Celebrity Gossip

මගේ ජීවිතය එලිය කරපු දේවතාවියට සුබ උපන්දිනයක්-රොෂාන් තම බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් තැබූ ආදරණීය සටහන​

අපේ රටේ ඉන්න ඇති දක්ෂ කලාකරුවෙක් තමයි රොෂාන් පිලපිටිය කියන්නේ. කලා තරු අතරේ ඉන්න ඉතා සුන්දර මනුස්සයෙක් කිවොත් හරියටම හරි. ඒ නිසා වෙන්න ඇති අදටත් රසිකයින් බොහෝ දෙනෙක් ඔහුට ආදරේ අඩුවක් නැතුව ලබාදෙන්නේ. කළා නිර්මාණ රැසක් වෙනුවෙන් තම දායකත්වය ලබාදීලා තියන ඔහු ඇති දක්ෂ තරුවක් ලෙසින් රංගනයෙන් පමණක්ම නොවෙයි ඔහුට ගැනය හැකිය්වත් තියනවා කියල තමයි අපිට දැනගන්නට ලැබෙන්නේ. 1975 වර්ෂයේ උපත ලබන ඔහු දැනට අවුරුදු 46ක් වගේ වෙනවා. හඟුරන්කෙත ප්‍රදේශය ඔහුගේ ගම වන අතර අද වෙද්දී කොළඹ ප්‍රදේශයේ තමයි ජිවත් වෙන්නේ. ඒ තමන්ගේ රැකියාවක් හේතුවෙන්.

ඔහුගේ මවත් දක්ෂ රංගන ශිල්පිනියක් විදියට තමයි අපි හඳුනන්නේ. කොහොම නමුත් මේ ප්‍රවීණ රංගන ශිල්පියා අපට මේ දිනවල පාර දිගේ ටෙලි නාට්‍යයේ නානායක්කාර කියන චරිත තුළින් දැකගන්නට ලැබෙන අතර ඔහුට ලාංකිකයන් අතර සුවිශේෂ ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට හැකිව තිබෙනවා. ඒ වගේම සිනමාව තුළින් මීට වසර ගණනාවකට පෙර දැකගන්නට ලැබුණු ඔහු නීල පබළු කියන ටෙලි නාට්‍යයේ පුජාගේ පියාගේ චරිතයට සිය රංගන දායකත්වය දක්වනවා

කොහොම නමුත් ඔහු පළමු වරට විවාහවෙන්නේ මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පිනියක් වන චතුරිකා පීරිස් සමගින් 2001  වර්‍ෂයේදී විවාහ වෙනවා. නමුත්බ් මොවුන් දෙදෙනාගේ විවාහ ජීවිතය ඒ තරම් සාර්ථක වෙන්නෙ නැහැ. ඒ නිසාම​ පසුකාලීනව ඔවුන් දෙදෙනා වෙන්වෙනවා. අනතුරුව කාලයක් තනිකඩ දිවියක් ගතකරන ඔහු නැවත වරක් විවාහවෙන අතර මේවෙද්දී ඉතාමත් සතුටින් කාලය ගතකරනු ලබනවාඉතින් රොෂාන් දෙවනි වරට විවාහවෙන්නේ සුන්දර තරුණියක වන රිද්මා සමගයි.

ඉතින් රිද්මා සමගින් විවාහවන ඔහු සුන්දර ජීවිතයක් ගතකරන අතර රොෂාන් කියන්නේ රිද්මා කියන්නේ ආදරණිය බිරිදක් බවයි. ඒ වගේම ඔහුගේ ජීවිතය ඇය නිසා වෙනස් වූ බවත් සතුටින් පිරුණු බවයි ඔහු කියන්නේ.ඒ වගේම තමයි මේ යුවළට වර්තමානය වනවිට රාහුල් නම් පුංචි පුතෙකු ඉන්නවා.ඉතින් කොහොමහරි ඊයේ දිනය මේ යුවළට සුවිශේෂ දිනයක් බවට පත්වුණා. ඊට හේතුව වනුයේ ඊයේ දිනට ජනප්‍රිය නළු රොෂාන්ගේ ආදරණිය බිරිද රිද්මාගේ උපන්දිනය යෙදී තිබීමයි

ඉතින් එලෙස ඊයේ දිනට යෙදී තිබුණු උපන්දිනය සැමරීමට රොෂාන් කටයුතු කර තිබුණා. එලෙස උපන්දිනය සැමරූ සිය ආදරණීය බිරිඳ වෙනුවෙන් රොෂාන් සිය මුහුණු පොතට ආදරණීය සටහනක් කරන්නත් ඔහු අමතක කරලා තිබුනේ නැහැ. එහිදී ඔහු තැබූ ආදරනීය සටහන මෙසේය​.

“ අද මගේ සුදු මැණිකාගේ උපන්දිනය.මගේ ජීවිතය එලිය කරපු දේවතාවියට සුබ උපන්දිනයක්. බුදුසරණයි.” යනුවෙනුයි. ඒ වගේම එදිනම රොෂාන් සහ රිද්මාගේ මියුසික් වීඩියෝවක්ද එළිදක්වා තිබුනා. ඉතින් මේ විදිහට සිය උපන්දිනය සමරන රිද්මාට අපිත් හදවතින්ම සුභපැතුම්එක් කරනවා.