්ත්වයක් නෙමෙයි. මට ඉදිරියේදිත් අවශ්‍ය අංක එකේ ප්‍රහසන නළුවෙක් වෙන්න පමණයි.”

බොහොමයක් නවකයන් ප්‍රහසන රංගනයෙන් බැහැර වී සිටින්නට හේතුව ලෙස ඔහු කියා තිබුනේ මෙයයි. “ලංකාවේ ප්‍රහසන රංගන ශිල්පීන්ව තරම් කිසිදු රංගන ශිල්පියකු හෝ ශිල්පිනියකව ඇගයීමට ලක්වී නැතුව ඇති. බොහොමයක් සමාජ මාධ්‍ය  තුළ වැඩිම ආදායමක් ලබන්නේත් විකට රංගන ශිල්පීන්. තවමත් සමාජයේ බහුතරයකගෙ ඉල්ලීම ප්‍රහසනය කියා මම විශ්වාස කරනවා. ප්‍රහසන රංගනය අසීරුම කර්තව්‍යය කියා මම කියන්නේ නැහැ. නමුත් එය සියුම්ව කළ යුතු අසීරු කාර්යයක්.”

නාළිකාවකට සීමා නොවී තමන්ගේම Platform එකක ප්‍රහසන කාර්‍යය සිදු කරන්න ඇති කැමැත්ත ගැනත් ඔහු මෙහිදී කියල තිබුනා. “එයට මගේ අකමැත්තක් නැහැ. නමුත් කලා ක්‍ෂේත්‍රය තුළ අපහසුම කාර්යය පුංචි තිරය තුළ වගේම රිදී තිරය තුළ ස්ථාවර තත්ත්වයක් ගොඩනඟා ගැනීම. මං ඒ අපහසුම කාර්යය තුළ යම් සාර්ථකත්වයක් දිනා හමාරයි. යම් දිනෙක මගේ නමිනුත් YouTube චැනල් එකක් ආරම්භ කළ හැකි නමුත් තවම දෙනුවන් සේනාධිට ක්ෂේත්‍රයේ වැඩ කරන්න පුළුවන්. ඒ නිසා ඒ කාර්යයට තව කල් තියෙනවා.”

වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී Script එකකට කොටු වීම තුළ ඔහුගේ අනන්‍යතාවය ගොඩනඟාගන්න ආකාරය ගැන ඔහු මෙහෙම කියලා තිබුනා. “මං බොහෝවිට වැඩසටහන් මෙහෙයවීම සිදු කරන්නේ දෙරණ නාළිකාවත් සමඟයි. එහි පිටපත් ලිවීම සිදු කරන්නේ ධම්මික. ඔහු මට ගැළපෙන විදිහට දෙබස් ලියනවා. රියැලිටි වැඩසටහන් මෙහෙයවීමට පෙර එහි පුහුණු වැඩසටහනක් සිදු කිරීම අත්‍යවශ්‍යයි. එකී කාර්යය සිදු කරන්නේ මනා පුහුණු වීමකින් යුතුවයි. මාධ්‍ය නාළිකාවක අපට කැමති දේවල් ප්‍රකාශ කිරීමට අවකාශයක් නැහැ.”

ප්‍රවීණයන්ගෙන් ඔහුගේ රංගන ජීවිතයට ලැබුණු මඟ පෙන්වීම ගැන ඔහු කියලා තිබුනේ මෙහෙමයි. “මට හොඳම මඟ පෙන්වීම ලැබුණේ ප්‍රවීණයන්ගෙනුයි. විජය නන්දසිරි මහත්මයව එහිදී මං ගෞරවයෙන් මතක් කරනවා. ටෙනිසන් කුරේ, බන්දු සමරසිංහ වැනි ප්‍රවීණයන් වගේම ධර්මප්‍රි ඩයස් මහත්මයා රංගනය පිළිබඳව ලබා දෙන ඔවදන් තුළ අප තව තවත් මුවහත් වෙනවා. ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් අපේ ගුරුවරුන්. ඔවුන් නැත්නම් නවක පරපුරක් බිහි වෙන්නෙත් නැහැ.”අනාගත බලාපොරොත්තු ගැනත් ඔහු කියලා තිබුනා. “ලංකාවේ රංගන ක්‍ෂේත්‍රයේ කාර්යබහුලම විකට නළුවා වෙන්න දිනක බලාපොරොත්තු වෙනවා. දෙනුවන් සේනාධි චිත්‍රපටයේ රඟපාන නිසා ඒ චිත්‍රපටය බලනවා කියන තැනට මිනිස්සුන්ගේ මතය ගොඩනැඟෙන විස්වාසනීය, ස්ථාවර නළුවෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා.” කියලයි ඔහු අවසාන වශයෙන් කියලා තිබුනේ.