latest articles relationship

පෙම්වතා/සැමියා ඔයාට ඇත්තටම ආදරේද කියලා ලේසියෙන්ම දැනගන්න පුළුවන් ක්‍රම 7ක්

ආදරය කරන කාලය තරම් සුන්දර දෙයක් බොහෝ දෙනාගේ ජීවිතය තුල තවත් නැතුව ඇති. මොකද​ ඒක හරි සුන්දර අත්දැකීමක්. ඒ වගේම තමයි මේ ආදරය ප්‍රකාශ කරන විදිය, ආදරය කරන විදිය එකිනෙකාට වෙනස් වෙනවා.ගොඩාක් වෙලාවට ගෑණු ළමයි තමන් ආදරය කරන කොල්ලට නිතරම ආදරෙයි කියන එක සාමාන්‍ය දෙයක්. ඒත් පිරිමි ළමයි එහෙම නැහැ. එයාලා ආදරේ කරද්දි ගොඩාක් වෙලාවට ඒ දේ කිය කිය කරන්නේ නැහැ.ඔයා පෙම්වතියක් නම් චුට්ටක් හිතලා බලන්නකෝ ඔයාගේ පෙම්වතාගෙන් අනන්තවත් අහලා ඇති එයා ඔයාට ඇත්තටම ආදරෙයිද කියලා. ඉතින් අන්න ඒ නිසා ඔයා ආදරේ කරන ගෑණු ළමයෙක් නම් ඔයාගේ පෙම්වතා, එහෙම නැත්තම් සැමියා ඔයාට ඇත්තටම ආදරය කරනවාද කියලා දැන ගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තමයි අපි අද මේ ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ

1.නිතරම ඔබට ඇහුම් කන් දෙනවානම්

ඔයා වැදගත් දෙයක් කිව්වත්, කිසිම වැදගත් කමක් නැති දෙයක් කිව්වත් ඔයාගේ කතාව ඔහුට පසු කාලයේත් මතක නම්, ඔහු ඔයාගේ හොද සවන්දෙන්නෙක් වෙනවා. එහි අදහස වන්නේ ඔහු ඔයා පවසන දේවල් වලට ප්‍රියතාවයක් දක්වනවා කියන එකයි. පිරිමියෙක් ඔයාට ආදරය කරනවා කියල අපිට කියන්න පුලුවන් පලවෙනිම කාරණය තමයි එයා ඔයා කියන ඕනම දේකට හොඳින් සවන් දෙනවා කියන එක​. 

2.කැපකිරීම් කීරීමට සූදානම් නම්

තමන්ගේ කාර්‍යාලයේ වැදගත් රැස්වීමක්, මිතුරන් සමග යොදාගත් සාදයක් හෝ වෙනත් වැදගත් ඔනෑම කටයුත්තක් ඔයා වෙනුවෙන් කල් දමන්නට පිරිමියෙක් ඉදිරිපත් වෙයි නම්, ඔහු ඔයා වෙනුවෙන් ඔනෑම දෙයක් කැප කිරීමට සූදානමින් ඉන්න පිරිමියෙක් බව අපිට කියන්න පුලුවන්. ඒ කියන්නේ එයාට ඔයා වෙනුවෙන් ඕනම දෙයක් අත් හරින්න වගේම කැප කරන්න පුළුවන් කියන එකයි.

3.ඔබව නොසලකා හරින්නේ නැත්තම්

පාඩුවේ ඉන්නකෝ , පැත්තකට වෙලා ඉන්න , මගේ වැඩ වලට ඇඟිලි ගහන්න එපා මේ වගේ දේවල් කියලාඅ තමන් ආදරය කරන සහකාරියව අවතක්සේරු කරන පිරිමි අය ඕන තරම් සමාජයේ ඉන්නවා.ඒත්  ඔයාට ඇත්තටම ආදරේ කරන පිරිමියෙක් නම් ඔයාට මේ වගේ දේවල් කියන්නේ නැහැ.ඔහු ඇයගේ පෙම්වතියගේ වචන වලට ගරුකරනවා වගේම අදහස් ප්‍රකාශ කරන්න ඕනම වෙලාවක ඉඩ දෙනවා

4.තමන්ගේ පුද්ගලික තේරීම් පිලිබද ඔබගේ අදහස විමසනවා නම්

කාන්තාවන් වැඩි වශයෙන් තමන්ගේ බාහිර පෙනුම පිලිබදව සැලකිලිමත් උනත්, පිරිමි පාර්ශවයත් යම් තරමකට හෝ තමන්ගේ පෙනුම පිලිබදව සැලකිලිමත් වෙනවා. ඒවගේම ඔයාගේ පෙම්වතා හෝ සැමියා තමන්ගේ ඇදුම්, සපත්තු හෝ වෙනත් දෙයක් තෝරා ගැනීමේදී ඔයාගේ අදහස පිලිබදවත් විමසනවා නම් එහි අදහ්ස වන්නේ ඔහුගේ ජීව්තයේ සුවිශේෂී ස්තානයක ඔයා ඉන්නවා කියන එකයි. 

