Celebrity Gossip

මගේ සැමියා 100%ක්ම අකමැතියි මම රඟපානවට- රඟපෑමෙන් ඈත්වෙලා ඉන්න වත්සලා දියලගොඩ සංවේදීව කියූ කතාව

වත්සලා දියලගොඩ කියන්නේ කාලයක් පුංචි තිරයට නැතුවම බැරිවුණු දඟකාර චරිතයක්. මුතු කිරිල්ලී ටෙලිනාට්‍ය හරහා ඇය අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වුණා. නමුත් වසර කිහිපයක්ම නිර්මාණ හරහා ඇයව දකින්න ලැබුණේ නැහැ. ඉතින් මේ දිගු නිහැඬියාවට හේතුව ගැන කියන්න ඇය සති අන්ත පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් සමඟ එක්වෙලා තිබුණා.

මුලින්ම වත්සලා කියා තිබුණේ මේ දවස්වල ඇය කාලය ගෙවන විදිය ගැනයි. “ ඇත්තටම කොවිඩ් තත්වයත් එක්ක මේ දවස්වල කාලය ගෙවාගන්න අමාරුයි. අවුරුදු දෙකක් තිස්සේ මම කොහෙවත් ගියේ නෑ. ගෙදරට වෙලාවයි හිටියේ.” ඊළඟට ඇය කතා කළේ කලක් තිස්සේ ඇය රංගනය හරහා දකින්න නොලැබෙන්න හේතුව රංගනයෙන් ඉවත් වෙලාද කියන එක ගැනයි. “ මම රඟපෑමට සමුදීලා නෑ. ඒත් ඉස්සර ඉඳන්ම අවුරුද්දකට එක ටෙලිනාට්‍යයකට වගේ තමයි සහභාගී වුණේ. දැනට අවුරුදු තුනක විතර කාලයකදී ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණේ නැහැ. මොකද මට පොඩි බබෙක් ඉන්නවා. කොවිඩ් තත්වය එක්ක 100%ක්ම එයාගේ ආරක්ෂාව හිතල තමයි මේ තීරණය ගත්තේ.

නිර්මාණයකට සම්බන්ධ නොවී සිටීම ගැන ඇයට දැනෙන දේ පිළිබඳව ඇය කිව්වේ මේ විදියටයි. “ මට දුකයි. මේ ඉන්න පුළුවන්කමකට ඉන්නවා නෙවෙයි. මොකද අපි ගොඩක් සමාජය ආශ්‍රය කරපු සමාජයත් එක්ක ගැටුණු අය. එතකොට මේ ගෙවන ජීවිතය හරි අමාරුයි. රංගනය කියන්නේ ජීවිතය හා සමාන දෙයක්. කිසිම මොහොතක ඒක අත්හරින්න පුළුවන්කමක් නැහැ. ඒ වුණත් දරුවා කියන්නේ ඊටත් වඩා ලොකු තැනක ඉන්න කෙනෙක්. එයා තමයි අංක එක. ඒ නිසා කොහොම හරි අමාරුවෙන් මේ කාලය ගෙවනවා කියලා හිත හදාගෙන ඉන්නවා. ”

ටෙලිනාට්‍ය වලින් ලැබෙන ආරාධනා ගැනත් ඇය කතා කළා. “ ඒක මෙහෙමයි, ගොඩක් අය හිතන් ඉන්නේ මම රඟපෑමෙන් අයින් වෙලා කියලා. නමුත් කිහිප දෙනෙක් දන්නවා මම තාමත් වැඩ කරනවා කියලා. ඒ වුණත් ගොඩක් වෙලාවට පිට පළාත් වල තියෙන ෂූටින්වලට මට කතා කරනවා අඩුයි.” කියලයි ඇය නම් කියන්නේ.

ඒ වගේම අලුත් නිර්මාණ ගැන ඇය දැක්වුවේ මෙවන් අදහසක්. “ ඇත්තටම පොඩි දුකක් දැනෙනවා. ඉස්සර නිර්මාණ ගොඩක් සුන්දරයි. අද ඒ සුන්දරත්වය මුදලට යට වෙලා වගේ දෙයක් දැනෙනවා. හෙට තියෙන වැඩකට අද කතා කරනවා. ඒ වගේ තත්වයක් තියෙන්නේ. මම වැඩිය නිර්මාණ බාර නොගන්නත් ඒක හේතුවක්. රංගනය කියන්නේ වටිනා රැකියාවක්. ඒක වාසනාවකට ලැබෙන දෙයක්. ඒ වාසනාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන.”

සැමියාගෙන් ලැබෙන සහයෝගය ගැනත් ඇය කතා කළා. “ ඔහුගෙන් රංගනයට නම් කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ. ඇත්තටම ඔහු 100%ක්ම මම රඟපානවාට කැමති නැහැ. ඒත් එපා කියන්නෙත් නැහැ. ඒත් ගෙදර වැඩපල වලට ගොඩක් වෙලාවට මට උදව් කරනවා. රංගන ශිල්පීන්ට මේක ඒ තරම් හොඳ කාලයක් නෙවෙයිනේ. කොහොම වුණත් මගේ සැමියා අඩුපාඩුවක් නැතුව මාවයි දරුවයි හොඳින් බලාගන්නවා.”

සීමාවන් නිසා ඇයට බොහෝ අවස්ථා අහිමි වෙනවා. ඒ ගැන ඇය කිව්වේ මේ වගේ කතාවක්. අපිට ජීවිතේ එක එක සීමාවන් එක එක කාලේදී දාගන්න වෙනවා. ඒ වුණත් මම කැමති චරිතයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම බාරගන්නවා. අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලයි ඇය අවසානයේ සඳහන් කරලා තිබුණේ.