Celebrity Gossip

පෞද්ගලික ජීවිතේ නම් හොඳ සැමියෙක් ලැබිලා දරුවන් එක්ක හොඳ ජීවිතයක් ගත කරන්න ආසයි-ශලනි තාරකා

ශලනි තාරකා කියන්නේ රංගනය තුළින් සම්මානලාභී රංගන ශිල්පිනියක්. සිරස කුමරිය හරහා කලාවට පැමිණි ශලනි පසුගිය වසරේදී රයිගම් ටෙලි සම්මාන උළෙලේදී හොඳම නිළිය සහ ජනප්‍රියම නිළිය යන සම්මාන ද්විත්වයම දිනාගන්නවා.ශලනි ටෙලි තිරයේදී වැඩියෙන්ම දකින්නට පෙම්වතියගේ චරිතයෙන් වූවත් ඇය වෙනස් වෙනස් චරිතවලින්ද සිය රංගන දක්ෂතාවයන් පෙන්වා තිබෙනවා.ඇය පසුගිය කාලයේ කොරෝනා වෛරසය වැළඳී සිටියත් දැන් ඇය හොඳ සුවයෙන් සාමාන්‍ය ආකාරයටම තම රංගන කටයුතු වල නියැළෙනවා. ඉතින් ඇය ඇයගේ අලුත්ම තොරතුරු පිළිබදව පසුගිය දිනයක සාකච්ඡාවකදී අදහස් ප්‍රකාශ කර සිටියේ මේ ආකාරයෙන්.පසුගිය දිනවල කොවිඩ් ආසාදිතව සිටි ඇය දැන් ඇයගේ තත්වය ගැන මේ ආකාරයෙන් කියා සිටියා.

දැන් ගොඩාක් හොඳයි. සාමාන්‍ය තත්ත්වයෙන් ඉන්නවා. ඉඳලා හිටලා පොඩි පොඩි අපහසුතාවයක් නම් ඇතිවෙනවා. ඒවා ටික කාලයක් යනතුරු පවතිනවා කියලා වෛද්‍යවරුන් කියනවා. සමහරවෙලාවට කොන්දෙ අමාරුවක් ඇතිවෙනවා. පඩිපෙළවල් නගින්න අමාරුයි. ඒ නිසා රෑගත කිරීම් කරද්දී වුණත් ඒ ගැන පරිස්සම් වෙනවා.ඒ කාලේදී ශලනි දිනපොතක් ලියලා ඔයාගේ මුහුණු පොත හරහා මිනිසුන්ව දැනුවත් කර තිබුනා. ඒගැන ඇය කීවේ මේ ආකාරයෙන් , සාමාන්‍යයෙන් මම දිනපොත ලියන්නේ නැති කෙනෙක්. කාමරයක් අස්සට වෙලා දවස් දාහතරක් තනියම ඉන්නත් අමාරුයි.

ඒ නිසා මට කරන්න දෙයක් නැති නිසාම තමයි මම මගේ දිනපොත ෆෝන් එකෙන් ටයිප් කරලා මගේ මුහුණ පොතට දැම්මේ. කවදා හරි කාට හරි ප්‍රයෝජනවත් වේවි නේද කියලා හිතලයි මම ඒක පළකළේ. ඇත්තම කිව්වොත් ඒක බොහෝ දෙනෙක් බලලා තිබුණා. මට ඒකෙදි ඇතිවුණු රෝග ලක්ෂණ, මම ගත්තු ප්‍රතිකාර, කළ දේවල් පවා සටහන් කරලා තිබුණා… බොහෝ දෙනක් ඒක ප්‍රයෝජනයට ගත්තා යැයි මට කිව්වා.මේ දවස්වල මම මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ පිටපතක් වුණ ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන කියාදෙන්න ආදරේ තරම් සහ හසුන් සමීර අධ්‍යක්ෂණය කරන චලෝ ටෙලි නාට්‍යයේත් රෑගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. මේ පවතින තත්ත්වයත් එක්ක අලුත් නිර්මාණ බාරගත්තේ නැහැ. මම සිහින ගෙනෙන කුමාරියේ ටෙලිනාට්‍යයෙන් ඉවත් වුණා. ඒක දීර්ඝ ටෙලිනාට්‍යයක් බවට පත්වීම වගේම හේතු කිහිපයක් නිසා මම ඒ ටෙලිනාට්‍යයෙන් ඉවත් වුණා.

