Celebrity Gossip

මධුමාධව කියපු කතාවට නිල්මිණි දීපු සැර පිළිතුර​

නිල්මිණි තෙන්නකෝන් කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටත් සිනමාව තුළත් නමක් තැබූ දක්ෂ රංගන ශිල්පිනියක්.ඒ වගේම ඇය රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ද නමක් දිනා සිටින ව්‍යාපාරිකාවක්.මේ වන විට තනිකඩ ජීවිතයක් ගත කළත් ඇය කලින් විවාහ වෙන්නේ ගායන ක්ෂේත්රයේ ජනප්‍රිය ගායකයකු විදිහට හඳුනාගත් දේශපාලන කටයුතු වල නිරත වෙලා ඉන්න මධුමාධව අරවින්ද සමඟ.ඇය පිළිබඳව වරින් වර විවිධාකාර කට කතා පැතිරුනත් ඇය ඒවාට ශක්තිමත්ව මුහුණ දී සිය ගමන සාර්ථක කර ගැනීමට නිබදවම වෙහෙස වූවා.විවිධාකාර මත මතභේදාත්මක තත්වයන් හේතුවෙන් ඔවුන්ගේ විවාහය අසාර්ථක වූ අතර මේ වන විට නිල්මිණි තෙන්නකෝන් සිය දියණියත් සමඟ තනිකඩ ජීවිතයක් ගත කරමින් සිටිනවා.නමුත් මධුමාධව අරවින්ද මේ වන විට තෙවැනි වරටත් විවාහ වී සිය ජීවිතය සතුටින් සහ සැහැල්ලුවෙන් ගත කරනවා.

මීට දින කිහිපයකට පෙරදී ඇගේ සහ මධුමාධවගේ දියණිය ශ්වේතාගේ විසිවෙනි උපන්දිනය යෙදී තිබුණා. ඉතින් ඇගේ උපන්දිනය වෙනුවෙන් මධුමාදව අමුතු සටහනක්ද ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමේ පල කර තිබුනා. ඉතින් එම අවස්ථාවේ උපන් දිනය  වෙනුවෙන් පල කල එම සටහන පසුගිය දින කිහිපයේම හැමෝම කතාබහට ලක්වුනා කිවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම පසුගිය දිනකදී නිල්මිණි තෙන්නකෝන් එක්තරා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ අතර එහිදී ඇය පවසා සිටියේ ඉතා ඉක්මනින්ම සිය දියණියත් සමග ලංකාවෙන් පිටත් වන බවයි.එයට හේතුව වශයෙන් ඇය දැක්වූයේ සිය දියණියගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා බවයි.මධුමාධව නිල්මිණිට බැන වඳිමින් සමාජ මාධ්‍යය ගිණුමේ තැබූ සටහනට නිල්මිණි තෙන්නකෝන් ඇයගේ සමාජ මාධ්‍යය ගිණුමේ අපූරු සටහනක් තබා තිබෙනු අපිට දැකගන්න ලැබුණා. එහිදී ඇය තැබූ සටහන මෙසේය​,

“මම ලොකු කල්පනාවකට ගියා මනුස්ස ජීවිතයක් ලබන්න මොන තරම් පිනක් කරල තියෙන්න ඕනද ඒත් ඒ ජීවිතේ වටිනාකම අපිට තේරෙන පෙරභවය කරන කුසල් වෙනුවෙන් හැම දේම අපිට ලැබෙනවා කියලා මා විශ්වාස කරනවා මා මේ කලාවට ආවේ කලා පවුලකින් නොවුනත් මගේ උත්සාහය මත මා විශ්වාස කරන මගේ හැකියාව මත බව මා දන්නවා කලාකරුවන්ට හොඳ උණුවෙන හිත් තියෙන කුහකයන් නොවන බව මා විශ්වාස කළා මං ගොඩක් අමාරුවෙන් ගොඩනඟා ගත්ත මගේ ජීවිතේ මගේ වටිනාකම හැම මොහොතකම මතක තියාගෙන තමයි මා මේ ගමන යන්නේ මේ යන ගමනේදී අප නොදන්නා අය අපිට මුණ ගැසෙනවා ඒ අය පෙර ආත්මේ හතුරෝ වෙන්න පුළුවන්

ඒත් මේ සමාජය ඒ වගේ මානසික රෝගීන් තෝරාගෙන ඇසුරු කිරීම තුළ අපිට හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් ගොඩක් මිනිස්සු තේරුම් ගත්තෙ නැති දෙයක් තමයි තමන්ගේ ජීවිතයේ ලැබී තිබෙන වටිනාකම කිසි කෙනෙකුට ඊර්ෂ්‍යා නොකර ගරු කරමින් අන් අයගේ ජීවිතයට හානි නොකර අප්‍රසිද්ධ මිනිස්සු ප්‍රසිද්ධිය ලබන්න හැමවිටම උත්සාහ කරන්නේ අප්‍රසිද්ධියේ මයි මේ හැම දෙයට ආයුෂ කොටයි හැමෝම මහන්සි වෙන්නේ සතුටින් ඉන්න හැබැයි ඉතින් බඩට වේලක්  කන්න තව කෙනෙක්ගෙ ජීවිතයකට හානියක් කරලා කන කෑම දිරවන්නෙ නෑ කිසි කෙනෙකුට වෛර නොකරන්න හිංසා නොකරන්න එතකොට අපට සතුටින් මැරෙන්න පුළුවන්” කියලයි ඇය එහිදී කියා තිබුනේ.