Celebrity Gossip

ගැහැණු අයට සමාජයේ ඉහළට යන්න බැහැ කාගෙන්වත් කුණු කතාවක් අහගන්නේ නැතුව​-ෆැලන් ඇන්ඩ්‍රියා

ෆැලන් ඇන්ඩ්‍රියා කියන්නේ ලාංකීය රියැලිටි තරඟ අතර ඉහලම ස්ථානයක පවතින දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගාවලියේ සීසන් 9 තරගයේ ශුරතාවය දිනාගත් දක්ෂ ගායන ශිල්පිනියයි. රියැලිටි ඉතිහාසයේ පිදෙන දැවැන්තම ත්‍යාගය ලෙස රුපියල් ලක්ෂ 150ක් වටිනා සුඛෝපභෝගී නිවසක්ද ජයග්‍රාහිකාවවෙනුවෙන් ඇයට හිමිවීම විශේෂත්වයක්.ඉතින් ඇයට හිමි සුමිහිරි හඩට වශී වුන බොහෝ ප්‍රේක්ෂක පිරිසක් මෙම තරගාවලිය හේතුවෙන් බිහි වුනා.ඒ වගේම ලොවක් දන්න දක්ෂ ජනප්‍රිය ගායිකාවක් බවටත් පත් වුනා.ඉතින් ඇයගේ වෘතියෙන් එහෙම වෙනකොට පෞද්ගලික ජිවිතේ ගැනත් ඇය තොරතුරු කියා සිටියේ මේ ආකාරයෙන්.

මගේ ගම කළුතර. මම පාසල් ගියේ බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමට. මගේ පවුලේ මමයි අම්මයි තාත්තයි නංගිලා දෙන්නෙකුයි ඉන්නවා. නංගිලා දෙන්නානම් මේ වෙනකොට උපාධිය හදාරනවා. මගේ අම්මා ඉංග්‍රීසි ගුරුවරියක්. තාත්තා පොලිස් නිළධාරියෙක් විදියට සේවය කරලා තියෙනවා. මේ වෙනකොටනම් පෞද්ගලික අංශයක සේවය කරනවා.මම රැකියාවල් කරලා තියෙනවා. මොකද මම කැමති නෑ කාගෙන්වත් යැපෙන්න. මට ඉගෙනගන්න කාලෙම මගේ අම්මා තාත්තා තමයි වියදම් කළේ. ඉතින් මට ඉස්කෝලේ යන කාලේ ඉදන් ආසාවක් තිබුණා මමම සල්ලි සොයන්න. කාගෙන්වත් යැපෙ’න්නේ නැතුව ජීවත් වෙන්න. ඒ නිසා මම රැකියාවල් කිහිපයක්ම කරා.

ඒවගේම ඇය ඩ්‍රීම් ස්ටාර් කිරුළ දිනාගැනීම සමඟ ඇති වූ සතුට වගේම ඒ සදහා එල්ල වුන විවේඡන ගැන ඇය මෙහිදී කියා තිබුනා.මගේ ජයග්‍රහණයත් එක්ක මම ගොඩාක් සතුටු වුණා. මොකද ඒක මගේ පොඩි කාලයේ ඉදලම තිබුණු හීනයක්. නමුත් මගේ ජයග්‍රහණයත් එක්ක මට වැඩි දවසක් සතුටු වෙන්න පුළුවන් වුණේ නෑ. මොකද මම සමාජ මාධ්‍යවලට ගිහින් බලනකොට මට ගොඩාක් බැනලා දාලා තිබුණා කට්ටිය. මම නි’රුවත පෙන්නලා තමයි ජයග්‍රහණය කරේ, මම සල්ලි වලට තමයි මේ කිරුළ හිමි කරගත්තේ සහ මම කලින් දවස ගත කළේ දෙරණ ආයතනයේ කියලා ගොඩාක් අය මට කියලා තිබුණා. මට ඒ වගේ චෝදනා දරාගන්න අමාරු වුණා. මොකද මම මීට කලින් මේ වගේ අත්දැකීම්වලට මුහුණ දීලා නෑ.

මම එන්නේ මධ්‍යම පාන්තික පවුලකින්. ඉතින් මට සල්ලිවලට කිරුළ ලබාගන්න තරම් අපිට සල්ලි නැහැ. එහෙම කරන්න මට අවශ්‍ය වුණෙත් නෑ. මටත් දක්ෂතාවයක් තිබුණා. මම ඒ දක්ෂතාවය පෙන්නලා තමයි මගේ හීනය සැබෑ කරගත්තේ. මට කරපු චෝ’ද’නාවල කිසිම සත්‍යක් නැහැ. ඒ විතරක් නෙවෙයි මගේ චරිතය ඝා’තනය කරන්න බලාගෙන සමහරු කියලා තිබුණා මම ඇ’බෝ’ශන් එකක් කරලා ඉන්න කෙනෙක් කියලා. මට හිතාගන්න බැරි වුණා ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ කියලා. ඒ ගැන ඇත්තටම දුකයි.

ඇයගේ ජනග්‍රහණය හමුවේ එල්ල වූ චෝදනා වලට ඇය කාන්තාවක් වීම යන කරුණ බලපෑමක් කරාද කියන ප්‍රශ්නෙට ඇය උත්තර දී සිටියෙ මේ ආකාරයෙන් , අනිවාර්යයෙන්ම ඒකත් හේතුවක් වුණා. ගැහැණු කෙනෙක්ට දිනන්න බෑ කාගෙන්වත් කතාවක් අහගන්නේ නැතුව. කවුරුහරි ගැහැණු කෙනෙක් ඉහ’ළ තැනක ඉන්නවානම් එයාට කතාවක් හදන්න බලාගෙන තමයි සමාජය ඉන්නේ. ඒ දේට දැන් සමාජය පුරුදු වෙලා ඉන්නේ. ගැහැණු අය අල්ලස් දීලා තමයි ඉහළට යන්නේ කියලා හිතන්නේ. එහෙම කරන අය ඉන්නවා ඇති. ඒත් හැමෝම ඒ මට්ටමෙන් මනින එක වැරදියි කියලයි ඇය අවසාන වශයෙන් කියා තිබුනේ