Celebrity Gossip

අවුරුදු 22 ක් වෙන මට රඟපාන්න ලැබුනෙත් චරිත දෙකයි ඒ දෙකම ගැබිනි මවකගේ වරිත-දෙවෙනි ඉනිමේ අරුණි කියන කතාව​

අපේ රටේ කලා ක්‍ෂේත්‍රයට​ නවක රංගන ශිල්පිනියන් රැසක් හඳුන්වාදුන් ටෙලිනාට්‍යක් තමයි දෙවෙනි ඉනිම කියන්නේ. ඉතින් මේ ටෙලිනාට්‍යයේ හැමෝගෙම ආදරේ දිනාගත්ත චරිතයක් තමයි අරුණි කියන්නේ. දෙවෙනි ඉනිමේ ප්‍රධාන චරිතය වන අවන්තගේ මාමගේ ලොකු පුතාගේ බිරිඳ තමයි අරුණි කියන්නේ. ඉතින් මේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න අරුණිගේ චරිතයට පන පොවන්නේ නවක රංගන ශිල්පිනියක වන ඉෂානි විජේතුංග විසින්.

ඉශානි කළා ලෝකයට සම්බන්ද වෙන්නේ දෙරණ අවුරුදු කුමරි තරගයෙන් පස්සෙන්. 2017 දෙරණ අවුරුදු කුමරිය තරගයෙන් දෙවැනි ස්ථානය දිනාගන්න ඉෂානිට හැකිවෙනවා. ඊටපස්සේ තමයි දෙවෙනි ඉනිමේ සාරංග මෙන්ඩිස් අධ්‍යක්ෂ හරහා දෙවෙනි ඉනිමට සම්බන්ද වෙන්නේ.ඉතින් ඇය තම රංගන ජීවිතය ගැන හා පෞද්ගලික ජීවිතයේ තොරතුරු ගැන  විස්තර කියා තිබුනා. එහිදී ඇයගේ පලමු නිර්මාණය ගැන ඇය කියා සිටියේ මේ ආකාරයෙන්,

දෙවෙනි ඉනිම මගේ පලමු නිර්මාණය නෙවෙයි. ඊට කලින් මම අඩෝ කියන ටෙලිනාට්‍යයට සහභාගි වෙනවා. හැබැයි දෙවනි ඉනිම ටෙලි නාට්‍යයට සම්බන්ධ විමත් එක්ක මම වෙන නිර්මාණ වලට සහභාගි වුනේ නෑ. ඒ වගේම මම ජනප්‍රිය වුනේ දෙවෙනි ඉනිම නාට්‍යය හරහා . දෙවනි ඉනිම කතාංගය තුළ ඇයට​ රංගනය කරන්න වුනේ ගැබිනි මවක් ලෙසට ඒ වගේම ඇය දැන් මවක් වෙනවා ඒ ගැන ඇය කියා සිටියේ මේ ආකාරයෙන් ,

ඒක හරි පුදුමයක්. මොකද මට රගපාන්න වුන කතා දෙකේම මට ලැබුන චරිත ගැබිනි චරිත. ඒක හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. හැබැයි මම හරි ආසාවෙන් මගේ චරිත වලට සම්බන්ධ වුනා. අභියෝගයක් ජයගත්තා වගේ තමා . මේ වෙද්දි මම රංගනය කරනවා ඊට අමතරව නිය අලංකරණ කටයුතු වල නිරත වෙනවා. මම කේක් හදන්න ආසයි ⁣ඒ දේවල් කරනවා. ඒ වගේම මම බිත්ති සැරසිලි වගේ දේවල් කරනවා. මම ආසයි හැමදේම ඉගෙන ගන්න.

ඒ වගේම ඇය දැන් පෙම්වතියක් ද කියා ඇසූ ප්‍රශ්නයට ඇය කියා සිටියේ මේ ආකාරයෙන් , ට තාම අවුරුදු විසි දෙකයි. තාත්තා නැතුව මම අම්මා ළහ හැදුන නිසාම මගේ මුළු ලෝකේම අම්මා. ඒ නිසා මම තාම අම්මාගේ ආදරේ විදින කෙනෙක්. අම්මා වුනත මට කියලා තියෙන්නේ කොල්ලෙක් හොයාගන්න තව කල් තියෙනවා කියලා. ඉතින් ඉස්සරහට ආදරය ගැන හිතනවා. තාම හිතන්නේ නෑ කියලයි ඇය අවසාන වශයෙන් කියා සිටියේ.