latest articles life relationship

කෙල්ලෙක් කොල්ලෙක්ට බූට් එක​ තියන්න හේතු 5ක්

අද අපි කතා කරන්නෙ කෙල්ලෙක් කොල්ලෙක්ට බූට් තියන්නේ ඇයි කියන හේතු ගැනයි. එයා බූට් එක තිබ්බ හේතුව මොකක්ද කියලා ඔයා දන්නෙ නැති වෙන්න පුළුවන්. ඒ වගේම  ඔයා හොයනවා  වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් කෙල්ලෙක් බූට් එකක් තියන්න හේතු ගණනාවක් තියෙනවා. ඉතින් අපි බලමු ඒ මොනවද කියලා.

1.බොරු කීම​ 

මෙහෙම බූට් තියන්න එක හේතුවක් තමයි ඔයාලා ආදරේ පටන් ගත්ත දවසේ ඉඳලා ඔයාට එයා කරලා තියෙන්නේ බොරුවක් වීම. එහෙම කෙනෙක්ට ඔයාට බූට් එකක් තියෙන විශේෂ හේතුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. අද කාලේ වැඩියෙන්ම කෙල්ලො කොල්ලොත් එක්ක යාලු වෙන්නේ තමන්ගේ යෙහෙළියට කොල්ලෙක් ඉන්න හින්දා. එහෙමත් නැත්නම් කොල්ලෙක් එක්ක යාලු වෙන්න තියෙන ආශාවට.

2.සැක කිරීම​

කෙල්ල ඔයාට ඇත්තටම ආදරය කලත් ඔයාගේ තියෙන යම් යම්  පුරුදු හින්දා කෙල්ල ඔයාට බූට් තියන්න ඉඩ තියෙනවා. ඔයා එයා ගැන ඕනවට වඩා හොයනවා නම්, ඕනාවටත් වඩා  සැක කරනවා නම්, වෙන කොල්ලොත් එක්ක කතා කරනවට ඔයා කැමති නැත්නම් මේ වගේ හේතු නිසා ඔයාට බූට්  එක තියන්න ඉඩකඩ  වැඩියි. 

3.නිතරම කෙල්ලගෙ වැරදිම සෙවීම​ 

නිතරම ඔයා එයා ගැන වැරදි කියනවා නම් ඒ හේතුව නිසාත් එයා ඔයාට බූට් එක තියන්න ඉඩකඩ තියෙනවා.කෙල්ල කරන හොඳ වැඩ වලත හොඳ කියන්නේ නැතුව පොඩි හරි වැරැද්දක් වුන ගමන් ඒ දේ අල්ලගෙන ඔයා රණ්ඩු වෙනවානම් කෙල්ලො ඒ දේට ආස නැහැ.

4.ඩබල් ගේම් ගැසීම​

තමන් ආදරය කරන කෙනා වෙනත් කෙනෙකුට ආදරය කරනවානම් ඒකත් එක හේතුවක් කෙල්ලෙක් තමන් ආදරය කරන කොල්ලට බූට් එක තියන්න​. සමහර විට කෙල්ලගෙම තියෙන අඩුපාඩු නිසා වෙන්නත් පුළුවන් කොල්ලෝ මේ දේ කරන්නේ. හැබැයි එහෙමයි කියලා කොල්ලෝ වුනත් එකපාර දෙන්නෙක්ට ආදරේ කර්න එකෙන් ඒ දෙකම නැති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි

5.කොල්ලගෙන් ලැබෙන්න ඕන දේවල් ලැබෙන්නේ නැති නිසා

කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාළු වෙන්නෙ සමහරවිට ගොඩක් බලාපොරොත්තු තියාගෙන. ඒ තමන්ගේ ආදරවන්තයා තමන්ව සතුටින් තියාවී කියලා හිතලා. ආදරවන්තයා ආදරවන්තියගේ වීරයා වෙනවාට තමයි කෙල්ලෝ කැමති වෙන්නේ