beauty latest articles

පැළුණු යටි පතුල් සදහා ස්වභාවික​ සත්කාර 4ක්

අපේ යටි පතුල් ලස්සනට තියෙනවා නම අපේ කකුල් වුණත් ගොඩාක් ලස්සනට පේනවා. හැබැයි යටි පතුල් පැලිල​, වියලිව තිබුනොත් ඒ ලස්සන නැති වෙනවා. යටි පතුල් පැලීම ගැන කතා කරන විට ගැහැණු පිරිමි බේදයකින් තොරව මේ ප්‍රශ්නය ඇති වෙන්න පුළුවන්. ඒත් ගොඩාක්ම මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කාන්තාවන් කිව්වොත් නිවැරදියි.කාන්තාවකකගේ  මුහුණ, ඇග ලස්සන වුනාට වැඩක් නැහැ. මොකද පිරිමි කාන්තාවකගේ සුන්දරත්වය බලන ප්‍රධානම සාධකය ලෙස සලකන්නේ දෙපා. ඒ නිසා කකුල් තමයි ලස්සනටම තියාගන්න ඕන​.පාද වල සනීපාරක්ෂාව කෙරෙහි අඩු අවධානය ,සිරුර විජලනයට පත්වීම හෝ සමේ තෙතමනය නොමැතිකම නිසා පාද වල සම වියළී යාම, සම ඉරිතලා යෑම, කොරල මතුවීම වැනි ගැටලු වගේම කකුල් අවලස්සන කරවමින් යටි පතුල් පැළීයාම ද සිදුවිය හැකියි. මේ ආකාරයෙන් පැළුනු දෙපා තිබීම නිසා ඔබ අපහසුතාවයට පත් වන අවස්ථා ඕනෑ තරම් තියෙන්න ඇති.ඉතින් අන්න ඒ නිසා අද අපි කියන්න යන්නේ පැළුණු යටි පතුල් සදහා නිවසේදීම කලහැකි සත්කාරයන් කිහිපයක් ගැනයි.

1.මී පැණි සත්කාරය

සත්කාරය සිදු කරන ආකාරය

  • උණුසුම් ජලය පිරවූ බේසමකට මී පැණි කෝප්පයක් එකතු කරගන්න.
  • ඔබේ දෙපා හොඳින් පිරිසිදු කරගෙන පසුව මෙම මිශ්‍රණය තුල බහාලමින් මිනිත්තු 20 ක් පමණ සම්බාහනය කරන්න.
  • දෙපා අතුල්ලමින් මැරුණු සම ඉවත් කරගන්න
  • ඉන්පසුව, දෙපා වියළෙන සේ තෙතමාත්තු කරගනිමින් මොයිෂ්චරයිසර් ක්‍රීම් ස්වල්පයක් දෙප වල ආලේප කරගන්න.
  • රාත්‍රී නින්දට පෙර දිනපතාම මේ සත්කාරය සිදුකිරීම කල හැකියි.

2.හාල් පිටි, මී පැණි සහා විනාකිරි සත්කාරය

අවශ්‍ය ද්‍රව්‍ය​

  • හාල් පිටි තේ හැඳි 3 ක්,
  • මී පැණි තේ හැඳි 1 ක්
  •  ඇපල් සයිඩර් විනාකිරි බිංදු 2-3ක්

සත්කාරය සිදු කරන ආකාරය​

  • මේ සියල්ල​ එක් කරමින් ඝන තලපයක් ලෙස ස්ක්‍රබ් එකක් සකස් කරගන්න.
  • ඔබේ දෙපා ඇල් මැරුණු ජලයේ මිනිත්තු 10 ක් පමණ පොඟවාගෙන සිටින්න. ඉන්පසුව, දෙපතුල් වල මැරුණු සම ඉවත් කරගැනීම සඳහා මෙම ස්ක්‍රබ් එක ආලේප කරමින් මෘදුව දෙපා ඇතිල්ලීම සිදුකරන්න.
  • සතියකට දෙවරක් හෝ තෙවරක් මෙම සත්කාරය නැවත සිදුකරන්න.

3. Vaseline සහා ලෙමන් යුෂ සත්කාරය

සත්කාරය සිදු කරන ආකාරය​

  • උණුසුම් ජලයේ මිනිත්තු 20 ක් පමණ ඔබේ දෙපා හොඳින් පොඟවාගෙන සිටින්න. ඉන්පසුව, කකුල් හොඳින් සෝදා තෙත මාත්තු කරගන්න.
  • Vaseline තේ හැන්දකට ලෙමන් යුෂ බිංදු 3-4 ක් පමණ එක් කරගනිමින් හොඳින් මිශ්‍ර කරගන්න.
  • දැන්, මෙම මිශ්‍රණය ඔබේ විලුඹ ප්‍රදේශයේ සහා පැළුණු සම ආශ්‍රිතව හොඳින් ආලේප කරගන්න.
  • කපු මේස් කුට්ටමක් පැලඳ නින්දට යන්න.
  • පසුදා උදෑසන උණුසුම් ජලයෙන් දෙපා හොඳින් සෝදාගන්න.
  • දිනපතා රාත්‍රී නින්දට පෙර මෙම සත්කාරය සිදුකරන්න.

4.එළවළු තෙල් වලින් සත්කාරයක්

සත්කාරය සිදු කරන ආකාරය​

  • ඔබේ දෙපා හොඳින් පිරිසිදු කරගෙන තුවායක් භාවිතා කරමින් හොඳින් තෙත මාත්තු කරගන්න.
  • ඉන්පසුව, දෙපා වල යටිපතුල් ප්‍රදේශයේ සහා ඇඟිලි අතරේ පවා හොඳින් එළවළු තෙල් ආලේප කරගන්න.
  • පිරිසිදු මේස් කුට්ටමක් පැලඳ රාත්‍රියේ නින්දට යන්න. පසුදා උදෑසන දෙපා හොඳින් සෝදා පිරිසිදු කරගන්න.
  • දිනපතා රාත්‍රී නින්දට පෙර මෙම ප්‍රතිකර්මය සිදුකරන්න.