මම සති පහකට වැඩි කාලයක් රංගන කටයුතුවල නියැලුනේ නැහැ. ඒ වෙනුවෙන් මම මේ දවස්වල දායක වෙන ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන කියාදෙන්න ආදරේ තරම් කියන නිර්මාණයට වගේම චලෝ නිර්මාණයටත් ස්තූති කරන්න ඕනේ. ඒ අය මම නිසා රෑගත කිරීම් නතර කළා. මාව ආයෙත් රංගනයට දායක කරගන්න හදිසි වුණේ නැහැ. මුල් දවස් තුන හතර යනතුරු රංගනය කළත් පඩිපෙලවල් නගින්න අමාරු වුණා. ඒ කිසිම දේකට මාව ඒ අය සම්බන්ධ කරගත්තේ නැහැ. තාමත් හවසට කොන්දෙ අමාරුවක් තියෙනවා. තාමත් විවේකය අවශ්‍යයි. වෛද්‍යවරුන් පවා ව්‍යායාම් කරන්න එපා. එහෙම ව්‍යායාම් කරනවා නම් විනාඩි විස්සක් වගේ හෙමිහිට ඇවිදින්න. හතිය එනවා නම් නවත්වන්න කියලා තමයි උපදෙස් ලබලා දීලා තියෙන්නේ. ඒ නිසා ටික කාලයක් පරිස්සම් වෙන්න වෙනවා.

ඒ වගේම ඇයගෙන් දැන් පෙම්වතියක්ද කියා අසා තිබූ ප්‍රශ්නයට ඇය උත්තර දී තිබුනේ මේ ආකාරයෙන් , මගේ පෞද්ගලික ජීවිතය ගැන මම ප්‍රසිද්ධ කරන්න කැමැති නැහැ. මම විවාහ වෙනවා නම් ඒක ඒ කාලේදී සිදුවේවි. මට පෙම්වතුන් ඉඳලා තියෙනවා. නමුත් මගේ පෞද්ගලික ජීවිතයට වඩා රංගන ජීවිතේ තමයි මිනිසුන් විවේචනය කරන්න ඕනේ කියලයි මම විශ්වාස කරන්නේ. සමහරු අපේ ගෙවල්වල ඇවිත් ජීවත් වෙනව වගේ අපිට චරිත සහතික දෙනවා. මගේ පෞද්ගලික ජීවිතේ කවුරුවත්ම දන්නේ නැහැ. ඒක තමයි ඇත්ත.

සමහර වෙලාවට හිතිලා තියෙනවා අපරාදේ නිළියක් වුණේ කියල. මිනිසුන්ගේ කතන්දර එන කාලේ මාව නොමරා මරණ කාලවලට අපරාදෙනේ නිළියක් වුණේ කියල හිතිල තියෙනවා. හැබැයි එහෙම වුණා නම් මගේ ජීවිතේ මෙච්චර ශක්තිමත් වෙන්නේ නැහැ. මට දැන් මිනිස්සු කියන දේවල් ගාණක්වත් නැහැ. මට ඒ මිනිස්සු ගැන පව්, අපරාදේ ඒගොල්ලෝ ලේ කෝප කරගෙන, පව් පුරෝගෙන, සල්ලි වියදම් කරගෙන SMS ගහගෙන කරන දේවල් දැකලා දැන් හිනා යනවා. ඇත්තටම ඒ මිනිස්සු ලේ කෝප කරගෙන කියන දේවල් අපි හිනාවෙවී බලද්දී අපේ ලේ පිරිසිදු වෙනවා. අසරණ ජීවිත කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ මිනිස්සු මොනව කිව්වත් මගේ ඇඟේ වදින්නේ නැහැ.

ඒ වගේම ඇයගේ අනාගත බලපොරොත්තුව ගැන ඇය මෙහිදී අදහස් දක්වා තිබුනා.මට එහෙම ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. මගේ ජීවිතේ බොහෝ දේවල් මම හැබෑකරගෙන තියෙනවා. පෞද්ගලික ජීවිතේ නම් හොඳ සැමියෙක් ලැබිලා දරුවන් එක්ක හොඳ ජීවිතයක් ගත කරන්න ආසයි. ඒක අපේ ජීවිතේ යන විදිහට යාවි. ඒ ගැන වුණත් ලොකුවට බලාපොරොත්තු නැහැ. කලා ජීවිතයේදී මම හිතුවාටත් වැඩිය සාර්ථක වුණා. මේ කාලයේදී මට පුංචි තිරයේ ජනප්‍රිය නිළියක් වීමේ උණක් ඇත්තටම නැහැ. ජනප්‍රිය නිළිය සහ හොඳම නිළිය සම්මාන දෙකම මට එකවර ලබාගන්න පුළුවන් වුණා. ඉදිරියේදීත් මිනිසුන්ගේ මතකයේ හිටින හොඳ නිර්මාණවලට දායක වෙන්න ආසයි.කියලයි ඇය අවසාන වශයෙන් කියා සිටියේ