latest articles relationship

පටන් ගත්තු ආදරේ කසාදේ වෙනකන්ම ගෙනියන්න උපදෙස් 6ක්

ආදර කතාවක් පටන් ගන්නකොට ඕනෙම කෙනෙක්ගේ හිතේ තියෙන හීනය වෙන්නේ ඒක විවාහය දක්වාම ගෙනයන එකයි. ගොඩාක් අයට ඒ දේට වාසනාව ලැබෙනවා.හැබැයි ඉතින් අටන් ගත්තු ආදරේ විවාහය වෙනකන් ගෙනියන්න වෙන්නෙ නැති අයත් ඕන තරම් ඉන්නවා.ඒකට විවිධ විවිධ හේතු බලපාන්න පුළුවන්. ඉතින් අද අපි  කියලා දෙන්න යන්නේ  විවාහය දක්වා ගෙනියන්න පුළුවන් ආදර සම්බන්ධතාවයක් කරගෙන යන්නේ කොහොමද කියන එක ගැනයි. ආදර සම්බන්ධයක් තියෙන ඕනම කෙනෙක්ට ඒ ආදරේ කසාදෙ වෙනකන් ගෙනියන්න මේ කරුණු උපකාරී වේවි. 

1.ආදරය ජීවිතේ අනිත් දේවල් එක්ක බැලන්ස් එකේ කරගෙන යන්න

ආදරය කරන්න ගන්න ගොඩාක් දෙනෙක් හිතන දෙයක් තමයි ආදරය කියන්නේ හැම දෙයක්ම කියලා. නමුත් ආදරේ කියන්නෙ හැම දෙයක්ම නෙවෙයි. ඒක වැදගත් දෙයක්. ඒක ජීවිතේ තවත් එක දෙයක් විතරයි. අන්න ඒක තේරුම් ගත්තොත් බැලන්ස් එක හොයාගන්න පුළුවන්. උදාහරණයක් විදියට යාලුවො එක්ක සෙට් වුණාම විනාඩියෙන් විනාඩියට මොකද කරන්නේ කියලා අහලා කෝල් ගන්න Girl friend කෙනෙක් කොච්චර ආදරේ කළත් එපා වෙන දවසක් එනවා. ඔෆිස් එකේ ට්‍රිප් එකකටවත් යන්න දෙන්නෙ නැතිව කෙල්ලව රකින්න හදන කොල්ලෙක්ව කවදහරි කෙල්ලට එපා වෙන දවසක් එනවා. අන්න ඒවා ගැන හොඳට හිතලා බැලන්ස් එක හදාගන්න. 

2.දෙන්නා දෙන්නෙක් කියලා හිතන්න​

ගොඩක් දෙනෙක් හිතන්නේ ආදරය කරන දෙන්නෙක් උනාම දෙන්නම එක වගේ දේවල් වලට කැමති වෙන්න ඕන කියලා. නමුත් මෙතැනදී වැදගත් වන්නේ දෙන්නා  එක්කෙනෙක් වීමට උත්සාහ ගැනීම නොවෙයි.දෙන්නා දෙන්නෙක් කියලා පිළි අරගෙන ඒත් ඒ තමන්ට වඩා වෙනස් මනුස්සයත් එක්ක එකට ජීවත් වෙන්න පුළුවන් ගැලපීම තිබීමයි. මේකෙ තියෙන වාසිය තමයි  එක්කෙනෙක් අනිත් කෙනාව තමන්ට ඕන විදියට හසුරුවන්නේ යන්නේ නැහැ. 

3.කතා කරන එක වැදගත් 

හැම දෙයක් ගැනම කතා කරන එක දීර්ඝ කාලයක් පවතින ආදර සම්බන්ධතාවයකට ඉතාම වැදගත්. ඒ කියන්නේ ආදරය කරන දෙන්නෙක්ට එක ලගින් වාඩිවෙලා ඕපදූපයක් කතා කරලා ජොලියේ ඉන්න හැකියාවක් තියෙන්න ඕනා. ඒක සතුටක් වෙන්න ඕනා. එදිනෙදා තමන්ගේ ජීවිතවල සිදුවුන දේවල් කතා කිරීමෙන් දෙන්නටම දැනෙනවා දෙන්නට දෙන්නා තමන්ගේ ජීවිතවල ඉන්නවාය කියලා. ඒ හැඟීම ඉතාම වැදගත්.

4.සැමියා හෝ බිරිද අතිනුත් වැරදි වෙන්න පුළුවන් කියලා හිතන්න​

සරලවම කියනවා නම් පිරිමි කසාද බඳින්න දේවදූතියන් සොයන්නවත් ගැහැණු කසාද බඳින්න දෙවිවරු සොයන්නවත් හොඳ නැහැ. අපි හැමෝටම  මිනිස්සු නිසා අපේ අතින් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒක තේරුම් ගන්න පුලුවන්නම් තමන්ගේ ආදරවන්තයගේ හරි ආදරවන්තියගේ හරි පොඩි වැරැද්දක් දැක්ක තැන දමලා ගහලා යන්නේ නැහැ.

5.විශ්වාසය අනිවාර්යෙන්ම තියෙන්න ඕන 

විශ්වාසය රකින ඒක දීර්ඝ කාලීන ආදර සම්බන්ධතාවයකදී සිදුවිය යුතුම දෙයක්. අපි කරන මොකක්  හෝ  මොට්ට වැඩක් නිසා විශ්වාසය කැඩෙනවා නම් එවැනි අවස්ථාවක  එය සාධාරණීකරණය කරන්න යන්නෙ නැතිව තමන් අතින් වරදක් සිදු වුනා නම් ඒක අවංකවම පිළිගන්න එක ගොඩක් වටිනවා. ඒ වගේම ඒ කැඩුණු විශ්වාසය ආයෙමත් හදන්න කටයුතු කරන්න ඕනෑ. ඒ සඳහා කාලයක් යනවා වුණත් එතැනදී ආදරයත් විවාහයත් දෙකම පවත්වා ගන්න ඕන කියන අදහස හිතේ තියාගන්න​