latest articles life

හැදිච්චකම තියෙන කෙල්ලෙක් කවදාවත් කරන්නේ නැති දේවල් 5ක්

කෙනෙක්ගෙ පෙනුමෙන්,කතාවෙන් එක වරම නිගමනයකට එන්න බෑ එයා මොන වගේ කෙනෙක්ද කියලා.අපි කොහේ ගියත් විවිධ ආකාරයේ මිනිසුන් අපිට මුණ ගැහෙනවා. ඔය අතරින් ඉතින් කොහේ ගියත් කෙල්ලෙක් නම් තමන් ගේ රෙක ගන්න ඕන කියන එක සමාජේ තියෙන පොදු කතාවක් නේ.ඕනම කෙනෙක් කැමති තැන්පත් ,හැදිච්චකම තියෙන, සමාජයේ හොදින් ජීවත් වෙන කෙල්ලෙක්ට​. ඉතින් ඒ නිසා අද අපි ඔයාලට කියල දෙන්න යන්නේ හැදිච්චකම තියෙන කෙල්ලෙක් කවදාවත් නොකරන දේවල් කිහිපයක් පිලිබදවයි.

1. අනිත් අයගේ දුර්වලතා,අඩු පාඩු  හොයන්න යන්නේ නැහැ.

සමාජයේ ජීවත් වෙන​ කිසිම කෙනෙක් සර්ව සම්පුර්ණ නැහැ. අපි හැමෝම ළඟ අඩු පාඩු දුර්වලතා තියෙනවා. ඒ දේ තේරුම් ගත්ත කෙල්ලෙක් කවදාවත් තවත් කෙනෙක්ගේ දුර්වලතාවයන් විවේචනයකරන්න යන්නේ නැහැ.හෑල්ලු කරන්න යන්නේ නැහැ, උසුළු විසුළු කරන්න යන්නේ නැහැ. ඒක තමන් ගේ අතින් සිදුවෙන ලොකු වැරැද්දක් කියලා එයාලා හැමතිස්සෙම හිතනවා.

2. කේලම් කියන්නේ නැහැ.

තමන්ගේ ළඟින්ම ඉන්න කෙනාගේ දේවල් තවත් අය එක්ක කියනවා. එයාලගේ ප්‍රශ්න තව තැනක ගිහින් කියනවා. එහෙම අයට ලැබෙන්නේ අනිත් අයගේ අප්‍රසාදය විතරයි. හැම දේම හරි විදියට කරන කෙල්ලෙක් ළඟ කවදාවත් ඒ වගේ ගති ලක්ෂණ නැහැ.

Gossip woman telling secret to her happy friend

3.අනිත් අයගෙන් පලි ගන්නේ නැහැ

මේ අය ලග තියෙන්නේ අනිත් අයට සමාව දෙන පුරුද්ද විතරයි. තමන්ගේ පැත්තෙන් හිතලා යාලු මිත්‍රයින්, හිතවතුන් අතින් සිද්ධ වෙන වැරදි, හිත රිදීම් අමතක කරන්න, ඒවාට සමාව දෙන්න පුළුවන් හිත හොඳ කෙල්ලෙක්. ඉතින් හැදිච්ච කෙල්ලෙක් ලග තියෙන තවත් හොද පුරුද්දක් තමයි මේක​

4.කට පරිස්සම් කරගෙන අනිත් අය එක්ක කතා කරනවා.

Three friends amazed watching a smart phone sitting on a couch at home

මේ දේ නම් ඉතින් ගොඩාක් කාන්තා පාර්ශවයන්ට කරන්නම බැරි දෙයක්නේ. නොකිය යුතු දේවල් යාලුවෝ හරි පිට අය එක්ක හරි කියවන්න යනවා. අනිත් අයගේ පෞද්ගලික කාරණා ගැන අනවශ්‍ය විදියට හාරා අවුස්සන්න යනවා. එත් වැදගත් විදියට හැදිච්ච කෙල්ලෙක් කවදාවත් ඒ වගේ වැඩ කරන්නේ නෑ.

5.කවදාවත් ඔලුව උදුම්මාගෙන ඉන්නේ නැහැ.

සමාව දෙන එක වගේම තමන් අතින් වෙන වැරදි වලට සමාව ඉල්ලන එකත් නිහතමානී ගුණයක්. සමාජයේ හොදට හැදිච්ච කෙල්ලෙක් ලග මේ නිහතමානී ගුණය අනිවාර්‍යෙන්ම තියෙනවා.කවදාවත් උඩඟුකමෙන් ඔලුව උදුම්මාගෙන ඉන්නේ නැහැ.