5. ඔහු ඔබේ සාර්ථකත්වය ගැන නිතරම ආඩම්බරයෙන් කතාකරයි නම්

සමහර පිරිමින් ඉන්නවා තමන් ආදරය කරන කෙල්ල තමන් ට වඩා දේවල් කරනවාට , තමන් ට වඩා සාර්ථකත්වයට පත් වෙනවට කැමති වෙන්නේ නැහැ. පෙම්වතිය එයාගේ අරමුණු හා අපේක්‍ෂාවන් ජය ගැනීම කෙරෙහි ඔවුන් ඉරිසියා කරනවා.නමුත්, අවංකවම ආදරය කරන පුද්ගලයෙකු තමන්ගේ පෙම්වතියගේ ජයග්‍රහණ ගැන අවංකවම සතු‍ටු වෙයි, ඇයව දිරි ගන්වයි එමෙන්ම, ඇයට උපරිම සහයෝගයක් ලබාදෙයි. එපමණක් නොව ඔහුගේ මිතුරන්සමඟ පවා ඇයගේ සාර්ථකත්වය ගැන ඉතාමත් ආඩම්බරයෙන් කතා කරනවා

5. ඔබ කිසිදා නොඉල්ලූ සැපපහසුකම් ඔබට සලසාදී ඇත්නම්

සෑම සබඳතාවක්ම ගොඩනැගී ඇත්තේ කැපකිරීම් මතයි. අනික් පුද්ගලයා සතුටින් තැබීම වෙනුවෙන් යම් යම් දේ කැපකිරීමට සිදුවීම අවබෝධයයි. ආදරය නොමැති සබඳතාවක් පවතින්නේ එක් පාර්ශවයකින් එල්ලවන පීඩනය මත විනා විශ්වාසය හෝ අවබෝධය පදනම මත නොවෙයි. නමුත්, අවංකවම ආදරය කරන පුද්ගලයෙක් තමන්ගේ පෙම්වතියගේ සතුට පතා හැකි සෑම ලෙසකින්ම ඇයගේ සතුටට හේතු වන දේ සිදුකිරීමට උනන්දුවෙයි.

6.ඔහුගේ අදහස් මතවාද ඔයා වෙනුවෙන් වෙනස් කරගන්නවානම්

ආදරය කරන කාලේදී වගේම විවාහ වුණාටත් පස්සේ ඔයාලා දෙන්නා අතර අදහස් මතවාද අතර තර්ක විතර්ක ඇති විය හැකියි. විශේෂයෙන්ම මේ අදහස් මතවාද තර්ක විතර්ක වලින් අවසානයේ කෙනෙක් තමන්ගේ මතය වෙනස් කර ගන්නවා නම් ඇත්තටම ඔහු ඔයා ගැන හිතනවා. ඉතින් ඔයාගේ පෙම්වතා හෝ සැමියා ඔයා වෙනුවෙන් ඔහු දැනටමත් අරගෙන තියෙන විශේෂ තීරණ පවා වෙනස් කරනවානම් ඔහු ඇත්තටම ඔබට ආදරය කරනවා වගේම ඔහුට ඔබට ඉතාමත් වටිනා කෙනෙක් වෙනවා කියන එක හොඳින් පැහැදිලි වෙනවා

7.නිතරම ඔයාගේ ලස්සන අගය කරනවානම්

ආදරවන්තයන් විදියට ඉන්න කාලයට වඩා යුවතියක් මවක් වුනාට පස්සෙ තමන්ගේ ලස්සන ගැන හිතන්න ලැබෙන කාලය තරමක් අඩු වෙන්න පුලුවන්. ආදරණීය පිරිමියෙක් තමන්ගේ කාන්තාවට සහයක් වෙනවා වගේම ජීවිත කාලය පුරාම ඇයව අගයන්නත් අමතක කරන්නේ නැහැ. ඔයාගේ සැමියා නිතරම ඔයාට ආදරය කරනවා නම් නිතරම ඔයාව අගය කරනවා නම් ඔහු ඔයාට සැබවින්ම ආදරය කරනවා කියලා හොඳින්ම තේරෙනවා