Celebrity Gossip

ගොසිප් හැදෙන එකට මම කැමතියි මොකද මම එතකොට ජනප්‍රිය වෙනවනේ – සංජානා ගමාරච්චි

දඟකාර යොවුන් චරිත වලට පණ පොවමින් මේ දින වල බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය දිවිතුරා ටෙලිනාට්‍යයේ උප ප්‍රධාන චරිතයක් තුළින් හමුවන ඇය ඔනාලි සංජනා ගමාරච්චි.කාලයක් වැඩි ජනප්‍රියත්වයක් නැතුව සිටි සංජානා ලංකාවේ ප්‍රේක්ෂකයන් තුල කතාබහට ලක්වන්නේ දෙරණ නාලිකාවේ විකාශනය වුන වැඩසටහනක සිදුකල කතාවක් හේතුවෙන්. ඒ සංජානා කැමති වෙන්නේ BMW එකක් තියෙන කොල්ලෙකුට කියපු නිසා. කොහොම වුනත් මේ ප්‍රකශය නිසා සංජානා ජනප්‍රිය වුනා විතරක් නෙවෙයි ඇයට ගොඩක් අයගෙන් බැනුම් අහන්නත් වුනා.ඉතින් ඇය මේ දිනවල සිදු කරන වැඩ කටයුතු ගැන වගේම ඇයගේ පෞද්ගලික තොරතුරු ගැන අදහස් ප්‍රකාශ කර තිබුනා.

මේ දවස්වල ගොඩක් කාර්යබහුල නැහැ. ඒත් කලා කටයුතුත් එක්ක ටිකක් කාර්යබහුලයි. මේ දවස්වල හිරු නාළිකාවේ විකාශය වන “දිවිතුරා” ටෙලිනාට්‍යයේ ටීනාගේ චරිතය රඟපානවා.ඒ වගේම ඇය මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ටෙලිනාට්‍යයකටද රංගනයෙන් දායක වෙන අලුත් නිර්මාණය ගැන ඇය කියා සිටියේ මේ ආකාරයෙන්, මේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ නව පරපුරේ දක්ෂ අධ්‍යක්ෂවරයෙක් වන සුපුන් රත්නායක. සුපුන් අයියා සහ ටෙලිනාට්‍යයේ කැමරාකරණය කරන ප්‍රභාත් රෝෂන් අයියා තමයි මට මේ චරිතයට ආරාධනා කරන්නේ. ධනවත් පවුලක දඟකාර, කටකාර තරුණියකගේ චරිතයක් ඒක. එයා අනිත් අයගේ හීන දිහා බලන් ඉන්න හරි ආස කෙනෙක්. එයාට හීන නැතුවම නෙමෙයි. ඒත් එයා වැඩිපුරම කැමැති ටෙලිනාට්‍ය ප්‍රධාන චරිතයක් වුන ශානික කියන තරුණයාගේ හීන දිහා බලාගෙන ඉන්න. මේ ටෙලිනාට්‍යය ආරම්භ වෙලා තවම දවස් කීපයයි. එයට ඉදිරියේදී හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

දිවිතුරා ටෙලිනාට්‍යයේ මගේ චරිතය බොහොම ඉක්මනින් ප්‍රේක්ෂකයන් අතරට ගිය චරිතයක්. ප්‍රේක්ෂකයන් හරිම ආසාවෙන් වැලඳගත්ත චරිතයක් ඒක. ටීනා කියන්නේ රූපවාහිනී නාළිකාවක වැඩසටහන් අංශයේ සේවය කරන තරුණියක්. එයා මාධ්‍ය ක්ෂේත්‍රයට එන්නේ ඒ ගැන දැනුමක් ඇතිව නෙමෙයි. ඒත් එයා ගොඩක් උනන්දුවෙන් නාළිකාවේ වැඩ කරන කෙනෙක්. එළියේදී මුණගැහෙන ප්‍රේක්ෂකයන් පවා “ඔයා ටීනා නේද” කියලා ඒ චරිතය නමින් මාව හඳුන්වනවා. මේ වගේ චරිතයක් මම කරන්නේ මුල්වතාවට.

මම 2018 හිරු නාළිකාවේ අවුරුදු කුමරා කුමරිය තරගයේ හොඳම දොළොස්දෙනා අතරට ආවා. ඊටපස්සේ 2019 වසරේ දෙරණ අවුරුදු කුමරා කුමරිය තරගයේ තුන්වැනි ස්ථානයට තේරුණා. ක්ෂේත්‍රයට එද්දි නම් රංගනය ගැන කිසිම දෙයක් හදාරලා තිබුණෙ නැහැ. ඇත්තටම මම කැමරාවක් ඉස්සරහා හිට ගන්නවත් දැනගෙන හිටියේ නැහැ. ඒත් මේ වෙනකොට රංගනය ගැන ඉගෙන ගනිමින් පවතිනවා. රංගනය ගැන විවිධ වැඩමුළු සහ පාඨමාලාවලට සහභාගි වෙනවා.ඇත්තටම මට ලොකු සහයෝගයක් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන්ගෙන් ලැබෙනවා. මම රඟපාන චරිතය ගොඩනැඟෙන්න ඕනෙ කොහොමද, ඒ චරිතය ගලාගෙන යන්න ඕනේ කොහොමද, දෙබස් උච්චාරණය කරන්න ඕනේ කොහොමද කියලා ප්‍රවීණයන් මට කියලා දෙනවා. මම ඒ හැමෝටම ගොඩක් ගරු කරනවා.

කැපිලි කෙටිලි නම් ක්ෂේත්‍රයේ ඉන්නකොට එනවා. ඒ වගේම කටකතා, මඩ ඕනෑ තරම් එනවා. අපි රඟපාන චරිත හරි නැහැ කියලා මානසිකව වට්ටන්න පුළුවන්. විශේෂයෙන් ක්ෂේත්‍රයේ ඇතුළේ අයගෙන් වැඩිපුර කැපිලි එනවා. ඒවාට හරි විදිහට මූණ දීලා මගේ ගමන යන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.එවගේම ඇයගේ BMW සිද්ධිය ගැනත් මෙහිදී ඇය කියා තිබුනා.මම සහභාගි වුණ රූපවාහිනී වැඩසටහනක මම කියපු ප්‍රකාශයක් සම්බන්ධයෙන් ගොඩක් අය මට කටකතා හැදුවා. මඩ ගැහුවා. හැබැයි ඒ ගොසිප්වලින් මට හොඳක් වුණා කියලා මම විශ්වාස කරනවා. ඒකෙන් ගොඩක් අය මාව දැනගත්තා.

ඒ ගොසිප් එක නිසා මම මිනිස්සු අතරට ගියා. හැබැයි ඒක බොරු කටකතාවක් ඒ වැඩසටහන හරියට බැලුවා නම් ඒක තේරෙයි.හැම දෙයකටම නෙගෙටිව් මාකටින් හරියන්නේ නැහැ. සමහර අවස්ථා තියනවා ඒ නෙගටිව් එක පොසිටිව් වෙන. අවස්ථාව අනුව වෙනස් වෙන්න පුළුවන්. මට කටකතා හදන අයට පවා මම කියන්නේ පුළුවන් තරම් මට කටකතා හදන්න. මම කැමැතියි කටකතා හදනවට. එහෙම මට කටකතා කතා හදලා එයාලා සතුටු වෙනවා නම් ඒක මට පිනක් කියලා මම විශ්වාස කරනවා.කියලයි ඇය අවසාන වශයෙන් කියා සිටියේ