Celebrity Gossip

ප්‍රේම සම්බන්ධතානම් තිබිලා තියෙනවා ඒත් තාම හරිම කෙනා හම්බුනේ නැහැ-ඩිලුෂි හංසිකා

‘ජීවිතයට ලැබෙන අවස්ථා ගැහැණු ළමයෙක් හරි විදියට පාවිච්චි කරන්න ඕනේ. එතකොට අපිට වරදිනවා අඩුයි.’ මෙහෙම කියන්නේ දෙරණේ විකාශය කෙරෙන නිදුක් මදුෂිකගේ රචනයෙන් නිමේශ් කුලසිංහගේ සංගීතයෙන් සහ ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායකගේ අධ්‍යක්‍ෂණයෙන් නිර්මාණය වූ ධරණි නාට්‍යයේ ‘පොඩ්ඩි’ ලෙස රඟපාන ඩිලුෂි හංසිකාය. සුන්දර සිනාවකින් නිතර මුව සරසා ගත් මෙම ඩිලුෂි පසුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට එකතු වෙලා මේ විදියට කතාබහ කරලා තිබුණා.ඇගේ විස්තර පිළිබඳව මුලින්ම කියලා තිබුණා “මගේ නම ඩිලුෂි හංසිකා කුමාරි. ගම මොරටුව. ඉගෙන ගත්තේ දේවල් ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන්. මගේ පවුලේ ඉන්නේ අම්මයි, අප්පච්චියි, මල්ලිලා දෙන්නයි, මමයි. අපේ අප්පච්චි කරන්නේ ව්‍යාපාර. අම්මා ගෘහණියක්”

ඇගේ ඉගෙනීම් කටයුතු ගැන කියලා තිබුණේ මෙහෙමයි. “මම තවම අධ්‍යාපනය ඉවර කරලා නැහැ. මේ වන විට උසස් අධ්‍යාපනය හදාරමින් සිටින්නේ. පොඩි කාලේ ඉඳලම පාසලේ වැඩ වලදී, පොත්පතේ වැඩ වගේම බාහිර වැඩ වලට බොහොම උනන්දු වුණා. නර්තනයට, සංගීතයට, නිවේදනයට ආදී ඔය  ඔක්කොම අංශවලදී ඒවාට දායක වීමේ උනන්දුවක් මට තිබුණා. හැබැයි ඒ විදිහට වුණාට පුංචි කාලේ ඉඳලම මගේ අරමුණ වුණේ නීතිඥවරියක විමටයි. ඒත් Z-score එක මදි වුණා. නමුත් කැළණි සරසවියට ඇතුළත් වීමේ සුදුසුකම් ලැබුවා. ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ විශේෂවේදී උපාධිය දැන් හදාරමින් සිටින්නේ. අවසන් වසරේ සිසුවියක්.”

මේ දක්වා ගෙවී ගිය ජීවිතය පිළිබඳව ඇය මෙහෙම කියලා තිබුණා. “ඇත්තටම මෙතෙක් ආ ගමන ගැන මට හරි සතුටුයි. මට තිබුණෙ ලස්සන මිහිරි පාසල් ජීවිතයක්. ඒ වගේම තමයි ගෙදර ජීවිතයත් හරිම සුන්දරයි. සුන්දර පාසල් ජීවිතයෙන් පසුව සරසවි වරම් ලැබුවා. ඉතින් ජීවිතය සුන්දරයි. සරසවි අධ්‍යාපනය ලබන අතරෙදි තමයි දෙරණ අවුරුදු කුමරිය තරගයට අයැදුම් කළේ. ඉතින් අද වන විට ඒ සියල්ල අතරේ රඟපෑමටත් වාසනාව ලැබී තිබෙනවා. හරි සතුටුයි ජීවිතය ගැන.”

පොඩ්ඩි චරිත්‍ය ගැන හා ඒ අවස්ථාව ලැබුණා ආකාරයත් මෙහිදී කියලා තිබුණා. “ස්ක්‍රීන් ටෙස්ට් එකට ගියාම රඟපාන්න ලැබේවි කියලා හිතුවේ නැහැ. සහභාගි වෙලා බලන්නයි මට ඕනෑ වුණේ. පාසලේ දී වේදිකා නාට්‍ය එහෙම කරලා තිබුණු නිසා කැමරාව ඉදිරියට යද්දී මට බයක් තිබුණේ නැහැ. තිර පරීක්‍ෂණය හොඳට කළා කියලා මම හිතනවා. පොඩ්ඩි කියන්නේ සාමාන්‍ය විදිහේ ගෑනු ළමයෙක් නෙවෙයි. නටන්න, සටන් කරන්න තියෙනවා. ඉතින් ඒක ලොකු වෙනසක් තියෙන චරිතයක්. ස්ක්‍රීන් ටෙස්ට් එකෙන් මාව තේරීම ගැන හරි සතුටුයි.”

ඩිලුෂිගේ ආදර ජීවිතය කොහොමද කියලා මෙහෙම කියලා තිබුණා. “රැක බලා ගැනීම එක්ක එකිනෙකා කෙරෙහි වූ අවබෝධය එක්ක සතුටින් සිටීමට හැකි නම් එතන තියෙන්නේ ආදරයයි. මං ගැන කතා කළොත් ගෙවී ගිය කාලයේදී  මට ප්‍රේම සම්බන්ධතා තිබුණේ නැහැ කියලා කිව්වොත් ඒක බොරුවක්. ඒ තාම හරි කෙනා හමුවෙලා නැහැ.”

ඩිලුෂිගේ අනෙක් දක්‍ෂතා පිළිබඳවත් කියලා තිබුණා. “පාසලේදී 13 වසරේ සිටිියදී විශිෂ්ටතම ශිෂ්‍යයා වුණා. විවාද තරග වලට ගිහින් ජය ලැබුවා. විවාද කණ්ඩායමේ නායිකාව විදිහට හිටියා. බටහිර සංගීත කණ්ඩායමේ හිටියා. ශිෂ්‍ය නායක වුණා. මේ ඔක්කොටමත් වඩා පාසලේ අනෙක් ළමයි මට බොහෝ ආදරේ කළා. ගුරුවරුන්ගෙන් විතරක් නෙවෙයි ළමයිනුත් ආදරෙ ලැබූ කෙනෙක්. අදටත් මට පාසල ගියොත් ඒ ආදරෙන් ලැබෙනවා.” කියලයි ඇය අවසාන වශයෙන් කියලා තිබුණේ.