Celebrity Gossip

කොච්චර සල්ලි හම්බුණත් කොටට,ඇඟ පේන්න​ ඇඳුම් අඳින්න ඕන චරිත මම බාර ගන්නේ නැහැ-ශලිනි ප්‍රනාන්දු

දෙවනි ඉනිම ටෙලි නාට්‍යය හරහා ජනප්‍රිය වූ චරිත අතර ලිහිණි, එහෙම නැත්නම් චූටි මැණිකේ කියන්නේ වසර ගණනාවක් පුරාවට ප්‍රේක්‍ෂක ආදරය නොවෙනස්ව දිනාගත් ආදරණීය ලෙන්ගතු චරිත‍යක්. ඉතින් මේ දිනවල  චූටි මැණිකේ චරිතයට පණ පොවන ශලිනි ප්‍රනාන්දු තිරයේ මුණගැහෙන නවතම ටෙලි සිත්තම “ලොක්කි”, ඇයගේ රංගන ජීවිතයේ ඇයට ලැබුණු සුවිශේෂි අවස්ථාවක්. ආදරය, සෙනෙහස, සහෝදරත්වය සමඟ ජීවිතය දිනන්න වෙර දරන ලොක්කි ගැන කතා කරන්න ශලිනි ප්‍රනාන්දු පුවත්පතක් සමඟ පිළිසඳරක යෙදිලා තිබුණේ මෙහෙමයි.

දෙවැනි ඉනිමේ චූටි මැණිකේ චරිතයට ලැබෙන ප්‍රතිචාර හා වෙනස් වෙමින් යන ලිහිණි අනුහස් ආදර කතාව සම්බන්ධයෙන් ඇය කියා සිටියේ මෙයයි. ඇත්තටම වසර හතරක විතර කාලයක් චූටි මැණිකෙට නොවෙනස්ව ප්‍රේක්‍ෂකයෝ ආදරය කළා. එදා චූටි මැණිකෙට ලැබුණු ආදරය, ප්‍රතිචාරය මෙච්චරයි කියලා මට වචනයෙන් කියලා නිම කරන්න බැහැ. විශාල ප්‍රේක්‍ෂක ආදරයක් ලැබුණා. විශේෂයෙන් සමන් එදිරිමුණි අයියව ආදරයෙන් මතක් කරනවා. මම ක්‍ෂේත්‍රයට එන්නේ සමන් අයියා අතින් ලියවුණු ලස්සන ගැමි පරිසරයක හැදුණු ලිහිණි (චූටි මැණිකේ) කියන චරිතය එක්ක. ඇත්තටම නම් මේ දවස්වල දෙවැනි ඉනිමේ චූටි මැණිකේට ප්‍රේක්‍ෂකයෝ ටිකක් බනිනවා.

චූටි මැණිකේට එදා ලැබුණු ආදරය දැන් විකක් අඩු වෙලා කියලා හිතෙනවා. ලිහිණි අනුහස් ආදර කතාව ගැන කිව්වොත් ඉස්සර ලිහිණි අනුහස් වෙනුවෙන් බලා හිටියා. ඇත්තටම ඒ ආදර කතාව මටත් තේරුම් ගන්න බැරි තැනක දැන් තියෙන්නේ. දෙවනි ඉනිම පිටපත් රචක සමන් අයියා පසුගි‍ය කාලේ කෙටි විවේකයක් ගත්ත නිසා පිටපත ලියවුණේ වෙනත් කෙනෙකු අතින්. සමන් අයියා පිටපත් නොලියපු කාලේ ඇතුළත ලිහිණිගේ චරිතයේ හිතාගන්න බැරිතරම් ලොකු වෙනසක් ඇති වුණා. ඇත්තටම සමන් අයියා පිටපත් නිර්මාණය කරපු ලිහිණිව ප්‍රේක්‍ෂකයෝ හරිම ආදරයෙන් වැළඳ ගත්තා. සමන් අයියා පිටපතේ ගෙනාව ලිහිණිව තමයි ප්‍රේක්‍ෂකයෝ හොයන්නේ. ඒත් එදා ආදරයෙන් වැළඳගත්ත ලිහිණි දැන් නැත්දෝ කියලත් හිතෙනවා. වෙනස් වෙලා ඉන්න ලිහිණිට ප්‍රේක්‍ෂකයෝ හරියට බනිනවා. ඒකට නම් ගොඩක් දුකයි. දැන් ඉන්න ලිහිණි ගැන ඇත්තටම මට කියන්න තේරෙන්නේ නැහැ. බලමු ඉස්සරහට හරමදේම හොඳ විදියට සිද්ධ වේවි කියලා හිතනවා.

ලොක්කි ටෙලි නාට්‍යයේ ලොක්කිගේ චරිතය ලැබුණ හැටි ගැන ඇය කියා සිටියේ මෙසේයි. “ලොක්කි” කියන්නේ මම දෙවනි ඉනිම ටෙලි නාට්‍යයෙන් පස්සේ ප්‍රධාන චරිතයක් රඟපාන දෙවනි අවස්ථාව. ලොක්කි ටෙලි නාට්‍යයට ආරාධනා ලැබෙන්නේ දෙවනි ඉනිම ටෙලි නාට්‍යයට ආරාධනා ලැබුණ ආකාරයටමයි. දෙරණේ ලක්සිරි සර් තමයි මට ආරාධනා කළේ.

ශලිනිට සිනමාවෙන් ඉල්ලුම අඩුද යැයි අසා තිබූ පැනයට ඇයගේ පිළිතුර වූයේ මෙයයි. එහෙම අඩුවක් නැහැ. මට සිනමා නිර්මාණවලට ගොඩක් ආරාධනා ලැබෙනවා. ඒත් සමහර නිර්මාණවලට කතා කරද්දී අඳින්න තියන ඇඳුම් සම්බන්ධයෙන් ඇතිවන ගැටළු නිසා මම ගොඩක් නිර්මාණ ප්‍රතික්ෂේප කරලා තියනවා. මම කොට ඇඳුම් වගේම ගොඩක් ඇඟ පේන්න අඳින්නේ නැහැ. කොච්චර සල්ලි හම්බුණත් එවැනි නිර්මාණවලට මම දායක වෙන්නේ නැහැ. බලමු ඉස්සරහට හොඳ නිර්මාණයක් ලැබැණොත් කරනවා.ඇයගේ ආදරය සම්බන්ධයෙන් ඇය කියා සිටියේ මෙයයි. අමමෝ… උත්තර දෙන්න අමාරුම ප්‍රශ්නය තමයි ඕක. ඇත්තටම මේ වෙලාවේ ආදරය සම්බන්ධයෙන් උත්තරයක් දෙන්න අමාරුයි. ආදරේ ගැන කියනවා ඉස්සරහට. හැබැයි දැන් ඒකට වෙලාව නෙමෙයි.